Pages

Monday, November 30, 2015

පොලිස් නිශ්කාශන සහතිකයේ කතාව - Sri Lanka Police Clearence Riport



ශ්‍රී ලංකා පොලෝසියෙන් මට ලබා ගන්න සිදු උනා ඉතාලියට ඉදිරිපත් කිරීම සදහා පොලිස් නිශ්කාශන සහතිකයක් හෙවත් සිංහලෙන් කිවුවොත් පොලිස් ක්ලියරන්ස් රිපෝර්ට් එකක්. ඉස්සර ඉතින් ඕක ගන්න කොලබ දුවන්න උවමනාවක් තිබ්බෙ නෑ නේ ඒක අපූරුවට ගමේ පොලෝසියෙන්ම ලබා ගන්න පුලුවන් කම තිබ්බා,ඒත් ඉතින් මොකාද මන්දා බූරුවෙක්ගේ තීරනයක් නිසා ඒක ගන්නත් කොලබ ගාටන්න වෙලා, මමත් ඉතින් පහු ගිය අගෝස්තු මාසේ ලංකාවට ගිය නිසා ඒක ගන්න අයදුම් කරන්න කොලබ ගියා, උදෙන්ම ගියත් ඉතින් දිග පෝලිමක් එතන බහුතරය පිට රට රස්සා වලට යාමට බලාපොරොත්තුවෙන් පොලිස් වාර්තාව ගන්න ආපු අය.
මම ඉතින් ඒක ඉල්ලූම් කිරීමේ අයදුම්පත අපේ පොලෝසියේ ජාල සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ගෙදරින්ම පුරවන් ගියේ,, උවමනා ලියකියවිලිත් එක්කම.එතන තිබ්බ අයදුම්පතේ උපදෙස් අනූව මම ඒක පුරවලා දැම්මා එතන තව පි‍ටුවක් තිබුනා විවාහකයෙක් නම් පුරවන්න කියලා,,මම ඉතින් තාම සින්ගොල් මනුස්පයා නිසා ඒක අතෑරලා දැම්මා,
ඔන්න මම පෝලිමේ ඉදගෙන ඉන්නවා, ඔතන ඉන්න රාලහාමි කෙනෙක් ඔය අයදුම්පත් පරීක්ශා කරනවා,,මුන්දෑ මගේ එකත් පරීක්ශා කලා.මෙන්න කියාපි මේකෙ කොලයක් අඩුයි කියලා,,පොර මට අයදුම්පතක් දීලා  ඔන්න මේක ආයේ අලුතෙන් පුරවන්න කියාපි, මම අතට අරන් බලනකොට අර මම ගෙදරදි අතෑරපු විවාහකයෙක් නම් පුරවන්න තියන කොලෙයි මුන්දැ මට පුරවන්න කියන්නේ,,මම ඉතින් කිවුවා මම තාම ඒ අමාරුවෙ වැටිලා නෑ කියලා,, ඔන්න මුන්දැ රවලා කියනවා නෑ නෑ ඔය කොලෙත් ඕනා ඒකත් අමුනලා අලුතෙන් පුරවලා ඒ කොලේ යටින් අස්සන දාන්නය කියලා,,මමත් ඔය ආයේ කියවන්න ගියෙ නෑ අර කොලේ මට පුරවන්න මුකුත් නෑ ඒ යටින් අස්සන දාලා දුන්නා.රුපියල් 500ක් එක්ක,රෙජිස්ටර් තැපෑලෙන් ගෙදරට එන්න නිසා රු.40 මුද්දරයක් එක්ක කවරෙකුත් එක්ක.
හා ඉතින් ඕක අයදුම් කරලා සති 2ක් බැලුවා සද්දයක් නෑ,එයාලා නම් කිවුවේ සති 2න් ඒවි කියලා,,කෝ මේක නෑ,මමත් ඉතින් තව සතියක් බලලා කොලබට කෝල් කලා,,මෙන්න එහෙන් කියාපි ඔයාගෙ ගමේ පොලෝසියෙන් උවමනා ලියකියවිලි තාම නෑයි කියලා.
මම ඉතින් පහු වෙනිදම ගියා අපේ ගමේ පොලෝසියට,පලවෙනි දවසෙම හරවලා එවුවා ඒවා කරන රාලහාමි නෑය කියලා,,දෙවෙනි දවසෙ ගිහින් ඉදන් උන්නා මෙන්න වෙන උන්දෙක් මගේ කාරනාව අහලා ඇතුලට එක්කන් ගියා,මුන්දැ කියපි මේවා බාරව ඉන්න රාලහාමි ගොයියා රගර් කීඩකයෙක්ය පොර රගර් ගහන්න ගිහින්ය කියලා.පොර රගර් ගහලා ආවම තමා මේවා ආයේ කරන්න වෙන්නෙ කියලා,,මුන්දෑ හා බලමු ඔයාගෙ කොලබින් ආපු ලියමන තියේද කියලා මේසෙ උඩ හොයන්න ගත්තා,,ඔන්න අස්සක තිබිලා ඒකත් හොයාගෙන,,අර රගර් උන්දගෙ මේසෙ පයිල් එකකට දාලා හා එහෙනම් සතියකින් එන්නකෝ අපි මේක කරලා දෙන්නම් කියලා මාව හරවල එව්වා.සතියක් ගෙවිලා පහු වෙනිදම මට ආයේ ඉතාලි එන දවස,ඔන්න උදෙන්ම මම පොලෝසියෙ,ඔන්න එදත් කියාපි රගර් ගොයියා රගර් ගහන්න කුරුනෑගල ගිහින්ය ආවම තමා මේවා කරන්නෙ කියලා.ඔන්න මාසෙම ගියා අර ගොබිලා රගර් ගහන්න,,මම ඉතින් අපේ නෑයෙක්ට රිසිට් එක දීලා ඉතාලි ආවා.
එයත් කීපවතාවක්ම රස්තියාදු උනා මේ වැඩේට ඒත් නෑ රගර් කතයි අර කතයි මේ කතයි.වැඩේ රබර් වෙනවා.
ඔය අතරේ තමා මට හිතුනේ පොලෝසියේ ලොකු උන්නැහේට ලියමනක් ලියන්න මගේ වැඩේ රබර් වෙන්නෙ මොකෝ කියලා අහලා.ඒකට ලියමනක් ලෑස්ති කරලා රෙජිස්ටර් තැපෑලෙන්ම ලියමනක් දැම්ම,කෝ ලියමනත් සෑහෙන්න රබර් උනා,,ඒකට තමා මම ඉස්සල්ලා බ්ලොග් පෝස්ට් එක ලිවුවේ,,අපේ රටේ තැපෑලේ වේගවත් බව ලියලා.
ඔය අතර කී පාරක් කොලබට කෝල් කලාද,,මගේ යෙහෙලියක්ව දම්මවලා,, මොකෝ මට මෙහෙ ඉදන් ඕවට කෝල් ගන්න වාත වෙන්න වෙලාවයි සල්ලි නාස්තියයි දෙකම නිසා,,අනික ඉතින් කාන්තා කටහඩකට වැඩක් කර ගන්න ලේසි නිසා, මොන ඒ හැම පාරම ඒ කෙලී කිවුවේ එතන ඉන්න එකාලා දංකො‍ටුවෙ පොලෝසියෙන් ලියමන නෑ ඒ අතරේ ඔහොම ඉන්න කියලා වෙන කෝල් ඔය වගේ කතා තමා.
ඔන්න අර ලියමන පහු ගිය මාසේ 30 වෙනිදා වේගවත් දවස් 8 ගමනකින් දංකො‍ටුවේ පොලෝසියට ලගා වෙලා,,පහු වෙනිදා උදෙන්ම පොලෝසියේ ලොකු තැන මට ලංකාවේ ඉදන්ම කෝල් කරපි,මම අර ලියමනේ මගේ පෝන් නම්බරෙත් ලියලා තිබ්බෙ,,මුන්දැ කියපි සමාවෙන්න ඔන්න අපි ඔයාගෙ වැඩේ අදම කරනවා බලන්නකෝ කොලබින් කොලයක් අඩුවෙන් නෙ එවලා තියෙන්නේ ඒක අපි ගෙන්න ගත්තා ආයේ අදම පැක්ස් කලාය කියලා.මමත් ඉතින් පුල් හැපි එකේ මාස 3ට පස්සෙ නේ,,
ලංකාවේ ගෙදරටත් කියලා තිබ්බා ලියමන එයි පොඩ්ඩක් බලන්න කියලා,,මෙන්න බොලේ සතියක් ගියා තාම නෑ,ඔන්න මම අර කෙළීට ආයේ වාත උනා කෝල් කරන්නය කියලා,උන්දෑ ආයේ දවස 2ක්,3ක් උත්සහ කරලා අර කට්ටියගෙන් අහගෙන තිබ්බා ගමේ පොලෝසියෙ ලියමන තාම ආවේ නැය කියලා,කවුරු ඇත්ත කියනවද කවුරු බොරු කියනවද කියලා හිතා ගන්න බෑ,
ඔන්න මම ආයෙත් දංකො‍ටුවට කෝල් කලා,එහෙන් කියාපි අපි  පැක්ස් කලාය,,ඔය මිනිස්සු වැඩක් කරන්නෙ නෑය එතකොට ඔහොම කියලා බේරෙනවය කියලා,,පොර කියපි කමක් නෑ අපි එහෙනම් අදම ආයේ පැක්ස් එකක් යවන්නම් කියලා,,මම ඉතින් ස්තූතී කරලා වැඩේ අමතක කරල දැම්මා තවත් මේක පස්සෙ පන්නලා තේරුමක් නෑ වගේ දැනුනු නිසා..
අතෑරලා දාපු නිසාද කොහෙද අර කෝල් එකෙන් දවස් 10 පස්සේ ඔන්න මගේ පොලිස් නිශ්කාශන සහතිකය ගෙදරටම ආවා මාස 4ට විතර පස්සෙ.

මෙච්චර දියුනු තාක්ශනයක් තියන කාලේ මේ වගේ පොඩි දෙයකට සල්ලිත් අරගෙන කාලේ නාස්ති කරන්නේ මොකටද කියන එක ලොකු ප්‍රශ්නයක්.අපි හිතමු දවසට මිනිස්සු 100ක් ආවා කියලා,රු 500 ගානේ කීයක් එකතු වෙනවද,ඒ කරලත් කාර්යක්ශම සේවයක් ලබා දෙන්න මේ මිනිස්සු උනන්දුවක් නෑ.එක්කෝ ඉස්සර වගේ ගමේ පොලිසියෙන්ම මේක ලබා දෙන්න ඕන අර රු 500 අරගෙනම.
මේ මිනිස්සු අඩුම තරමින් දුරකතන ඇමතුමකට පිලිතුරු දෙන්නවත් සූදානම් නෑ,අනික් එක ඒකට ඇමතුමක් ගන්නවා කියන්නේ ලොතරයියක් සූරලා ජයග්‍රහනය කරනවා වගේ දෙයක්.මෙවැනි සුලු දේවලුත් නූල් බෝලයක් පටලලා වගේ අවුල් කරන දෙපාර්තුමේන්තුවකින් ජනතාවට ඉහල සේවයක් අපිට කවදා ලබා ගන්න හැකි වේවිද?

Sunday, November 22, 2015

ශ්‍රී ලංකා තැපැල් සේවය / Sri Lanka Post




ශ්‍රී ලංකා තැපැල් සේවය ලෝකයේ ඉතා පැරණි තැපැල් සේවයක් ,ආරම්භක ඉතිහාසය 1882 දක්වා දිව යනවා,අද 2015 වෙද්දී ලෝකෙ තැපැල් සේවය ඉතා දියුනු අඩියක තිබෙන්නේ,මම මේ පෝස්ට් එක ලියන්න හිතුවේ අපේ රටේ තැපැල් සේවය පෙනුමෙන් දියුනු වගේ පෙනුනට ඉතා මන්දගාමී තැපැල් සේවයක් බවට පත් වෙලා.
පහු ගිය දවසක මම ඉතාලියේ සිට ශ්‍රීලංකාවට රෙජිස්ටර් තැපෑල යටතේ ලියමනක් තැපැල් කලා,,ලියමනේ ලස්සන කතාවකුත් තියනවා ඒක ඊලග පෝස්ට් එකට ,,ලියමන මම සිටිනා නගරයේ සිට තැපැල් කලේ ඔක්තෝම්බර් 12 වෙනිදා කොටින්ම සවස 7 විතර සවස් යාමයේ වැඩ කරන තැපැල් ස්තානයකින්.මා සිටින්නේ දකුණු ඉතාලියේ නිසා දවස් 2ක් ගත වෙලා ලියමන මිලානෝ නගරයේ ප්‍රධාන අන්තර්ජාතික තැපැල් මධ්යස්ථානෙට ලගා වෙලා තියනවා.ඉන්පසු දවස 8ක් ගතවෙලා එය කොලබ ප්‍රධාන තැපැල් හුවමාරු මධ්යස්තානෙට පැමිනිලා තියනවා.
විහිලුම කතාව දැන් එදාම කොලබින් ලියමන ගමනාන්තය වෙන දංකො‍ටුවටත් පිටත් වෙලා,,ඒත් කොලබ සිට දංකො‍ටුවට මේ ලියමන එන්නෙ 30 සිකුරාදා ඔය කෙටි දුර එන්නත් දවස් 8 ගත වෙලා.
ඉතාලියේ තැපෑලක් අන්තර්ජාලයෙන් අපිට එය ලබන්න අතට පත් වෙනකන්ම පරික්ශා කර බලා ගන්න පුලුවන්කම තියනවා,,එය මට කොලබට ලගා වෙනකන්ම පෙන්නුවා,,ඒ වගේම අපේ රටේ තැපෑල් සේවයට අදාලව අන්තර්ජාල පරීක්ශාවත් බාගෙට පෙන්වනවා නමුත් ලබන්නාට අදාල කොටස නෑ,, ඔන්න පහල අපේ රටේ අන්තර්ජාල පරීක්ශාව මම ඉදිරිපත් කරලා තියනවා,

මෙය මාගේ පලමු අත්දැකීම නෙවේ,මා ඊබේ හරහා සෑහෙන ගණුදෙනු ප්‍රමානයක් කරලා තියනවා,,ඉතාලියට වගේම ලංකාවටත්,,මා ඉතාලිය වෙත ලබා ගන්නා භාන්ඩ උපරිම දවස් 20 ඇතුලත මා වෙතට පැමිනෙනවා.ඒත් ලංකාවට එන්න අඩුම මාසයක්වත් ගත වෙනවා,ඒ වගේම භාන්ඩ නැති වීම්,අතුරුදන්වීම් පවා සිදු වෙලා තියනවා,ඔය නිසාම ඊබේ වලින් අද අපේ රටට භාන්ඩ එවන්නෙ නැති විකුනුම්කරුවෝ බහුලයි.ඔන්න අපේ රටේ තැපෑලේ දියුනුව.
අද තාක්ශනය අනුව වේගවත් සේවයක් දෙන්න පුලුවන් කම තියනවා,,ඒත් ඉතින් අපේ රටේ තැපෑල ඉබි ගමනින් තමා තාමත් දුවන්නේ.

Sunday, October 18, 2015

මගේ චාරිකා - ගිණි කන්දක් වෙත ආයෙත්...

කාලෙකට පස්සේ බ්ලොග් එක මතක් උනා,,කම්මැලිකමත්,ලංකාවට ගිය නිසාත් බ්ලොග් පලාතෙ එන්න විදිහක් නැති උනා.කොහොමත් මේක අමතක කරන්නත් බෑනේ.
    මේ වසරේ ලංකාවට ආපු නිසා වසරේ නිවාඩුව ඔහොම්ම ඒකට,,ඒත් ලංකාවට එන්න ඉස්සල්ලා පොඩි ට්‍රිප් එකක් යාගන්න පුලුවන් උනා.දකුණු ඉතාලිය කියන්නේ යුරෝපයේ ගිණි කදූ කීපයක්ම තියන ප්‍රදේශයක් මම මීට ඉස්සල්ලත් ගිණි කදු ගැන මගෙ බ්ලොග් පෝස්ට් එකේ ලියලා තියනවා,මේ තවත් ගිණිකදු බලන්න ගිය සවාරියක්.
   සිසිලි දූපතට අයිති පුංචි දූපත් සමූහයක් තියනවා දූපත් 7ක් පමන අයෝලියානු දූපත් නමින්, සිසිලි දූපතට ලගම දූපත තමා වුල්කානෝ කියන දූපත මෙය දූපතක් උනාට සක්‍රීය ගිණි කන්දක්,සිසිලි දූපතෙන් මේ දූපත් වලට ගමනාගමනයට මගී නැව් සහ අධිවේගී යාත්‍රා සේවයක් පවත්වාගෙන යනවා,,නැවේ නම් වාහනත් එක්කම යන්න පුලුවන්.මේ දූපත් සමූහය ලෝකෙ එක් සංචාරක පුරවරයක්,,ලෝකෙ ප්‍රසිද්ද මිනිස්සු සෑහෙන පිරිසකගේ නිවාස පවා පිහිටා තියනවා,,ඒ එක්කම  බිල් ගේට්ස් පවා මේ දූපත්වලට එන්න පුරුදු වෙලා ඉන්නවා ඒ තරම්ම ප්‍රසිද්දයි.
   මගේ චාරිකාව උනේ වුල්කානෝ දූපතට,අධිවේගී යාත්‍රාවකින් තමා ගියේ,දූපතේ පිහිටා තිබෙන්නේ කුඩා අවන්හල්,නවාතන් පොලවල් කුලියට දෙන නිවාස තමා,,මම දවසින් ආපු නිසා ගිණි කන්ද නගින්න නම් බැරි උනා,එයට විශේස සපත්තු පවා ඒ අසල කුළියට දෙනවා කදු නගින උපකරනත් සමග,අපි ඉතින් දූපතේ වාහන රෙන්ට් කරන ස්තානෙකින් වාහනයක් අරන් දූපත පුරා ඇවිද්දා,මේ පහල තියෙන්නේ ගිණි කන්ද..
                                                               මේ දූපතේ විශේශ දෙයක් තියනවා කුඩා සල්පර් කන්දක්,සිංහලෙන් කිවුවොත් ගෙන්දගම් කන්දක්,මේක ඇති වෙලා තියෙන්නේ මේ ගිණි කන්ද නිසා,මේ කුඩා ගෙන්දගම් කන්ද පාමුලම තියෙන්නේ කුඩා විලක්,,මඩ පිරෙන,,අර කන්දෙන් ගලන ගෙන්දගම් මේ කුඩා විලට එකතු වෙනවා,ගෙන්දගම් මිශ්වන මඩ නාන්න මේ දූපතට යන සේරම සංචාරකයන් පුරුදු වෙලා ඉන්නවා,,විශේශයෙන් මේ ගෙන්දගම් මිශ්‍ර මඩ ශරීරයේ චර්ම රෝග වලට අස්ථි රෝග වලට ඉතා ගුනදායකයි කියලා කියනවා.

මේ තියෙන්නේ ගෙන්දගම් කන්ද.
                                                                
                     මමත් ඉතින් මඩ නාගන්න බැස්සේ පොඩ්ඩක් හරි සුදු වෙන්න කියලා හිතාගෙන,මේකෙන් මඩ අරගෙනම මඩ හොයන්න පුදුම ගේමක් දෙන්න ඕනා,,පොලව කට්ට වෙන්නම මේකට බහින උන් මඩ සූරලා අරගෙන ඇගේ උලා ගෙන.මමත් සුදු වෙන්න ආපු චැන්ස් එක නේ කියලා හිතාගෙන අස්සකින් මඩ හොයාගෙන මුලු ඇගේම ගාගත්තා.මඩා ගාපු ගමන් සුදු උනා නේන්නම් මරු එකට,ඔය පහල ඉන්නේ මඩ නාලා සුදු උනු මමතුමා.
                                          
මඩ වේලුනාට පස්සෙ එතනම මූදට බහිනවා මිනිස්සු,,මේ හරියේ මූදු වතුර ගොඩක් රශ්නෙයි අර ගිණි කන්ද නිසා,,වතුර බුබුලු නගිනවත් පේන්න තියනවා.මමත් ඉතින් මූදට බැහැලා ආයේ ගොඩට එනකොට ආයෙත් මම උන්නු පාටටම ආවා නේ.සුදු වෙන්න හිතාගෙන බැස්සට වෙච්චි සුදක් නම් නැ,,කොහොමත් ඔය ප්‍රතිකාර කරනවා නම් අඩුම දිනපතා මාසයක්වත් බහින්න ඕනලු. 

මේ මඩ නාගන්න සංචාරකයෝ පහල ඉන්නේ
                                           

                                        

පස්සෙ හොදට මූදෙ නා ගත්තා,,මූදු වෙරලෙ වැලි කලුම කලු පාටයි,කලු පාට මූදු වෙරලක් මේ දූපතට හිමි වෙලා තියෙන්නේ,හොදට මූදෙත් නාගෙන සවස ආයෙත් අපි දූපතෙන් පිටත් උනා,,ලබන වසරේ ආයෙත් යන්න හිතාගෙනම ආවා,,මොකද තවත් ගිණිකදු කීපයක් තියනවා මේ දූපත් 7 තුළම.ලන්කාවට ගිහින් අපේ බ්ලොග් කරුවන් පිරිසක් එක්ක අපේ අස්ල්වැසි රටේ සංචාරයකටත් ගියා නේ ඒකත් ලියන්න ඕනා බ්ලොග් එකේ පාලුව යවන්න....



Sunday, July 12, 2015

පුංචි ආයාචානයක්...


මාගේ හිතවතෙකු විසින් කරන ලද ඉල්ලීමක් අනූව මෙය පෝස්ට් කරන ලදි..කැමති නම් මෙය ශෙයා කරන්න..

Wednesday, June 3, 2015

එක්ස්පෝ 2015 සහ අපේ දේශපාලුවෝ



EXPO 2015 ( Universal Exposition) ලෝකෙ ලොකුම වෙළද ප්‍රදර්ශනය තමා මේ,,මේ වසරේ පැවැත් වෙන්නේ ඉතාලියෝ මිලානෝ නගරයේ,,මැයි පලමු වෙනිදා ආරම්භ උනා මේ වසරේ ඔක්තෝම්බර් 31 වෙනිදා අවසන් වෙනවා.මේ වසරේ රටවල් 145 මේ ප්‍රදර්ශනයට සහභාගි වෙලා තියනවා,හෙක්ටයාර් 200 පමන බිමක් ප්‍රදර්ශය සදහා වෙන් වෙලා තියනවා,,ප්‍රදර්ශනය නැරබීමට මිලියන 20 ජනතාවක් අපේක්ශා කරලා තියනවා. Feeding the Planet, Energy for Life තේමාව යටතේ මේ වසරේ ප්‍රදර්ශනය පැවැත් වෙනවා.කොහොමත් සංචාරක,කර්මාන්ත ප්‍රවර්ධනය පවා මේ යටතෙම සිදු වෙනවා.
ඇත්තටම සියලුම කුඩා රටවල් පවා තමන්ට වෙන් උනු බිම්කඩේ තමන්ගේ රටේ සංස්කෘතිය,වගාකටයුතු,සංචාරක කර්මාන්තය යොදාගෙන ලස්සන ගොඩනැගිලි හදලා තියනවා,,මේ යට තියෙන්නේ එහෙම ඉදිරිපත් උනු ගොඩනැගිලි.


ඉතාලිය (මෙය ඉතාලියට අයත් එක ගොඩනැගිල්ලක් පමණි)                                                

රුසියාව

                                                                       
එක්සත් අරාබි එමීරය

                                                   
චීනය

 තායිලන්තය
 වියට්නාමය

 මැලේසියාව

 ඇන්ගෝලාව
 තමන්ගේ රටේ අභිමානය පෙන්වන්න තමන්ගේ සංස්කෘතිය විදහාපාලා ඉහත වගේ සෑම රටක්ම පාහේ මේ අවස්ථාවෙන් මහගු ප්‍රථිපල ලබා ගන්නවා.එයට හොදම උදාහරනයක් නේපාලය,තමන්ට සිදු උනු දරුණු විපත හමුවේ පවා තමන්ට හැකි අයුරින් ඉතා ලස්සනට තමන්ගේ ප්‍රදර්ශන භූමිය සකස් කරලා,විපතට පත් අය වෙනුවෙන් ආධාර වැඩසටහනක් පවා ක්‍රියාත්මක කරනවා.
 අපේ රටටත් ඉතා ලස්සන ගොඩනැගිල්ලක් ඉතාලි රජයේ මුදලින් ඉදිරිපත් කරලා ඉදිකරලා දුන්නා,,අපේ රටේ දියවන්නාවේ ඉන්න බත් කන හරක්ගේ සහ උන්ගේ පස්ස ලෙව කන නිලධාරීන්ගේ කාර්යක්ශමතාවය සහ තැනට සුදුසු නුවන නිසා,එහෙම හම්බුනු ගොඩනැගිල්ල තමා මේ,,,ඔය එක එක ආටෝප මොකටද අඩු වියදමින් ඉතාලිකාරයෝම අපිට මෙහෙම එකක් හදලා දුන්නා නේ..


මේ ඉතා ලස්සන පකිස් පෙට්ටිය හදා දෙන්න මුල් උනු කතාව මිලානෝ නගරයේ වාසය කරන රවී සොයිසා මහත්මයා ඉදිරිපත් කරපු සටහන එයාගේ අවසරයෙන් මගේ පෝස්ට් එකට යොදා ගන්නවා,,ඔයාලත් කියවලා බලන්න.

 'එක්ස්පෝ' ලොව දැවැන්තම වෙළද ප්‍රදර්ශණයයි .........
2015 වසරේ එය පැවැත්වෙන්නේ ඉතාලියේ 'මිලානෝ' නගරයේය ......
යුරෝපයේ වැඩිම ශ්‍රී ලාංකිකයෝ පිරිසක් රැදී සිටින්නේ ඉතාලියේ නිසා .......
බොහෝ දෙනෙකු බොහෝ බලාපොරොත්තු තබාගෙන සිටියේය ....
ව්‍යාපාර කළමණාකරන විෂයක් විදියට හදාරා ඇති නිසා මට බොහෝ පෙනෙන්නට විය .........
මම මේ මහගු අවස්ථාවෙන් රටට බොහෝ දේ ලබා ගත හැකි බව දැක්කේය .......
සැලසුමක් ඇතුව අවතීර්න වූහොත් 2020 දී 'යුරෝපයේ ශ්‍රී ලාංකික වෙළද කේන්ද්‍රය-මිලානෝ' කර හැකි බව අවබෝද විය .........
'යුරෝපා වෙළද පොල අධ්‍යනය කරන්නට විය' ........
'නැව් නො එන හම්බන්තොට හා 'ජෙනොවා වරාය' එකතු කරන හැටි ...... ගුවන් යානා නො එන මත්තල හා 'ලිනාතේ ගුවන්තොටුපල' එකතු කරන හැටි ...... ඒ දෙකට අනුබද්ධව මධ්‍යස්ථානයක් හදන හැටි ....... එතැන් සිට 'යුරෝපයේ' අනෙක් රටවලට ප්‍රති අපනයන කරන හැටි ........ ඒ සදහා ආයෝජකයින් හොයා ගන්නා හැටි ....... සියල්ල සැලසුම් කලේය ....'
'ඉන් පසු මේ සැලසුම් මිලානෝ නගරයේ ඉන්නා රටට ආදරේ කරනා මිනිසුන් කීප දෙනෙකුට පෙන්නුවේය .......'
'ඔවුන් මහත් ඉහලින් අගේ කොට -මල්ලි වැඩේ පටන් ගන්න අපි සහය දෙනවායි මා දිරි ගැන් විය .......'
ඔවුන්ගේ සහයද ඇතිව අපි 'තානාපති' වරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් සංවිධානය කලේ ....... ඒ සදහා බර පැන දැරුවේද අපමය ......
අපි ඉල්ලා සිටියේ මේ ප්‍රදර්ශණයේ ලංකාවෙන් සම්බන්ද වන අය තානාපති කාර්යාලය හා 'මිලානෝ' නගයේ වෙසෙනා කමිටුවක් හදන ලෙසය .....
''ඒ සදහා තානාපති වරයා දැක්වූ ප්‍රතිචාර ....... ජනතා මුදලින් නඩත්තු වෙන එකෙකු තියා ලක් බිමේ 'පෙකනිය' කැපූ කිසිවෙකුගෙන් බලාපොරොත්තු විය නොහැක'' ..........
අපි ආරාධනා කර තිබුනේ ..... 'තානාපති' වරයෙකුටත් වඩා 'බත් කන හරෙකුටය ........ වඩාත් කේදනීය වූයේ ..... ඔහුගේ නුගත්කමට උද්දච්චකමත් වගකීම් විරහිතකමත් ..... රට ගැන හැගීමක් නොමැති බවත් එක්වී තිබීමය .........
මේ 'එක්ස්පෝ' කථාන්දරයේ රටට වසන් කල කොටසක් තිබේ ...... වෙළද ප්‍රදර්ශණ සදහා ආරාධනා ලැබෙන්නේ රටකටය ....... මේ සදහා අපේ රටටද ආරධනා ලැබුනි ...... එහෙත් ඒ සදහා 'යුරෝ ලක්ෂ 4ක්' එනම් රුපියල් ලක්ෂ 600ක් වියදම් කිරීමට එවක රජය අකමැති විය ..... දුකට කාරනය නම් 'රට' වෙනුවෙන් ලක්ෂ 600ක් වියදම් නොකරන රටේ ඉන්දියාවේ නලු නිලියන්ට සම්මාන දෙන්න ලක්ෂ 1800ක් වියදම් කිරීමය ......
රජය ඉදිරිපත් නොවන නිසා එය පෞද්ගලික ආයතනයකට දුන්නේය ...... එය 'හියු ඉන්ටනැෂනල්' නම් විය ..... එහි හිමි කරු දුලාංජලී ප්‍රේමදාසගේ මාමණ්ඩියයි ...... වෙනත් මාර්ග වලින් මා ඔවුන් හා සම්බන්දකම් ගොඩ නගමින් සිටියේය ......
එහෙත් පෙබරවාරි මාසය වන විට ඔවුන් එය අත හැර දැම්මේ 'රටක්' ලෙස ලොවක් ජයගන්නට තිබූ අවස්තාවක් ලක් මවට අහිමි කරමින්ය ........
එදා 'හරකෙක්' වෙනුවට ....... 'මිනිසෙක්' තානාපති ලෙස ඇවිත් සිටියේ නම් ...... මේ 'එක්ස්පෝ' අභියෝග ජය ගැනීමට අපේ ඉල්ලීම වූ කමිටුව පත් කරනු ඇත ..... එසේ වී නම් මිලානො වෙසෙන දැහිතකාමී මිනිසුන් මේ අභියෝග ජය ගැනීමට උදව් කරනු ඇත .......
අපේ රටට මේ අවස්තාව නොවටිනා උනත් ..... ඉතාලියට ලංකාව වටී ..... ඒ නිසා ඉතාලි රජය ඔවුන්ගේ වියදමින් හැදූ ඉතා කුඩා කුටියක් ලබා දුන්නේය .......
දැන් ඒ සදහා මැති ඇමතීන් එයි ..... තානපති කාර්යාලයේ නිලධාරින්ද එයි ..... තවත් රජයේ නිළධාරින්ද එයි ....... මේ සදහා වියදම් දරන්නේ ඉතාලි රජය නොවේ ...... අපිද දායකවූ යහපාලන රජයයි ..... රජයේ මුදල් යනු ජනතා මුදල්ය ........ ඒ නිසා එහි වෙන්නේ කුමක්දැයි කියා දැන ගැනීමේ අයිතියක් රට වැසි සැමට ඇත ........ එසේම ලාංකිකයින්ගේ සම්පත් ඒක රාශී කොට රට වෙනුවෙන් යොදා ගැනීමද පාලක කාගෙ කාගෙත් වග කීමකි ..... එහෙත් මෙයට දායක වී ඇති අයගේ හැසිරීම් ගුප්තය ......... ඒ ඔවුන් කෙලවා ගෙන ඇති නිසාය ......
දැන් අපිට අවශ්‍යව ඇත්තේ කෙලවුනු තැන සෙවීම නොව ....... නැවත නැගී සිටිමටය ...... ඒ නිසා 'සයිබර්' අවකාශයේ දෑ හිතකමී ඔබේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න .......ඒ මාස 6න් මාසයක් කාදමා ඇතත් තවත් මාස 5ක් ඉතිරිව ඇති නිසා .......
මේ 'රට' 'රට කරවන' උන්ගේ නොව ...... අපගේ බව අපි තේරුම් ගත යුතුය ..... 'රට' කරවන හා කරපු උන් කල හා කරන ජඩකම්, ගොංකම් හා හොරකම් වලට ගෙවන්නේ අපය .......(ස්තූතිය රවී සොයිසා මහතාට)


 මේ වෙද්දී යහපාලන නඩය එක්ස්පෝ බලන්න ඇවිත් බුකියේ සෙල්පි දමමින් සිටී,,ඒත් එකෙක්වත් ඉතාලියෙන් අපිට නොමිලේ දුන්නු පකිස් පෙට්ටිය ඉස්සරහා සිට සෙල්පි නොගනී,අනෙක් රටවල කුටි ඉස්සරහා සිට සෙල්පි දමමින් සිටී,යහපාලකයන්ගෙන්වත් මේ වනතෙක් කිසිම සැලසුමක් පෙනෙන්න නොමැත,උන් සෙල්පි දමන්න විතරක් ජනතා මුදලින් ටුවර් දාගෙන ප්‍රදර්ශනයට පැමිනෙමින් තියනවා,අපිට මේකෙන් ප්‍රයෝජනයක් තියනවද කියලා හිතෙන්නෙ නෑද කොහෙද?ආරම්භක උත්සවයේදී මිලානෝ නගරයේ සිටින අපගේ නැටුම් කණ්ඩායමක් නැටුමක් ඉදිරිපත් කර එයට ඉහල ප්‍රතිචාර ලැබුනා.ඊට අමතරව අපේ රටේ ප්‍රධාන සංචාරක ආයතන කීපයක් මේ කුටියේ සිට ස්ංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් පවත්වාගෙන යනවා,,,එහි යම් මූලිකත්වයක් දමිළ ජාතියෙක් විසින් සිදු කරන්නේ.මේ වගේ අවස්තාවලින් ප්‍රයෝජනයක් නොගන්න මිනිස්සු අපේ රට දියුණු කරාවිද?

Wednesday, May 13, 2015

සාන්ත පියෝ පියතුමා සහ ඇග්‍රි ටුවරිෂම්.....



 පහු ගිය පාස්කු නිවාඩුවට මම පොඩි චාරිකාවක් ගියා,ඒ ඉතාලියේ ජනතාව අතර ප්‍රසිද්ධ සාන්තු වරයෙක් වෙන  පියෝ පියතුමාගේ ගමට එතුමා වාසය කරපු පල්ලිය බලන්න,සිසිලි දූපතේ ඉදන් 650km විතර ඈත ගමනක්,රෑ පිටත් වෙලා උදේ අපි ඒ පල්ලියට ලගා උනා ඉතාලියේ පෙරූජියා දිස්ත්‍රික්කේ පෝජ්ජියා කියන ප්‍රදේශයේ සන් ජොවන්නි රොතොන්දෝ කියන ගමේ තමා මේ පල්ලිය පිහිටලා තියෙන්නේ,,හරිම ලස්සන නිස්කලංක පරිසරයක් මේ පලාතම,, සෑම බිම් අගලක්ම නොයෙක් වගාවන්ගෙන් පිරිලා,ඒ එක්කම විදුලිය නිපදවන සුලං බලාගාරත් කීපයක්ම දකින්න හම්බුනා,බලන්න ලස්සනයි සෑම තැනම මොකක් හරි වගාවකින් පිරිලා තියනකොට,,ඒ එක්කම මේ පල්ලිය නිසාම ලෝකෙ පුරා එන සංචාරකයින් වෙනුවෙන් ඒ පරිසරයට හානියක් නොවෙන ලෙස හෝටල් කර්මාන්තයත් බහුලව දකින්න ලැබුනා,,ඇග්‍රී ‍ටුවරිශම් මම මොකද්ද කියලා දැක්කේ මේ ප්‍රදේශයෙදී,පල්ලියට එන සෙනග නිසා මේවට හොද තත්වයක් තියනවා,,කෑම බීම හැමදේම ඒ ගොවිපලේම නිපදවෙලා ඒවා සංචාරකයින්ට විදින්න ලැබීම ලස්සනටම සිදු වෙනවා.
පියෝ පියතුමා ගැන පොඩි විස්තරයක් කියනවා නම්
                                      මේ ඉන්නේ පියෝ පියතුමා
1887 මැයි මස 25 දා  ඉතාලියේ උතුරු නාපොලි නගරයේ පියෙත්‍රෙල්විනා ගමේදී පියෝ පියතුමා දුප්පත් ගොවි පවුලක  උපත ලබලා තියෙන්නේ. අවුරුදු 16 දි ප්‍රැන්සිස්කන් නිකායට ඇතුලු  වෙලා 1909 දි පූජකවරය ලැබුවා, පූජකවරයෙන් වසරකට පස්සෙ තම දෑත් වල ගැඹුරු වේදනාවක් ඔහුට ඇති වෙලා තියනවා. පස්සේ අත් දෙකේ සහ කකුල් දෙකේ තුවාල ජේසු තුමාව ඇණ ගැසූ ආකාරයට සිදු උනු ශ්‍රී වණ කැලැල් ලෙස පරිවර්තනය වෙලා තිබුනේ.ඒ එක්කම ලේ ගැලීම් ඒ තුවාල වලින්.
ඒ දර්ශනය පරිදි ඒසේම ලේ ගැලීමක් වසර 50 කාලයක් සිදු වෙලා තියනවා
කපුචින් ප්‍රැන්සිස්කන්වරු මෙය අනාවරණය කෙරුවා පස්සෙ මාධ්‍ය තුලින් ලෝකයාට දැනගන්නට ලැබුනා මේ අතර එතුමා ජිවත් වූනු දකුණු ඉතාලියේ ෆොජ්ජියා හී සාන්ත ජොවන්නි  රොතොන්දො නගරයට, එතුමාගේ පුජාව සඳහා දස දහස් ගණන් පැමිනෙන්නට පටන් අරගෙන තියනවා.මේ ගැන වතිකානය පරීක්ෂණ ඇරබුවා ඊට පස්සෙ,
කීප වතාවක්ම එතුමාට වතිකානුවෙන්ම බලපෑම් ආවා,කොටින්ම පූජාවක් තියන එක පවා නවත්තලා තියනවා, ඒත් කල් යත්ම ඒ සිදුවීම සියල්ල වෙනස් වෙලා තියනවා,ඉතාලිය පුරා ගිය මේ සිදුවීම් නිසා ජනතාව දාස් ගනනින් පියෝ පියතුමා වෙත එන්න අරගෙන තියනවා,,පස්සෙ ලෝකෙ පුරා මෙතුමා ජනප්‍රිය උනා.

1968 සැප්තැම්බර් 23 උදෑසන එතුමාගේ අත් පා වල තිබුනු තුවාල සුව වෙලා තියනවා,,ඒත් එදින  එතුමා ස්වර්ගස්ථ උනා.
මෙතුමා මෑත කාලේ ජීවත් උනු කෙනෙක් නිසාම ඉතාලියේ නිර් ආගමිකයින් පවා මෙතුමාට ගරු කරනවා,ඒ එක්කම අදටත් මෙතුමා ලගට ගිය මිනිස්සු තාමත් ජීවත් වෙන නිසාත් එතුමා ඇසුරු කරපු අය සිටින නිසාත් ඒ අයගේ කතා නිසා අදටත් මිනිස්සු ඉතා ගරු කරනවා.
                                      
                                            මේ අලුත් පල්ලිය
මෑත කාලයේ නිර්මානය කරපු පල්ලියත් ඉතා ලස්සනයි, පැරනි පල්ලිය වෙනසක් නොකර අලුතෙන්ම වෙනම පල්ලියක් හදලා තියනවා,,ඒක නම් රෝම සම්ප්‍රදායට හදපු පල්ලියක් නෙමේ,,ඒත් එක්කම මොසයික් ක්‍රමයට සිතුවම් විශාල ප්‍රමානයක් නිර්මානය කරලා තියනවා. මෑත කාලයේ ගොඩ නගපු පල්ලි වල මේ මොසයික් චිත්‍ර ක්‍රමය බහුලව යොදා ගන්නවා
                                     


                                   

          මට මේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය දකිනකොට හිතුනේ අපේ රටෙත් ආගමික පරිසරයට අනුකූලව ඒ කර්මාන්තය කොච්චර දියුනු කරන්න පුලුවන්ද කියලා,,,මේ ප්‍රදේශයේ සමහර හෝටල් වල ආගමික වැඩසටහන් පවා ක්‍රියාත්මක වෙනවා කියලා අහන්න හම්බුනා,අපේ රටටත් පොඩ්ඩක් ආගමික පැත්ත බලලා මේ සංචාරක කර්මාන්තය දියුනු කරන්න ලේසියෙන්ම පුලුවන්,,බලන අයගෙන් බැනුම් අහන්න හරි කෙලින්ම කිවුවොත් බුදු දහම අපිට මේකට යොදන්න පුලුවනි,,දහමට හානියක් නොකර,,තායිලන්තෙ මේ දේ කරනවා කියලා කියන්න දෙයක් නෑ නේ,මේක කිවුවා කියලා ඇනෝලා රෙදි උස්සගෙන නම් එන්න එපා,,ඔන්න මම ගියා...

Monday, April 6, 2015

හිරේ ගියෙමි..



එදා පොලිසියෙන් මගේ ගෙදරට තට්‍ටු කරද්දී පාන්දර 4, පස්සෙ තමා දැන ගත්තේ එදා පාන්දර 4 අපි සෙට් එකේ අනිත් 6 දෙනාවත් පාන්දර 4ට  පොලිසියෙන් අරන් තිබුනෙ කියලා.තවත් ටීම් එකක් එක්ක තිබුනු ගහ ගැනිල්ලක් දුර දිග ගිහින් අපි සෙට් දෙකම ඒ වෙනකොට ඉතාලි පොලිස් පොතේ නම් ගිහින් තිබ්බෙ. සමහර අයගේ නවාතැන් බලපත් පවා පොලිස් භාරයේ තිබුනේ,කොහොම හරි අවසන් පාරට අපේ සෙට් එකේ ලොකු අයියා උගෙ මල්ලි වයිප්ලා එක්ක ගෙදර ඉද්දී අනික් ටීම් එකේ සෙට් එක ගැණු මිනිස්සු ලොකු පිරිවරක් ඇවිත් දරුණු ප්‍රහාරයක් එල්ල කෙරුවා,කොටින්ම අපේ සෙට් එකේ අරුන් දෙන්නගේ ගෑණුන්ට පවා ස්පිරිතාලේ යන්න වැඩ සිද්ද උනා,,ඒ සීන් එකේදී අරුන්ගෙ සෙට් එකේ 3ක් පොලිසියෙන් ඇරෙස්ට් කලා.ඔහොම දවස් කීපයක් යද්දී තමා අපේ ලොක්ක උන්ගෙ මල්ලි එක්ක යද්දී අරුන්ගෙන් එකෙක්ව තනියම පාරෙදි සෙට් වෙලා තියෙන්නේ, මේ යක්කු දෙන්නා අරූව බලෙන් කාර් එකට ඔබාගෙන්,ඕක දැකපු පාරෙ ඉතාලි පොරක් පොලිසියට කියලා කාර් එකේ නම්බරෙත් එක්කම,මගෙත් අවාසනාවට එදා සවස ලොක්කගෙ ගෙදර ගියා එතකොට අරූව පු‍ටුවක තියලා සෙලෝටේප් ගහලා හොද පාඩමක් උගන්නන්න කියලා,,මොනා කරන්නද මම ගිහින් විනාඩි 5ක් ගියෙ නෑ පොලිසියෙන් පැන්නා,,එදා අපි සෙට් එකම දවස් කීපයක් පොලිසියෙ ඉදලා තමා ආයෙ ගෙදර ඇවිල්ලා උන්නෙ,පස්සෙ දවස් කීපයකට පස්සෙ තමා අර විදිහට පාන්දර සෙට් එකවම ඇරෙස්ට් කලේ,අපේ සිටි එකේ 5ක් එක්ක අනික් එකා උන්නේ මිලාන් නගරෙයේ මෙහෙන් පෑනලා ගිහින්,,මම ඊට ඉස්සරින්දා රෑ ඌට කෝල් කලා,,ඒක පොලිසියෙන් නෝට් කරලා අරූ ඉන්න ගෙදරටම ගිහින් අපිව ගත්තු වෙලාවටම අරූවත් අරගෙන තිබුනා,
 ඒ වෙද්දී අනික් සෙට් එකේ උන් අපිට කේස් වැටෙන්න බොරු පැමිනිලි ලෝඩ් එකක් දාලා තිබ්බෙ,සමහර ඒවා බොරු කියලා පොලිසියටම දැන ගන්න පුලුවන් උනේ සමහර පැමිනිලි වල දින වල අපි පොලිසියෙ උන්නු නිසා.ඒත් අරූව පැහැර ගත්තු කේස් එකට අපිව ඉක්මනින්ම අවුරුදු 2ට හිරේ යන්න තීන්දු උනා,,තවත් නඩුවක් ඉතුරු උනා.
තට්‍ටු දෙකක් උනු ඒ බිල්ඩිමේ පහල තට්‍ටුවට අපි සෙට් එකවම වැ‍ටුනා,කාමර 45ක් තිබුනු ඒ තට්‍ටුවේ එක කාමරේකට හිරකාරයෝ දෙන්නයි,මාව අපේ ලොක්කා එක්කයි වැ‍ටුනේ,අනික් උනුත් අපිට අල්ලපු කාමරවලටම වැ‍ටුනෙ,ඒත් දවස් 5යි මම අපේ උන් එක්ක උන්නේ,නොයෙක් මත ගැ‍ටුම් නිසා මම තීරනේ කලා උඩ තට්‍ටුවට මාරුවක් ගන්න.

ඔය මාරුවක් ඉල්ලලා ඒ බිල්ඩිම බාරව ඉන්න ජේලර්ට ඉල්ලීමක් ඉදිරිපත් කරාම පොර උඩ තට්‍ටුවේ කාමරේක ඉඩක් ආපු ගමන් මට මාරුව හදලා දුන්නා,එදා ඉදන් මම උන්නෙ උඩ තට්‍ටුවේ මගේ කාමර සගයා ඉතාලි කොලුවෙක්,ඌ හරි හොද එකා,,මට හිර ගෙදර තියන නීති එතකොට හිරකාරයෝ අතරේ තිබ්බ නීති අපි කොහොමද සිටිය යුත්තේ කියන ඒවා විස්තර කරලා දුන්නේ ඔය කොලුවා.
උදේ 8 වෙද්දී අපි පිරිසිදු වෙලා කෑමට ලැස්ති වෙන්න ඕනා,උදේ 9 වෙනකන් නිදා ගැනීම තහනම්, නිදි නම් ඒ යම් කිසි අසනීපයක් නම් විතරයි ඒත් අස්නීපයක් නම් හැමදාම උදේ 8.30 එන දොස්තරට ලෙඩේ කියන්න ඕනා, හිර ගෙදර අපිට පොයින්ට් හම්බෙන කාඩ් එකක් තියනවා 9 වෙනකන් නිදියලා අහු උනොත් ලකුනු කැපෙනවා, උදේ කිරි,තේ කෝපි හම්බෙනවා කාමරේටම ඒවා එනවා ට්‍රොලියක,ඒ වගේම තමා දවල් ‍රෑ කෑමත් කාමරේටම එනවා,ඒවා පිලියෙල කරන්නෙත් හිරකාරයොමයි.
ඉතාලි හිරේ කෑම ගැන කියනවා නම් කෑම අජූතයි,තනිකර වතුර,කිසි රසක් නැති, උදේට සමහර දවසට කිරිත් එහෙමයි, ඒත් මෙහ මරු ක්‍රමයක් තියනවා,අපි හිර ගෙදරට එද්දී අපිට සල්ලි එකවුන්ට් එකක් හැදෙනවා,ඒකට අපේ ගෙවල් වල අයට සල්ලි පුරවන්න පුලුවන්,ඒ සල්ලි වලින් දිනපතා එන ට්‍රොලි කඩෙන් ඕනම දෙයක් සල්ලි වලට ගන්න පුලුවන් කෑම බීම වර්ග,,හැබැයි එලියෙ තියන මිලට වඩා ඩබල් මිලක් සේරම දේවල්,හිර ගෙදර කෑම චාටර් කරලා,කෑම සල්ලි වලට විකුනන සිස්ටම් එකක් එතන තියෙන්නේ,සවස අපි අපට හෙට ඕනා කෑම බීම වර්ග ලියන කොලේ මාක් කලාම හෙට ට්‍රොලිය එනවා ඒ බඩුත් එක්ක,,අපේ බඩු චෙක් කරලා අරගෙන,ට්‍රොලියේ සේවකයට දැනුම් දෙන්න ඕනා බඩු හරි කියලා අඩු නම් ඒත් දැනුම් දෙන්න ඕනා,,පස්සෙ අපේ සල්ලි අකවුන්ට් එකෙන් සල්ලි කැපෙනවා.අනෙක් අයත් සමග කෑම බීම බෙදා හදාගෙන කෑමත් කරනවා,,ආ කියන්න අමතක උනා අර කැම්ප් ලිප් අර ට්‍රොලියෙන් සල්ලි වලට ගන්න පුලුවන් කෑම උයා ගන්න.

අපිට දවසට දෙපාරක් එලියට යන්න දෙනවා බිල්ඩිම ලග තියන පොඩි පිට්ටනියට පැය භාගයක් විතර,ඒක අපේ තට්‍ටුවේ අයට විතරයි,අනෙක් තට්‍ටුවෙ අයට වෙන වෙලාවක්,ඒ යන වෙලාවට විතරයි මට අපේ අනික් අය එක්ක කතා කරන්න හම්බුනේ,
උදේ කැමෙන් පස්සෙ අපි අනිවා අපේ කාමරේ සුද්ද කරන්න ඕනා,, ඒක හිරකාරයන් අතර තියන නීතියක්,ඒක චෙක් කරන්න හිරකාරයෙක්ම උන්නා,,ඉතා පිරිසිදුව සුද්ද කරන්නම ඕනා,,සුද්ද නොකලොත් අර අපේ පොයින්ට් කාඩ් එකේ ලකුනු කැපෙනවා,කාමරේට පොඩි කොමඩ් එකක් මූන හෝද ගන්න පහසුකම තියනවා,නා ගන්න නම් නාන හෝල් එක වෙනම තියනවා තට්‍ටුවට එක ගානෙ,ඕනා වෙලාවක නාගන්න,රෙදි හෝද ගන්න පුලුවනි,කොහොමත් අපේ තට්‍ටුවේ අපිට කාමරෙන් එලියට යන්න ඇවිදින්න පුලුවන්,තට්ටුවේ කොරිඩෝව දිගේ.
මේ හැම තට්‍ටුවකටම හිරකාරයො අතරේ නායකයෙක් ඉන්නවා මෙතන කොහොමත් මිනිමරුවන් වගේ දරුනු අපරාදකාරයෝ,මාපියාකාරයෝ එහෙම නෑ ඒ අයට වෙනම කාමර තියෙන්නේ,නෝමල් වැරදිකාරයො තමා අපේ බිල්ඩිමේම දඩුවම් වින්දෙ,තට්‍ටුවේ නායකයා තට්‍ටුවේම සමගිය පිලිවෙල හසුරවනවා,,කාත් එක්ක හරි ගහ ගත්තොත් ඒක හිර ගෙදර ජේලර්ලට පැමිනිලිකරන්න තහනම්,නායකයට පැමිනිලි කරලා කේස් එක විසද ගන්නවා,,සමහර වෙලාවට මිනිහම තමා ගහ ගන්න ඒවා නවාත්තන්නේ,

මම කොහොමත් පාඩුවේ උන්නේ මහ එපා කරපු උන් හිටියා අපේ තට්‍ටුවේ,,අපි විදේශිකයෝ නිසා එක එක කරදර කරපු උනුත් හිටියා ඒත් ඒ හිරේට ආපු මුල් මාසෙ විතරයි,මම සේරමන්ටම උදේ රෑ සුභ පතලා අඩු කතා බහෙන් සේප් එකේ උන්නා,කීප වතාවක්ම මට තට්‍ටුවේ කාමර කීපෙකටම මාරු වෙන්න උනා,,ඒ තට්‍ටුවේ එකෙක් එක්ක හිතවත් උනාම, උගේ කාමරේ එකා නිදහස් වෙලා ගිහාම ඌ මට කතා කරනවා උගේ කාමරේට එන්නයි කියලා,,මම ඉතින් සුහදකම නිසා එහෙම අනික් කාමර වලට ගියා කීප වතාවක්ම.
ඉතාලි හිර ගෙදර දඩුවම් කාලය අවුරුද්දක් නම් ඒකෙන් මාස 3ක් අඩු වෙනවා එතකොට අවුරුද්දට මාස 9 දඩුවම් විදින්නෙ,,අර පොයින්ට් කාඩ් එක චාටර් නම් ඒ මාස 3 අඩුව හම්බෙන්නෙ නෑ තවත් මාස වැඩි වෙනවා මිසක්,උදේ සවස දොස්තර එනවා,ඉරිදටා ක‍තෝලික පාදර් කෙනෙක් එනවා,ඉරිදට නම් දවල් කෑම වේල පොඩ්ඩක් හොදට එනවා,දවස ගානෙ විනාඩි 10ක් ගෙදරට කතා කරන්න පහසුමක් තියනවා ඒකට නම් පොඩි අයකිරීමක් උනේ,අර අපේ සල්ලි අකවුන්ට් එකෙන් සල්ලි කැපුනා,අවුරුදු 2ට හිරේ ගියාට මාස 18න් අපිට නිදහස හම්බුනා,පොයින්ට් කැපුනු නැති නිසා,අනෙක් නඩුවට ගේන්න ඊට ඉස්සරින්දා දැනුම් දෙනවා උදේට ලැස්ති වෙලා ඉන්න කියලා උසාවි යන්න,
ඔහොම තමා ඉතාලි හිරගෙදර දවස් ගෙවුනේ,උදේ වෙනවා රෑ වෙනවා,දවසට පැයක් ඉර එළිය දකින්න හම්බෙනවා,කොහොමත් හිරකාරයන්ගේ පහසුකම් ඉතා ඉහලයි,ඒත් ඉතින් හිරකාරයන්ගෙන්ම හොද ආදායමක් ගන්නවා ඇති,බිල්ඩිමේ තට්‍ටුවේ අතර විතරයි සබදකම් පහල තට්‍ටුව සමග කිසි සබදකමක් නැ,,කවුරු හරි කෙනෙක් නිදහස් වෙලා යනවා නම් තට්‍ටුවේ සියලු දෙනා ‍රැස් වෙලා කෑ ගහලා සුභ පතනවා,එදා මගේ අවසන් දිනයදා මටත් ඒ වගේම ඉහල සුභ පැතුම් හම්බුනා.





-පහු ගිය දවසක මට හම්බුනු පුද්ගලයෙක්ගේ කතාවයි.අප පිට රටකට එන්නේ යම් දෙයක් හම්බු කරගෙන යන්න මිසක් එක එකා සමග ගහ මරාගෙන හිරේ යන්න නොවන බව මේ මිනිස්සුන්ට තේරෙනකොට කාලෙ ගිහින් ඉවරයි,ඉස්සර ඉතාලියේ පොඩි වරදක් කරලා අසු උනොත් පි‍ටුවහල් ක්‍රමයක් තිබුනේ ඒත් අද පවතින රටේ ආර්ථික ගැටලු නිසා පි‍ටුවහල් කිරීම නැවතිලා,මේ පුද්ගලයා සමග මම කල කතාවෙන් මට තේරුනේ මිනිහා දැන් නම් හැදිලා කියලා,නරක මිතුරන් ඇසුර නිසා වසර 2ට ආසන්න කාලයක් අපරාදෙ නාස්ති කර ගත්තා,මිනිහා ඉස්සර හොදට ‍රැකියාව කරන් හිටි එකෙක්,,ඒත් නරක ඇසුර බීමත්කම,චන්ඩිකම ප්‍රදර්ශනය කරන්න ගිහින් හොද දඩුවමක් වින්දා,තවත් නඩුවක් ඉතුරු වෙලා තියනවා,ඒක නම් අහක යාවිලු,,මොකද අනෙක් කන්ඩායමේ උන් උසාවි එන්නෙ නෑලු,සාක්කි එකෙන් එක පරස්පර සාක්ශි ලු,ඒ එක්කම ඒ කස්ටියටත් ඉහත දඩුවම් විදි කණ්ඩායමේ කාන්තාවන්ට රෝහල් ගත වෙන්න පහර දීමේ නඩුව ඉවර වෙන්න ලග වගේම ඒකෙන් කීප දෙනෙක්ටත් ඉහත පුද්ගලයා වගේම හිර දඩුවම් විදින්න වේවි කියලයි මා සමග කතා කල පුද්ගලයා කිවුවේ.
ඉතාලියේ තියන නිදහසෙන් මේ විදේශිකයින් අයුතු ප්‍රයෝජන ගන්නවා කියලයි මට හිතෙන්නේ,ඒත් ඉතින් හිරකාරයන්ගේ බොහෝ වියදම් හිරකාරයින්ගෙන්ම කවර කිරීමකුත් වෙනවා,,ඒක හොද දෙයක්,මැත කාලෙක ඉදන් නම් මා සිටින නගරයේ මේ ගූ කේස් අඩු උනා,,මේ සෙට් එක හිරේ ගිය නිසාඅ, දැන් අනෙක් උනුත් දඩුවම් විදින්නම ඕනා,,එතකොට අනෙක් උනුත් හැදේවි.-