Pages

Thursday, December 25, 2014

සුභ නත්තලක් වේවා!!!


ලැබුවා වූ නත්තල සියලු ලෝකවාසීන්ටත්,අපේ රටටත්,මගේ බ්ලොගට එන සියලු දෙනාටත් සාමයෙන් සතුටින් පිරි සුභ නත්තලක් වේවා!!!

Saturday, December 13, 2014

සෙක්සි ජනාධිපතිතුමියක් වත් ආවා නම්....









                                                    ඒ පැත්තෙන් මේ පැත්‍තට..
                                      මේ පැත්තෙන් ඒ පැත්තට..
                                      මාරු වෙවි එහෙට මෙහෙට..
                                      ඉන්නවාට වඩා හොදනේ...
                                      මේ වගෙ කෙනෙක්..

                                      ආවානම් රට කරන්න...
                                      ඔක්කොමල්ලා එක පැත්තක..
                                      ඉදිවි යස අපුරුවට....


 16 වන ඉතාලි ඇමති මණ්ඩලයේ ලස්සනම කාන්තාව තමා මේ,මරිය එලේනා බොස්කි මෙනවිය වයස 33, ඉතා දක්ශ නීතිවේදිනියක්,ඉහත ලස්සන පොටෝවේ ඉන්නෙ ඇය, මුල් පොටෝව තමා එතුමිය පාර්ලිමේන්තු කටයුතු ඇමතිනිය ලෙස ඉතාලි ජනාධිපති ජෝර්ජෝ නපොලිතානෝ මහතා ඉදිරියේ දිවුරුම් දී අත්සන් කල අවස්ථාව,නපොලිතානෝ මහතා අසල සිටින්නේ ඉතාලි අගමැති මතයෝ රෙන්සි මහතා

Sunday, November 2, 2014

කෙලවල්ලාට කෙලවීම....

අන්තිම පෝස්ට් එකේ මම ශ්‍රී ලංකා අපනයනය ගැන ලියද්දී මාළු අපනයනය සහ ඉදිරි කාලයේදී අපේ රටෙන් යුරෝපා වෙළදපොලට මාළු අපනයනයට තහංචි වැටෙන්න යන බව ලිවුවා. ඒ පෝස්ට් එක කියවපු මගේ හිතවතෙක් මේ ප්‍රශ්නය ගැන යම් තොරතුරු  කීපයක් එක්ක මාව දැනුවත් කලා. මේ පෝස්ට් එක ලියන්න හේතු උනේ ඒ තොරතුරු සහ මගේ තවත් හිතවතෙක්ගෙන් දැනගත් තොරතුරු. මේ දෙදෙනාම මාළු සම්බන්ධ දැනුවත් දෙදෙනෙක්.
කෙලවල්ලා

අපේ රටෙන් යුරෝපා වෙළදපොලට පැමිනෙන ප්‍රධාන මාළු වර්ග කීපයක් ඉන්නවා කෙලවල්ලා, සප්පරු ඊට අමතරව කොරල් පර මාලු විදිහට ගරුප, ගල් කොස්සා, ලවයා ඒ අතරිනුත් කෙලවල්ලා තමා බහුතරවම අපනයනය වෙන්නෙ,මේ බහුතර කෙලවල්ලා මාළු අපනයනය. යුරෝපයට දෙවනියට වැඩිම මාළු සපයීම අපේ රටෙන්, මගේ හිතවත් මීගමු ප්‍රදේශයේ මූදු යන හිතවතෙක් කිවුවෙ ඔවුන් බහුදින යාත්‍රා වලින් කිලෝ1500 ට වඩා කෙලවල්ලන් අල්ලනවා කියලා,ඒ මාලු සියල්ලම අපනයනයට බාර දෙනවා කියලයි ඔහු පැවසුවේ, හිතා ගන්න පුලුවන් නේ එතකොට අපේ රටෙන් පිට වෙන මාළු ප්‍රමානය.
සප්පරු

        අපිට ඇයි මාළු අපනයනයට තහංචි වැටෙන්නේ, ඒ අපේ රටෙන් මේ වෙද්දී සිදු වෙන්නේ නීති විරෝධී ධීවර කර්මාන්තයක්, ප්‍රධාන වශයෙන් ධීවර යාත්‍රාව චන්ද්‍රිකා තාක්ශනය භාවිත කලයුතුයි අපි දන්න විදිහට ජීපීඑස් තාක්ශනය භාවිත කරන්න ඕනා, එම තාක්ශනය ධීවර කර්මාන්තයේ හදුන්වන්නෙ VMS තාක්ශනය කියලා, ඒකෙන් ඒ යාත්‍රාව සාගරයේ කොහෙද තියෙන්නේ කියන එක හොයා ගන්න පුලුවන්, ඊට අමතරව බහුදින යාත්‍රා ලොග් පොතක් භාවිත කරන්න ඕනා, ඒකේ අල්ලන මාලු ගැන සියලුම තොරතුරු ලියන්න ඕනා, එය මාලු අපනයනය එක්ක යැවිය යුතුයි, අපේ අය කරන්නේ බොරු ලොග් පොත් හදා යැවීම, ඔයාලට මතක ඇති සුනාමියෙන් පස්සෙ අපිට ජී එස් පී + බදු සහනය ලැබුනා, එය මාළු අපනයනයටත් අදාල උනා,ඒත් ඒ සහනය අපේ ධීවරයට ලැබුනෙ නෑ, අතර මැදියන්ට මිසක්,  අපේ රටේ බලධාරීන් හිතන් ඉන්නේ යුරෝපා බලධාරීන් මේ දේවල්  නොදන්නවා කියලා ඒත් මේ දේවල් සියල්ල ඔවුන් නිරීක්ශනය කරනවා.
       ඉහත කියපු දේට අමතරව ඉතාමත් කැත වැඩකුත් සිදු වෙනවා අපේ දේශපාලුවෝ කියන නරකාදී පිරිසත් එකතු වෙලා, ඒ ශ්‍රී ලංකා කොඩිය යටතේ රහසින් චීන, ජපන් විශාල නැව් අපේ රටේ සහ ජාත්යන්තර මුහුදේ නීති විරෝධී විදිහට මාළු අල්ලා ලංකාවට ගෙනවිත් මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමය යටතේ යුරෝපයට මාළු යැවීම, මේ යාත්‍රා වලට ධීවර අමාත්යංශෙන් අවසරය දීලා පුරාජේරු ගහනවා අපේ රටට විශාල විදේශ විනිමයක් එනවා කියලා,, ඒත් වෙන්නෙ ඒකේ අනික් පැත්ත, තක්කඩි දේශපාලකයන්ගේ සාක්කුවට ගාන නම් වැටෙනවා, මේ කැත වැඩ පටන් ගත්තු එකා නම් ඒවා කාලා ඇදේ තාමත් පව් ගෙවන බවත් ඔයාලා දන්නවා ඇති, දැන් එකා තමා මේ සෙල්ලම් දාන්නේ ඌටත් ගෙවන්න වේවි මේ රටට කරන දේවල් වලට, තව කවුරු කවුරු ඉන්නවද දන්නෙ නෑ මේ අස්සෙන්.
මේ විශාල යාත්‍රා වලින් මාළු ඇල්ලීම සිදු කරන්නේ ලෝකයේ තහනම් මාළු ඇල්ලීමක් වෙන පර්ස් නෙට් පන්නය කියන ක්‍රමය, සිංහලෙන් හැබිලි දැල කියන්නේ මේකට,,ඒකෙන් පලාතකම ඉන්න මාළු පැටියගේ ඉදන් විශාල එකා දක්වා හැම එකාම අහු වෙනවා.
       මෙතන වෙන අනික් දේ තමා,,මේ නැව් විසින් අපේ රටේ අපනයන කරුවන්ට අඩු මිලට මාළු සැපයීම,,ඒ නිසා අපේ රටේ කුඩා යාත්‍රා කරුවන්ගේ මාළුන්ට දෙවන තැන හම්බෙන්නේ.අනෙක් දේ තමා යම් තහනම් මාළු වර්ගත් මේ නැව් වලින් අල්ලනවා,,ඒ අතර කෙන්දා කියන කෙලවල්ලන් වර්ගයත් ඉන්නවා,ඇස් ගෙඩි කෙලවල්ලා යන නමින් හදුන්වන්නෙත් මේ කෙන්දව,මේ කෙන්ද ලෝකෙන් වදවීමේ තර්ජනයට ලක් උනු මාළුවෙක් එවැනි මාලු අපනයනයෙදි කෙන්දට අදාල විස්තරයක් අඩංගු පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න ඕනා,,ඒක හදුන්වන්නේ අයි කැට් නමින්,දැනට සප්පරුවා සදහා මේ ලියවිල්ල අපනයනයෙදි ඉදිරිපත් කරනවා නමුත් කෙන්දා අපනයනය සිදු වන්නේ කෙලවල්ලා විදිහට ඉතින් අර ලියවිල්ල යැවෙන්නෙ නෑ.
                                      
කෙන්දා

    දැන් මේ දේවල් යුරෝපයට ලීක් වෙලා තියෙන්නේ,ඉතින් යුරෝපෙන් 2012 දී අපිට මේ වැරදි හදා ගන්න ඕනා කියලා යෙලෝ කාඩ් දෙනවා,,අපේ රටෙන් ඒවා සතේකට ගනන් ගත්තෙ නෑ,,දැන් රෙඩ් කාඩ් ඇවිල්ලා තියෙන්නේ මාස 3ක් කල් දීලා.ඉදිරිය මොනා වේවිද කියලා හිතා ගන්න පුලුවන් නේ.යුරෝපා සංගමෙන් බලාපොරොත්තු වන්නේ අපේ රටට අයිති සාගර කලාපයේ අපේ රටේ යාත්‍රා වලින් නීත්යානුකූලව අල්ලන මාළු මිලදී ගන්න,ඒත් මේ වෙනකොට චීන්නු අපේ රටේ මාළුත් සූරන් කනවා.
        පහු ගිය දවස්වල අපේ රට කන දේශපාලුවෝ ලොකු කතා නම් කියනවා ඔයාලට ඇහෙන්න ඇති අපේ මාළු ගන්න රුසියාව,චීනෙ ඉන්නවා කියලා,ඇත්ත යම් මාකට් එකක් එහෙත් තියනවා,නමුත් ඒ රටවල් සමග අපේ අපනයනකරුවෝ බිස්නස් කරන්න බයයි,මොකද උන් පල් හොරු නිසා,බොරුකාරයන් නිසා,යුරෝපා වෙළදපොල වගේ ස්තීර නැති නිසා.
             අපේ රටේ දේශපාලකයෝ බලධාරීන් මේ ප්‍රශ්නය ගනන් අරන් ඉන්නෙ ඉතා සැහැල්ලු මට්ටමකින්,නමුත් යුරෝපා සංගමේට තියෙන්නේ උත්තර දෙකයි Yes හෝ No ඒ මැද උත්තර නෑ,ආන්ඩුව හිතන් ඉන්නේ අතරමැද උත්තරයක්,එහෙම නැත්නම් ලංකා මාළු අපනයන සංගමෙන් මේ ප්‍රශ්නෙ ගොඩ දාගත්තොත් ඕං අපි ඒකත් ගොඩ දැම්මා කියලා ඒ අකවුන්ට් එක දේශපාලකයන්ගේ පැත්තට දාගන්න. මොකද මේ වෙනකොටත් අපනයන සංගමෙන් යුරෝපේ දහ අතේ දුවනවා මේ ප්‍රශ්නෙ විසදන්න හෝ වැරදි හදා ගන්න තව කල් ගන්න.
    අපේ රට යුරෝපේ දෙවනියට ලොකුම මාළු අපනයන කරුවා උනේ පොඩි කාලෙකින් නෙමේ,ඒත් පොඩි කාලෙකින් ඒ කීර්තිය අපේ රටේ දේශපාලකයෝ නැති කලා.මම ඉස්සල්ලා පෝස්ට් එකේ කියන්න ඇති මම මේඩ් ඉන් ශ්‍රී ලංකා යටතේ මොන තරම් ටූනා මාලු නොහොත් කෙලවල්ලන් ඉතාලියෙ කුඩා අවන්හල් වල්දී දැක්කද කියලා, මා වැඩ කරපු තැන්වලට ආවෙම අපේ රටේ කෙලවල්ලා,ඒ ඉතා රසවත් වගේම ප්‍රමිතියට ඒ මාළුන් සිටි නිසා,නමුත් මේ යන විදිහට ඉදිරියෙදි අපේ කෙලවල්ලට කුමක් වේවිද?අනෙක් දේ මේ සෑම දේකින්ම තැලෙන්නේ අහින්සක ධීවරයින් මිස වෙන කවුරුත් නෙමේ.මේ ධීවරයින්ට තාක්ශනය සපයන එක ලොකු දෙයක් නෙමේ,ඒවා සපයා ඔවුන්ට හුරු කල යුතුයි.
එහෙනම් බලමු ඉදිරි  මාස 3න් පසු කුමක් සිදු වේද කියා..

Sunday, October 26, 2014

Made In Sri Lanka කොහෙද දැන්

   2002 මම මුලින්ම ඉතාලියට පය තබාපු වසර,,මාසයක් පමන මම ඉතාලියෙ ‍රැදී උන්නා,මේ මාසෙදී මම කීප වතාවක්ම ඇදුම් කඩවල ඇවිද්දා, ඇදුම් මිලදී ගන්න, ඒ කාලෙදී මම මේ කඩවල දැක්ක විශේෂ දෙයක් තමා මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමය දැරූ ඇදුම් පැලදුම්. රෙදි පිළි කඩ 10කට ගියොත් මේ කඩ අඩුම 6කවත් මට මේඩ් ඉන් ශ්‍රී ලංකා ලාංජනය දැක ගන්න පුලුවන් උනා.මේ 2014 අවුරුදු 12කට පස්සෙ ඒ මම දැකපු මේඩ් ඉන් ශ්‍රී ලංකා ලාංජනය විසි වෙලා එතෙන්ට මේඩ් ඉන් බංග්ලාදේශ්,මේඩ් ඉන් වියට්නාම් නම් ආදේශ වෙලා. අපේ නාමයට මොනා වෙලාද කියලා දන්නෙ නෑ.පහු ගිය කාලේ මම අපේ නාමය දැක්කේ එකම කඩේක ඒ මොකද්ද වාසනාවකට තාමත් අපේ රටෙන් තමන්ගේ ඇගලුම් කර්මාන්ත ශාලා ජාලය ගලවාගෙන වෙනත් රටකට අරන් ගියේ නැති calzadonia වෙලද නාමය යටතේ ලෝකෙ පුරා රටවල විකිනෙන කාන්තා පිරිමි යට ඇදුම්. ඇත්තටම මට වැටහෙන විදිහට අද අපේ රටෙන් යුරෝපයට අපනයනය වෙන ඇගලුම් ප්‍රමානය ඉතා පහල අඩියකට බැහැලා වගේ.කොහෙද වරද කියලා මට තේරෙන්නෙ නෑ.
   දැන් මම යන්නේ යුරෝපය තුල ජීවත් වෙන ලාංකිකයින් වෙතට.ඇත්තටම අද අපි මොන රටකට ගියත් අපි කෑම බීම ගන්නෙ අපේ ක්‍රමේට,,අපි ඒ රටේ තියන කෑම බීම ගන්නෙ ඉතා අඩුවෙන්.මේ අපේ කෑම බීම අපේ රටවලින් යුරෝපයට අපනයනය වෙන්න පටන් ගත්තෙ 2000 වසරෙන් පස්සෙ වගේ,,ඒකට ලාංකිකකයන් යුරෝපය බලා සංක්‍රමනය වීම වැඩි වීමත් යුරෝපා සංගමය යූරෝ මුදල් ඒකකයට මාරු වෙලා ආනයන නීති ලිහිල් වීමත් නොයෙක් බදු සහන අපේ රට වලට හිමි වීමත් බලපෑවා. ඉතින් මේ මුල් කාලවල අපේ රටේ තියන සෑම කෑම බීමක්ම මේ රටවල ආවා අමුවෙන්,ටින් ආහාර විදිහට,ශීතකල ආහාර විදිහට වගේ නොයෙක් ක්‍රම වලින්,මේ කෑම නිශ්පාදනයට ටින් කිරීමට වගේ දේට අපේ රටේ අලුතෙන් කර්මාන්ත ශාලා බිහි උනා නොයෙක් වෙළද නාමයන් යටතේ. ඒත් මේ මෑත කාලෙක ඉදන් අපෙන් ආපු නිශ්පාදන අඩු වෙලා ඒ නිශ්පාදන වලටම අපේ සිංහල අකුරු නැති වෙලා වෙනත් භාශා ඇවිල්ලා, එතනත් මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමය හැලිලා මේඩ් ඉන් තායිලන්ඩ්,මේඩ් ඉන් ඉන්දියා,මේඩ් ඉන් බංග්ලාදේශ්,මේඩ් ඉන් පිලිප්පීන් වගේ නම් ඇවිල්ලා,අනෙක් වෙනස තමා තාමත් ඉතුරු උනු අපේ සමහර නිශ්පාදන වල මිල අර රට වලින් එන නිශ්පාදන වලට වඩා මිල වැඩි වීම,තායිලන්ත පොලොස් ටින් එක අපේ පොලොස් ටින් එක ලගින්වත් යන්නෙ නෑ,,රස අතින් ගත්තත් අපි ඉදිරියෙන්,ඒත් අපි පොලොස් ටින් එකේ මිල අතින් ඉදිරියට ගිහින්,,අර රාක්ක වල අපේ පොලොස් ටින් ඉතුරු වෙනවා කියලා අපේ රටවලට අදාල ආහාර කඩ කරන අපේම කඩ හිමියෝ කියන්නෙ. කොටින්ම අපේ රටින් ආපු හාල් අද එන්නෙම නැති තරම්,,එතෙන්ට බංග්ලාදේශ්,ඉන්දියන් හාල් ආදේශ වෙලා.මට දැන ගන්න ලැබුනු විදිහට මේ මිල වැඩි වීමට එකම හේතුව අපේ රටෙන් මේ ආහාර අපනයනයට අය කරන බදු මුදල අනෙක් රටවලට වඩා ඉතා ඉහල අගයක් ගැනීම.

සිලෝන් ටී දැන් කොහෙද,අද සිලෝන් ටී ඉතාලි සුපර් මාකට් වල නැත්තටම නැති වෙලා,,ඒකට අප්‍රිකානු රටවල තේ ඒ හිඩස පුරෝනවා,,කාලයක් ලිප්ටන් නාමය යටතේ තිබුනු අපේ බිමේ වැවුනු තේ අද කෙන්යානු බිමේ වැවෙන තේ ඒ ඉඩ අරගෙන.තේ වෙලදාමත් අඩියෙමද කොහෙද,
     ඉන්දියන් සාගරෙයේ ටූනා මාළුවා හෙවත් කෙලවල්ලා ඉතාලි රෙස්‍ටුවරන්ට් වල ඉහලම තැනක් අරගෙන තිබුනේ,,මේඩ් ඉන් ශ්‍රී ලංකා නාමය යටතේ 2008 මා ‍රැකියාව කරපු රෙස්‍ටුවරන්ට් එකක සතියකට කිලෝ 50 ආවා, අපේ කෙලවල්ලට ඒ තරම් ඉහල ස්තානයක් යුරෝපා කෑම මේසෙ තියෙන්නේ,ඔයාලා පහු ගිය ටිකේ අහන්න ඇති යුරෝපයට දෙවනියට මාලු සපයන්නා වෙච්චි අපිට යුරෝපා සංගමෙන් රතු ලයිට් දාපු එක,ඒ කියන්නේ තව මාස 3න් අපි යුරෝපා සංගම් නීති වලට පිටින් මාළු සම්බන්ධ දේ කලොත් එයාලා අපෙන් මාළු ගැනීම නවත්තනවා,ඊට පස්සෙ මේඩ් ඉන් ශ්‍රී ලංකා කෙලවල්ලට අබ සරනයි...
අපේ රටවල කාලකන්නි දේශපාලකයන්ගේ ඉහල නිලධාරීන්ගේ බූරු තීරන,මුදල් ගසා කෑමේ යටි කූට්‍ටු වැඩ,තුප්පහි අපනයන කරුවන්ගේ ජරා වැඩ නිසා,,අපේ රට වලට සිදු වන මේ හානිය ඉතා අධිකයි.තව කාලයක් මෙහෙම ගියොත් යුරෝපයට සිදු වන මේඩ් ඉන් ශ්‍රී ලංකා අපනයන සදහටම නැතුව යාවි.ශ්‍රී ලංකා ආර්ථිකයට සිදු වන මේ හානිය කොච්චරක්ද කියලා මේ රට කන දේශපාලුවන්ට කවදා වැටහේවිද කියලා කවුද දන්නෙ...

Wednesday, October 1, 2014

ගරු අර්නස්ට් පෝරුතොට පියනම

අපි පෘතුගීසින්ගෙන් පැවත එන කතෝලිකයෝ නොවෙයි සිංහල කතෝලිකයෝ (අර්නස්ට් පෝරුතොට පියනම)

 
මම ඉතා ගරු කරන කතෝලික පියතුමෙක් තමා අර්නස්ට් පෝරුතොට පියතුමා,මෙතුමා ලාංකීය සිනමාවට කරලා තියන සේවයත් අති විශේසයි.එතුමා පුවත් පතකට කරපු සාකච්ජාවක් මට අහම්බෙන් අන්තර්ජාලෙදි කියවන්න ලැබුනා,,එය මගේ බ්ලොග් එක හරහා ඔබත් එක්ක බෙදා ගන්න හිතුවා,,ගරු අර්න්සට් පෝරුතොට පියතුමාට දීර්ඝායුෂ.....




ඔබ වහන්සේගේ සම්පූර්ණ නම?
 

පෝරුතොටගේ රේමන්ඩ් අර්නස්ට් ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු.

උපන්නෙ?

1931 අගෝස්තු 31.

කොහෙද?

මාරවිල. තාත්තාගේ ගම බොරලැස්ස. නමුත් අපි ජීවත්වුණේ මාරවිල. ඒක ධීවර ගමක්. අපි ඉස්සර පල්ලියේ පූජාවට ගියේ ගෙවල් දොරවල් ඇරලා දාලා. එහෙම ගියයි කියලා ගෙදර තිබුණු පොල් ගෙඩි ටික නැති වුණෙත් නැහැ. කුකුළන් නැති වුණෙත් නැහැ.

ඔබ වහන්සේගේ පියා කවුද?

පී. ජේ. ප්‍රනාන්දු, ඒ කියන්නේ පෝරුතොටගේ ජෝකිනු ප්‍රනාන්දු. වෘත්තියෙන් ගුරුවරයෙක්. මග්ගොන ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්යවරයකු වශයෙන් කටයුතු කළා. ඒ වගේම ඔහු ලේඛකයෙක්.

මව?

මේරි මාග්‍රට් පීරිස්. අම්මගේ ගම සීදුව.

පවුලේ කී දෙනා ද?

පහයි. මම තමයි වැඩිමලා. ඊළඟට ස්ටෙලා, මර්ලින්, ක්‍රිස්ටබල් සහෝදරියෝ තිදෙනා. අර්ල් එකම මල්ලි.

ඔබ වහන්සේ ඉගෙන ගත්තෙ?

හුඟ දෙනෙක් අහනවා මොන කොලේජ් එකේ ද ඉගෙන ගත්තෙ කියලා. ඉතිං මම බොහෝම ආඩම්බරයෙන් කියනවා මම ගියේ ගමේ ඉස්කෝලෙට කියලා. මාරවිල රෝමානු කතෝලික පිරිමි පාසල. මට මතකයි තාත්තා එක අතකින් ‘දිනමිණ’ පත්තරේ කියව කියව, අනෙක් අතින් මාව අල්ලගෙන ඉස්කෝලෙට එක්ක ගියා. තාත්තා තමයි මුල් ගුරුතුමා. තාත්තා පන්ති භාර ගුරුවරයගේ අතට වේවැල දාලා කිව්වා, වරදක් කළොත් මූට හොඳට තළන්න ඕනැ කියල. ඊට පස්සෙ මම ගමේම තිබුණු ෆ්‍රැන්සිස් ක්ෂේවියර් ඉංග්‍රිසි පාසලට ගියා. ජෝ ක්වින්ටස් පෙරේරා පියතුමා හිටියේ එතැන. බොහෝම උගත් ස්වාමි කෙනෙක්. ජූසේ වාස් පියතුමා ගැන ඉතාලි බසින් පොතක් ලිව්වෙ එතුමා. ඒක තමයි බලපෑවේ ජුසේ වාස් පියතුමා භාග්‍යවරයකු ලෙස ඔසවා තබන්න. පාප් වහන්සේ ලංකාවට ඇවිල්ලා උත්සවය පවත්වපු වෙලාවේ කුවින්ටස් ස්වාමිට ආරාධනාවක්වත් නැහැ. ඒ අපේ සභාවේ හැටි.

පියා ලේඛකයෙක් කිව්වනේ. මොනව ද ඔහු ලියපු පොත්?

‘කායික විද්‍යාව’, ‘සද්ධර්ම රත්නාවලි දීපිකා’, ‘සිංහල මෝස්තර නිර්මාණ’, ‘ඉගැන්වීමේ මූලධර්ම හා ක්‍රම’ යනාදි වශයෙන් පොත් ගණනාවක් ලියා තිබෙනවා. ඒ වගේම තාත්තා දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. මට මතකයි තාත්තා ගෙදර සිමෙන්ති පොළොවේ ලස්සනට හංස පූට්ටුව ඇඳලා තිබුණු ආකාරය.

මග්ගොන ඉද්දි තාත්තා එහි පාලක පියතුමා (මැසොං පියතුමා) එක්ක පොඩි ගෝරියක් දාගෙන තියෙනවා. මං හිතන්නේ පොත් ප්‍රකාශනය සම්බන්ධ සිද්ධියක් මත. ඒකට කරපු දඬුවමක් විදියට තමයි තාත්තව මාරවිල ඉස්කෝලෙට මාරු කළේ. තාත්තත් ආඩම්බරයි. මැසොං පියතුමත් ආඩම්බරයි. තාත්තා මාරුව හදාගන්න ගියෙත් නැහැ. උන්වහන්සේ මාරුව හදලා දුන්නෙත් නැහැ.

ඇයි ඔබ වහන්සේට පූජකවරයෙක් වෙන්න හිතුණේ?

එක වචනයකින් කිව්වොත් ‘සේවය’ සඳහා. ගිහියෙක් වෙලා හිටියනම් මං මේ කරපු දේවල් එකක්වත් මට කරන්න ලැබෙන්නේ නැහැ. නමුත් එකම දේ මේ කළ දේත් ප්‍රමාණවත් නැහැ කියන හැඟීමයි අද මට තියෙන්නේ.

පූජකවරයකු සමඟ ගැටුමක් ඇතිකර ගත් ඔබේ පියා ඔබ පූජකවරයෙකු වෙනවට කැමැති වුණා ද?

තාත්තා එකපාරටම ඇහැව්වේ “තෝත් ඒ හොර හැත්තට එකතු වෙන්න ද හදන්නෙ” කියලයි. ඒ කාලේ ගෙදර උයන කෑමවලින් කොටසක් පල්ලියට දෙන සිරිතක් තිබුණා. තාත්තා ගෙදර ආවම මුලින්ම අහන්නේ “යක්කුන්ට දොළ පිදේනිය දුන්න ද” කියලයි. ඒ තරමටම තාත්තා පූජකවරුන් එක්ක තරහෙන් හිටියේ. තාත්තා ඉරිදට පල්ලි යනවා. ඒත් ඇතුළට ගන්නේ නැහැ. පල්ලිය වත්ත එළියේ ගේට්ටුව ළඟ ඉඳන් සත්ප්‍රසාදය වැඩම කරන එක පේන තැනකට වෙලා පූජාව අහනවා. තාත්තට විශ්වාසයක් තිබුණේ නැහැ, මාව ස්වාමි කෙනෙක් වෙන්න භාර ගනියි කියලා. මොකද, ඒ වෙනකොට තාත්තාත් එක්ක දබර වුණු මැසොං පියතුමා තමයි කොළඹ රදගුරු.

ඉතිං ඇත්තටම එහිදි ප්‍රශ්නයක් ඇතිවුණේ නැද්ද?

මම මාරවිල පල්ලියේ ස්වාමිගෙන් ලියුමකුත් අරගෙන බිෂොප් පැලස් එකට ගියා. හේරත් පියතුමා තමයි අගරදගුරු ලේකම්. උන්වහන්සේ ලියුම කියවලා කිව්වා “මේක හරියට ආච්චිගේ වානේ කෑල්ල හංගගෙන පිහිය තළලා දුන්නා වගෙ වැඩක්. වැඩේ නොකෙරෙන්නයි ලියුම ලියලා දීලා තියෙන්නෙ” කියලා. එහෙම කියලා ලියුම විසි කරලා දැම්මා.

ඊට පස්සෙ බිෂොප් මැසොං ගාවට මාව යැව්වා. උන්වහන්සේ මගෙන් ඇහැව්වා, බජිරි කන්න පුළුවන් ද කියලා. මොකද ඒ කාලේ යුද්ධ කාලේ. ඊට පස්සේ ‘උඹ කාගේ කවුද කියලා’ ඇහැව්වා. මම කිව්වා ‘මම පී. ජේ. ප්‍රනාන්දු ඉස්කෝලේ මහත්තයගේ පුතා’ කියලා. එතකොටම වගේ උන්වහන්සේ කිව්වා ‘ආ එහෙනම් මූ හොඳ එකෙක් වෙන්න ඕනැ’ කියලා. මොකද මොන ප්‍රශ්න තිබුණත් උන්වහන්සේ තාත්තට ගරු කළා.

කොහෙද පූජකවරයෙක් වීම සඳහා ඉගෙන ගත්තෙ?

මුලින්ම බොරැල්ල ශාන්ත ඇලෝෂියස් දෙව් සත්හල (1944 - 1950) ඒකට කියන්නේ පුංචි සේමනේරිය කියලා. ඊළඟට ශාන්ත බර්නාදු දෙව් සත්හල (1950 - 1955) ඒක මහ සෙමනේරිය. අවසානයට අම්පිටිය ජාතික දෙව් සත්හල (1955 - 1957). ඔස්වල්ඩ් ගෝමිස්, අබා කොස්තා, ඔස්කා අබේරත්න, ටියුඩර් වනිගසේකර, බෙනඩික්ට් ජයතිලක වගේ පූජකවරු එදා මාත් එක්ක එකට ඉගෙන ගත් අය. රැලෙක්ස් රණසිංහත් සෙමනේරියේ හිටියා. ඒත් ෆාදර් කෙනෙක් වෙන්න බැහැ කියලා එයා ගියා.

ඔබ වහන්සේ පූජාත්වරය ලැබුවේ?

1957 පෙබරවාරි 02.

මොන මොන මීසම්වල ද ඔබ වහන්සේ වැඩ කරලා තියෙන්නෙ?

දෙහියගාත, කැලණිය, කළුතර කලමුල්ල, කෝට්ටේ, වත්තල, දෙහිවල, කඩවත කිරිමැටියාගාර යන මීසම්වල වැඩ කළා. ඒ වගේම එක එක ටයිටල් දරලා තියෙනවා. ඒ පංපෝරි වැඩක් නැහැනේ. ඒවා වෙන අය ලියපුවාවේ. හැබැයි එක තනතුරක් ගැන මට බොහෝම සතුටින් කතා කරන්න පුළුවන්. ඒ ජාතික කතෝලික සිනමා පර්ෂදයේ (OCIC) අධ්‍යක්ෂ ධුරය (1972 - 1982)

මං හිතන්නේ ඔබතුමා වඩාත් ප්‍රකට සිනමාව හා සම්බන්ධයෙනුයි.

ඔව්. සිනමාවත් එක්ක මගේ ලොකු බැඳීමක් තිබුණා. මං ‘ඥානාර්ථ ප්‍රදීපය’ පත්තරේට සිනමා විචාරත් ලිව්වා. සිනමාව ගැන පොතුත් ලිව්වා. ‘චිත්‍රපට ගැන’, ‘චිත්‍රපට වාර්ෂිකය’ පොත් පෙළ ඊට උදාහරණ. එකල අපිට පුළුවන් වුණා සිංහල සිනමාව වෙනුවෙන් තීරණාත්මක වැඩ කොටසක් කරන්න.

කතෝලිකයන්ට සංස්කෘතියක් නැහැ කියලනේ සමහරු කියන්නෙ?

අපි තුප්පහි කියලා කියන එවුන්ට වැඩිය සිංහලකමක් පුංචි කාලේ ඉඳන්ම මගේ තියෙනවා. අපි රෝමානු කතෝලිකයෝ නෙමෙයි සිංහල කතෝලිකයෝ. අපි පෘතුගිසියෙන් කතෝලික සමය වැලඳ ගත් අය නෙමෙයි. අපි අනුරාධපුරේ කුරුස පරම්පරාවෙන් එන කතෝලිකයෝ. අනුරාධපුර යුගයෙන් සොයා ගත් කුරුසිය අපේ අතීත උරුමයේ ලාංඡනයයි. හයවැනි සියවසේදී මෙරට කිතුනු දෙව් මැඳුරක් තිබු බව ද සීගිරි යුගයේදී මෙරට කිතුනුවන් සිටි බව ද කියැවෙනවා.

පෘතුගිසි, ලන්දේසි හා ඉංග්‍රිසිකාරයෝ මේ රටට ඇවිත් කරපු බලුකම්වලට අපිත් විරුද්ධයි. අපිව පාලනය කරන්න ඔවුන්ට තියා රෝමයටවත් බැහැ. රටක සංස්කෘතියක් පිරිහෙන්නේ එහි අනන්‍යතාවයේ හා පෞරුෂත්වයේ ප්‍රබල - දුබලකම් උඩ. අපේ සංස්කෘතිය පිරිහෙන්න පටන්ගත්තේ ඉංග්‍රිසි, හින්දු, මුස්ලිම් බාහිර බලපෑම නිසා නොව අපේ අනන්‍යතාව හා පෞරුෂය කුමක් ද කියා හඳුනා නොගෙන ඔළුව කෙළින් තියාගෙන හමායන සුළංවලට ගසා නොයන සේ කකුල් මහ පොළොවේ තියාගෙන ඉන්න බැරිකම නිසයි. අද අපි දේශීය වෙලා තිබෙනවා. අපි ලතින්වලින් තිබුණු යාච්ඤා ඒ වගේම ගීතිකා දැන් සිංහලෙන් කියනවා. ඒ කාලේ පල්ලියේ පූජාවල් තිබුණේ ලතින් භාෂාවෙන්. පූජාවට උදව් වුණු මම සිංහලෙන් ලියා ගත් ලතින් වචන කටපාඩම් කරගත් ආකාරය අදත් මතකයි.

පල්ලියට මුලින්ම ගොක්කොළ, මඟුල් බෙර ගෙනාවේ ඔබ වහන්සේ බව කියැවෙනවා.

ඔව් ඒක සිද්ධ වුණේ 1967 දී මීගමු බෝලවලාන පල්ලියේ පවත්වපු විවාහ මංගල්‍ය උත්සවයක් වෙනුවෙන්. මා එයට බෙරයත් ගොක්කොළත් එක්කළා. මේවට සමහර සිංහල ස්වාමිලා විරුද්ධ වුණා. මං ඒ විරුද්ධත්වය තඹේකට ගණන් ගත්තේ නැහැ. නමුත් ඒ කාලේ හිටපු ෆිලික්ස් මෙවෙල් කියන ප්‍රංශ ස්වාමි මේකට මට අවසර දුන්නා.

අපවත්වී වදාළ මාපලගම විපුලසාර හාමුදුරුවෝ ඔබ වහන්සේගේ සමීප මිතුරකුව සිටියා?

අපොයි ඔව්. උන්වහන්සේ 1955 දි ජාතික කලා පෙරමුණ කියලා කලා සංවිධානයක් ගොඩනඟා ගත්තා. මාරවිල කේ. ඩී. එල්. ඊ. පෙරේරා නම්වූ චිත්‍ර ශිල්පියා ලවා පල්ලියට, නත්තල් කාඩ්වලට දේශීය චිත්‍ර ශෛලියක් හඳුන්වා දීමෙහිලා උන්වහන්සේ පිටිපස්සෙන් හිටියා. 1972 දී 6 වැනි පාවුළු පාප් වහන්සේ ලංකාවට ආපු වෙලාවේ සියලු සැරසිලි කටයුතු භාරව සිටියේ විපුලසාර හාමුදුරුවෝ. මං කෝට්ටේ ඉද්දි පල්ලියේ පූජාවට උදව් කරපු ළමයෙක් දැන් හාමුදුරු කෙනෙක්. ඒක එයාගේ කැමැත්ත. අදටත් එනවා මාව බලන්න.

සමහරුන් කතෝලික ආක්‍රමණයක් ගැනත් චෝදනා නංවනවා. විශේෂයෙන් කතෝලික පාසල් හරහා සිදුවන.

මේ ඉන්න කතෝලිකයෝ ටික අපිට හොඳටම ඇති. එක බෞද්ධයෙක්වත් කතෝලිකාගමට හරවගන්න අපිට වුවමනා නැහැ. කතෝලික සභාවෙන් කැඩුණු බයිබල් සමාගම් 600 ක් විතර ලෝකයේ තියෙනවා. ඒ අය නඩත්තු වෙන්නේ ඇමෙරිකාවෙන්. ඔවුන් කරන වැරදිවලට අපි පළි නැහැ. ඔවුන්ට පහරදෙන කොට අපිටත් වඳිනවා. මොකද ඔක්කොමල්ලා අනුගමනය කරන්නේ ක්‍රිස්තුන් වහන්සේ නිසා.

ක්‍රිස්තුන් වහන්සේගේ චරිතය ගැන ඔබතුමා මොකද හිතන්නෙ?

ක්‍රිස්තුන් වහන්සේ විප්ලවවාදියෙක්. පැවතුණු සමාජ, දේශපාලන ක්‍රමයට හා ආගමික සංස්ථාවන්ට එරෙහිව කැරලි ගැසු විප්ලවවාදියෙක්. උන්වහන්සේට ඕනැ කළේ පව්කාරයන්ට ගල් නොගසන සමාජයක් බිහි කරන්න.

ක්‍රිස්තු තුමා දඹදිවට වැඩම කළා කියලත් සමහරු කියනව නේද? ඒක ඇත්තක් ද?

එසේ පැමිණි බවට සාක්ෂි තවම හොයාගෙන නැහැ. නමුත් අනුමාන කරන්න පුළුවන්. මතයක් වශයෙන් කෙනකුට එවැන්නක් ඉදිරිපත් කරන්න බැරිකමක් නැහැ.

ඔබ වහන්සේ සකලවිධ වාරණයන්ට විරුද්ධ කෙනෙක් බව අපි අහලා තියෙනවා.

ඔව්. තහනමට විරුද්ධව මා ප්‍රසිද්ධියේම කතා කර තිබෙනවා. ගැලිලියෝ වැනි විද්‍යාඥයන්ට එරෙහිව ගත් වැරදි වාරණ තීන්දු අවුරුදු 450 කට පස්සේ ඉල්ලා අස්කරගන්න ලෝක කතෝලික සභාවට සිද්ධ වුණා. ඒක තමයි යථාර්ථය. තිස්ස බාලසූරිය පියතුමා මරිය තුමි ගැන ලියු පොත තහනම් කරන්න උත්සාහ කළත් අන්තිමෙට වුණේ ඒ තහනම පුස්සක් වීමයි. දේව මෑනියන් පිළිබඳ එතෙක් තිබූ සූකිරි, මී පැණි, මල් පියලි ආකල්පයට ප්‍රබල කුළු පහරක් මේ පොත මඟින් එල්ල කර තිබුණා. මරිය තුමි මැදපෙරදිග, නිදහස් වෙළෙඳ කලාපයේ සේවය කරමින් වෙහෙසෙන කාන්තාවක් බව නිර්භයව කියන්න පුළුවන් ශක්තියක් බාලසූරිය පියතුමාට තිබුණා.

සාමාන්‍ය පිළිගැනීම නම් කතෝලික පූජකවරුන් ප්‍රතිගාමි පිරිසක් ය යන්නයි?

අපිටත් දේශපාලනය වෙනුවෙන් ජීවිතය පූජා කළ මයිකල් රුද්‍රිගු වැනි පූජකවරු හිටියා. නමුත් ඕනැම දේශපාලනයක් කරන්න පූජකත්වය අපිට බාධාවක් නෙමෙයි.

ඔබ වහන්සේ දැන් විශ්‍රාමිකයි.

ඔව්. මං දැන් මොරටුව ලුනාව ශාන්ත පේදුරු - පාවුලු පල්ලියේ විශ්‍රාමික ජීවිතයක් ගත කරනවා. අපිව නඩත්තු කරන්නේ කතෝලික සභාවෙන්. ඒකට වෙනම අරමුදලක් තියෙනවා. නමුත් කනගාටුවට කාරණය සභාව අපිව අතහැර දාලා තියෙනවා, කොන් කරලා දාලා තියෙනවා. අපෙන් කිසිම දෙයක් අහන්නෙත් නැහැ. අපෙන් කිසිම උපදේශයක් ගන්නෙත් නැහැ.

ඔබ වහන්සේගේ දැන් දින චර්යාව කොහොම ද?

මං උදේ පහ හමාරට, හයට විතර නැගිටිනවා. නැගිටලා තනියම තේ එකක් හදාගෙන බොනවා. නිවුස් අහනවා. පත්තර බලනවා. පොත් කියවනවා. දවසට පැය දෙක තුනක් ලියනවා, ආගමික මෙහෙයක් තිබෙනව නං ඒකට සහභාගි වෙනවා.....



කතෝලික සභාව යනු කතෝලික ජනතාව බව අදහන එතුමාගේ අදහස ඒ ජනතාව ගේ හෘද ස්පන්දනය හා සිතුම් පැතුම් අනුව මුලු මහත් කතෝලික සභාවම ක්‍රියාකළ යුතු බවයි. පුංචි කාලේ හිතූ හැටියටම කොළඹ පදවියේ විතරක් නොවෙයි, ලෝකයේම නම රැන්දූ රටට වැඩදායී පූජක ප්‍රසාදිවරයකු බවට පත් වීමේ වරම් ලැබූ අර්නස්ට් පෝරුතොට පියතුමාට එදා උපන්ගමේ පල්ලියෙන් විශාල ලෙස උපහාර ලැබුණා. මුලින් පැවිදි දිවියට අකැමැති වූ ඔහුගේ තාත්තා පසුව තමාගේ උතුම් වූ පුත්‍රයා පිළිබඳ මහත්වූ අභිමානයකින් යුතුව කතා කළා.

සුනිල් මිහිඳුකුල

ඡායාරූප - දුෂ්මන්ත මායාදුන්න

Sunday, September 21, 2014

#‎SLAmuMirisChallenge අමු මිරිස් චැලේන්ජ්...

ඔයාලා සේරම දන්නවා ඇති මේ වෙනකොටත්,බ්ලොග් අවකාශයේ,පේස්බුක් හරහාත් ඉතා කෙටි කාලෙකදී ජනප්‍රිය උනු අමු මිරිස් අභියෝගය.
අමු මිරිස් අභියෝගය ගැන මගේ බ්ලොග් එකෙත් පෝස්ට් එකක් වෙන් කලා,,මෙහි අඩංගු කරුනු කීපයක් අමිල චතුරංගගේ අවසරය ඇතුව ඔහුගේ බ්ලොග් අඩවියෙන් උපුටා ගත්තා..ඇත්තෙන්ම මම මෙම පෝස්ට් එක පලකිරීමේ අරමුන බ්ලොග් අවකාශයට එන ඉතාලියේ පදිංචි ඔබගේ සහයෝගය අමු මිරිස් චැලේන්ජ් එකට ලබා දෙන ලෙස පොඩි ඉල්ල්ලිමක් කරන්න.

 අමු මිරිස් චැලෙන්ජ් එකෙන් වකුගඩු රෝගීන්ට මොකක්ද ඇත්තටම කරන්න යන්නෙ? 


පොලොන්නරුව මහ රෝහලට අවශ්‍ය Reverse Osmosis (RO) ඒකකයක් පරිත්‍යාග කිරීම.ඒ යන්ත්‍රයක මිල රුපියල් ලක්ෂ 30කට අධිකයි. 

දැන් වකුගඩු රෝගීන්ට ඕකෙන් වෙන සෙතේ මොකද්ද?
වකුගඩු වල ආබාධයක් තිබෙන අවස්ථාවෙදි රෝගීන්ගේ ලේ නිසියාකාරව පිරිසිදු වීම සිද්ද වන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවක ඒ කාර්යය බාහිරින් කරන්න යම් යම් යන්ත්‍රෝපකරණ භාවිත වෙනවා. වකුගඩු රෝගය වැළඳුන රෝගින් ඉස්පිරිතාලෙට ඇවිත් සතියට දෙතුන් පාරක් මේ ප්‍රතිකාරය ලබාගන්නවා. ඒ හරහා රෝගීන්ට තවත් කාලයක් මේ ලෝකෙ ජීවත් වීම් වාසනාව ලැබෙනවා.  අමු මිරිස් චැලෙන්ජ් එකෙන්, SL AID අරන් දෙන්න යන මැෂිමෙන් ඒ වගේ සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයකට සතියක් තුල ලේ පිරිසිදු කරගැනීමේ අවස්ථාව ලැබෙනවා. 
පිංකමක් විදියට ගත්තොත් මේක විශාල පිංකමක්. පාර තොටේදි හමුවෙන හිගන්නෙකුට රුපියල් සියක් දීල හිගන්නාගේ ජීවිතය සාර්ථක වෙනවාට වඩා මහත්ඵල මහානිසංස ලැබෙන එකක්.  මොකද අමු මිරිස් චැලෙන්ජ් හරහා අරන් දෙන්නට යන මැසිමෙන් ජීවිතවලට සහනයක් ලබාගන්නෙ එක අයකු දෙන්නෙකු නෙමෙයි..දහස් ගානක් ගොවිජනතාවගේ අසරණ ජීවිත වලට ජීවත් වීමේ අවස්ථාව ලැබෙනවා. 
                                           
                 වකුගඩු රෝගියෙක් මේ යන්තරයක් උපයෝගි කරගෙන ලේ පිරිසිදු කරන අයුරු
 පහල තවත් විස්තර අඩංගු ජායාරූප තියනවා,,ඒ එක්කම මම අමු මිරිස් කාපු හැටිත් තියනවා,,,අමු මිරිස්ම තමා කෑවේ කියලා මට සුවර්,,එහෙනම් ඔයාලටත් ආරාධනා කරනවා අපත් සමග එකතු වන්න කියලා---



Saturday, August 16, 2014

ආගමික උත්සව..

ඊයේ අගෝස්තු 15,ක‍තෝලික ආගමේ හැටියට ඊයෙ දවස ජේසුතුමාගේ මව මරියතුමිය වෙනුවෙන් කැප උනු දවස,මුලු ලෝකෙම මරිය මවුතුමිය වෙනුවෙන් කැප උනු දේවස්ථාන වල උත්සව දවසක්,,ලංකාවෙත් මඩු පල්ලිය ඇතුල මරියතුමිය වෙනුවෙන් කැප උනු ගොඩක් ප්‍රදේශවල තියන දේවාස්ථාන වල උත්සව පැවැත් උනා..
සුපුරුදු විදිහට මා සිටින නගරයෙත් ලක්ශ ගානක ජනතාවකගේ සහභාගිත්වයෙන් උත්සවයක් පැවැත් උනා.මා මේ වගේම මේ උත්සවය ගැන කීප වරක්ම මගේ බ්ලොග් එකෙන් කියලා තියනවා,,වතාවක් මේ උත්සවේ දවසෙම අපි සේරම උත්සවේ ඉද්දි අපේ ගේ ඇතුලු ගෙවල් කීපයකටම හොරු පැනලා සුද්දයක් දුන්නා අපේ අවට,,,පොලිසි ගිහාම ඒ වෙද්දි එන්ට්‍රි පෝලිමක්,,පික්පොකට් කේස් වලට.
 

කෙටියෙන් උත්සවේ ගැන කිවුවොත් මේ ජායාරූපයේ තිබෙන යකඩ වලින් හදපු මේ විශාල උපකරනය මිනිස්සු විශාල පිරිසක් යොදාගෙන කබ වලින් ඇදන් යනවා,අනික් පොටෝ එකේ ඉන්න කලු රජතුමා සහ සිඋදු ‍රැජින,,ඒ දෙන්නා තමා මේ නගරේ අම්මයි තාත්තයි,නගරෙට ආපු ලොකු සාගින්නක් වෙලාවෙ,කලු රජා නැවක් පිරෙන්න කන්න බොන්න ගෙනල්ලා,,ඒකට තෑග්ගක් දෙන්න යද්දි පොර සුදු ගෑනියෙක් ඉල්ලලා,,රජතුමාගෙ දුව කැමති වෙලා කලු රජතුමා විවාහ කර ගන්න,,ඉතින් ඒ දෙන්නාගෙන් තමා මේ නගරේ නිර්මාණය වෙලා තියෙන්නෙ.ඉතින් ඊයෙ උත්සවේ එක්කම ඒ දෙන්නවත් සිහි කරනවා.


වෙන වසර වල වගේ නෙමේ මේ වසරේ මේ උත්සවේ හරිම චාම්,හරිම සරලයි,ඉතා අඩු වියදමින් ඉතා ලස්සන උත්සවයක් පැවැත් උනා.නගර සභාවෙ සල්ලි නැති කම වගේම අලුත් නගරාධිපතිගේ අඩු වියදම් සැලසුම් අනූව උත්සවේ වැඩ ඉවර කලා,,වෙනදා තියන නොයෙක් නොයෙක් ආටෝප මේ වතාවෙ නෑ,,ඒ එක්කම පැයක් තිස්සෙ තිබුන ගිනි කෙළි සංදර්ශනේ විනාඩි 10 ඉවරයි,
මිනිස්සුත් ඉතා කැමති උනා චාම් උත්සවේට,,උත්සවේ පටන් ගන්න ඉස්සල්ල නගරාධිපති කිවුවෙ මින් ඉදිරියට මේ වගේ ආගමික උත්සව වලට මුදල් නාස්ති කරන්න නගර සභාවෙන් මුදල් දෙන්නෙ නෑ කියලා,,දෙන්නත් නෑ කියලා,,මිනිස්සු ඒකට කිසි කෙනෙක් විරුද්ධ උනෙත් නෑ,අනුග්‍රහ මුදල් වලින් උත්සවේ චාම්ව ඉවර කලා.එක අතකින් මේ වගේ උත්සව වලට මුදල් කාබාසිනියා කරන එකත් මෝඩ වැඩක් තමා.අන්තිමෙදි කියන්නෙ නගරාධිපති බුදු දහම අනුව සරල ජීවිතයක් ගෙවන්නෙක්,ඒ එක්කම පොර නගරේ ගොඩ දාන්නත් ඒ සරල කමම යොදාගන්නෙ කියලා ලගදී කියලා තිබුනා,ටිබෙට් ජාතික දලයි ලාමා තුමාව සහ ප්‍රන්සිස් පාප්තුමාව මේ නගරෙට ගෙන්නලා සාමයේ නගරය විදිහට නම් කරන්නයි නගරාධිපතිගෙ සැලසුම,,මොකද එයාගෙ සරල කමට හේතුව අර දෙන්න කියලයි නිරන්තරයෙන්ම නගරාධිපති තුමා කියන්නෙ.ලගදි අපි ගැනත් පොඩි ටෝක් එකක් දුන්නා,,ශ්‍රී ලාංකිකයින්ගේ එකමුතුවට එයා ගොඩක් සතු‍ටු වෙනවා කියලා.

Wednesday, July 16, 2014

ආගමික සහජීවනයද?අනුකම්පාවද? මනුශ්්‍යත්වයද?


සිසිලිය.දකුණු ඉතාලියේ පිහිටා තිබෙන විශාලතම දූපත,ලෝක ඉතිහාසයේ සිදුවීම් විශාල ගනනක ආරම්භය සිදු උනු බිමක්,ඒ එක්කම යුරෝපයේ එක් දොර‍ටුවක්,2 ලෝක යුද්දේ අවස්ථාවේ,මිත්‍ර පාක්ශික හමුදාවන් උනු ඇමරිකන් හමුදාව යුරෝපෙට ඇතුල් උනේ මේ බිමෙන්.ඒ එක්කම අතීතයේ සිටම නොයෙක් නොයෙක් ජාතීන්ගේ ආක්‍රමනවලට නිරන්තරයෙන් මුහුන දුන්නු බිමක්,නොයෙක් නොයෙක් ජාතීන් මේ බිමේ උන්නු නිසාද කොහෙද ජාතීන් මිශ්‍ර වීමෙන් යුරෝපෙ ලස්සනම ගැණු ඉන්න බිමක්.ඒ එක්කම යුරෝපෙ ඉතාම මිත්‍රශීලී, ජාතියක් ආගමක් නොබලා ඉක්මනින් උදව් කරන්න හිත උණු වන මිනිස්සු ඉන්න බිමක්.මේ බිමේ ඉන්න බහුතරය ලොකු සල්ලිකාරයෝ නෙමේ කියන එකත් කියන්න ඕනා.සිසිලිය ගැන පොඩි හැදින්වීමක් කලේ ලිපියේ ආරම්භයක් විදිහට.
මම මීට ඉස්සල්ලාත් ලියලා තියනවා යුරෝපෙට දිගට හරහට බෝට්‍ටු මගින් නොනැවතී එන සරණාගතයෝ ගැන,තාමත් ඉවරයක් නෑ, අප්‍රිකානු කලාපයේ දිගට හරහට සිදු වන යුද්ධ වලට මේක හේතුවක්,බහුතරය සිරියානුවන්. සිරියාව අද නැත්තටම නැති වෙලා ඉවරයි,,යම් කිසි මුදලක් අතේ තියන මිනිස්සු ඒ මුදල දීලා බෝට්‍ටු වලට නගිනවා යුරෝපෙට පැන ගන්න.යුරෝපෙ දොරක් වෙන සිසිලය තමා මේ වෙද්දි මේ ප්‍රශ්නෙට තදටම මුහුන දෙන්නෙ,මොකද ඒ මිනිස්සුන්ව බේර ගන්න තැන ඉදලා මේ ඉතාලි මිනිස්සු පුදුම කට්ටක් කන්නෙ,කොහෙ හරි බෝට්‍ටුවක් පෙරලුනොත් ලෝකෙන්ම බැනුම් අහගෙන ඒ මළසිරුරුත් ගොඩබිමට ගෙනල්ලා කනත්තවල් වල ගරු සරු ඇතිව අවසන් කටයුතුත් සිදු කරනවා.සිසිලියේ ප්‍රධාන නගර සියල්ලේම මේ ක්‍රියා පටිපාටිය තමා යන්නෙ.
පහු ගිය දවසක මා සිටිනා නගරයේ වරායට උදෑසනින්ම ආවේ 200 ගනනකට අධික බේරාගත් සරණාගතයින් පිරිසක් ඉතාලි නාවුක හමුදා නැවක් මගින්, ඒ වෙනකොටත් වරායට තවත් නැව් දෙකක් ඇවිල්ලා තිබුනා ඒ අති සුපෝබභෝගී සංචාරක නැව් දෙකක්.අර සරනාගතයින් බහිනවත් සමගමයි මේ නැව් දෙකේ සංචාරකයින් ගොඩ බැස්සෙත්,, ඇත්තටම මගේ අතේ පෝන් එක තිබුනත් මට හිතුනෙ නෑ ඒ දර්ශන ජායාරූප ගන්න.අර සංචාරකයින්ගෙන් බහුතරය එතන නැවතිලා අර මිනිස්සුන්ට උදව් කරන්න ගත්තා,,තමන්ගේ අතේ තිබුනු වතුර බෝතලේ ඉදන්,ඇදුම් පැලදුම් පවා අර මිනිස්සුන්ට දුන්නා. ඇත්තටම ඒ වෙලවෙත් සරනාගතයින් ගෙනියන්න බස් වගයක් එතනම හිටවලා තිබුනා,,ඒ එක්කම අර සංචාරකයින් ගෙනියන බස් වගයක් ඒ එක්කම තිබුනා. මට එතන වැඩි වෙලාවක් ‍රැදෙන්න බැරි උනු මේ සියල්ල බලා ගන්න.
පහු වෙනිදා මම පත්තරේ දැක්කෙ අර මිනිස්සුන්ට නවාතැන් දෙන්න මේ නගරේ තැනක් ලෑස්ති කරන්න බැරි වෙලා තියනවා,එක අතකින් මේක ඉතාලියේ බංකොලොත් උනු නගර සභාවක් තියන නගරයක්,ඒක නිසාමද කොහෙද අර 200 ගාන ආවත් එක්ක ලොකු ගැටලුවකට මුහුන පෑවෙ නවාතැන් ලැස්ති කරන්න කන්න බොන්න දෙන්න සනීපාරක්ශක කටයුතු ලෑස්ති කරන්න,වෙද හෙද පහසුකම් දෙන්න,,මොකද එතන සැහෙන්න පිරිසක් උන්නා අඩු වයස් ළමයින්,ඒ එක්කම කාන්තාවන්.
මේ අවස්ථාවේ වෙන කරන්න නැති නිසාම නගරේ ක‍තෝලික බිශොප්වරයා මේ ප්‍රශ්නෙ කරට අරන් අර මිනිස්සුන්ව පල්ලි වල නවත්තන්න කටයුතු කරලා තිබුනා,,කෑම බීමත් සෑහෙන කොටසක් පල්ලිවලින්ම,කොහොමත් මේ නගරේ කන්න බොන්න නැති මිනිස්සුන්ට දිනපතා නොමිලේ කෑම ශාලා කීපයක්ම දවල් සවස කෑම මේස ඇරෙනවා, ක‍තෝලික පල්ලි කීපයකම.මේ නිසාමද කොහෙද අර ගැටලු පැය ගානක් ඇතුල විසදිලා තියනවා.
මම පහු වෙනිදා මේ පල්ලියකට ගියා පොඩ්ඩක් ඔලුව දාලා බලන්න,එතකොටත් අර මිනිස්සු පල්ලිය ඇතුලේ,රතු කුරුසෙනුත් එතන උන්නා,වෙනම ඉතාලි ජාතිකයින් පිරිසක් පොඩි උන්ට සෙල්ලම් බඩු,ඇදුම් පැලදුම් බෙදනවා,,ඒ එක්කම ඉතාලි කාන්තාවක් අර කාන්තාවන්ට ඇදුම්,සනීපාරක්ශක උපකරන එහෙම බෙදනවා,මේ මිනිස්සුන්ගෙන් බහුතරය මුස්ලිම් ජාතිකයින්,මම දැකපු ලොකුම දේ තමා කීප දෙනෙක්ම මේ ක‍තෝලික පල්ලිය ඇතුලෙම තමන්ගේ ආගමික කටයුතු කිරීම,,ඒකත් පල්ලියෙ අල්තාරෙ පැත්තට හැරිල.ඒ එක්කම වෙනදා පුරුදු විදිහටම පල්ලියට එන ඉතාලි වයසක උදවිය තමන්ගේ ආගමික කටයුතු.ඊලග දවසෙ පත්තෙරේ දැක්කෙ අර මිනිස්සුන්ව වෙනත් නගරෙක පිහිටා තියන එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනය,කරිටාස් ආයතනය,රතු කුරුසය එකතු වෙලා කරන කදවුරකට ගෙනිච්චා කියලා.
 අපේ අසල්වැසියා ගැන,වෙනත් ජාතියක මිනිස්සු ගැන,වෙනත් ආගමක මිනිස්සු ගැන සැකෙන්,බයෙන් නොබැලුවොත් ප්‍රශ්න ගොඩකට පිලිතුරු හම්බෙ වේවි,,මට මේ සිද්දියෙන් හිතට ආවේ ඒ දේ...

Saturday, May 17, 2014

වාසනාවන්ත මිනිසෙක් ගැන කතාවක්



පහු ගිය දවසක පත්තරේ අපූරු පුවතක් දැක්කා,ලෝකෙ වාසනාවන්තම පුද්ගලයෙක් ගැන තිබුනේ,නම ප්‍රේන් සෙලැක් ක්‍රෝඒශියානු සංගීත ගුරුවරයෙක්,මේ දක්වා දරුනු මරණාසන්න අනතුරු 7ක් සිදු වෙලා ජීවිතේ ගැලවිලා තියනවා,ඒ එක්කම ඩොලර් මිලියනයක ලොත‍රැයියක් දිනලා තියනවා.මිනිස්සුන්ගේ ජීවිතේ පුදුමාකාරයි,මම විශ්වාස කරන්නෙත් මරණය වෙන වෙලාව අපි උපතින් ගේන දෙයක් විදිහට එතකන්ම අපිව මොනා කලත් උඩට වීසා එක වදින්නේ නෑ එහෙන් රිජෙක්ට් කරනවා.වීඩියෝ එකක් හම්බුනා යූ බටේ තිබිලා ප්‍රේන්ගේ කතාව කා‍ටුන් අනුසාරයෙන්,මට මේ කතාව බ්ලොග් එකේ දාන්න කියලා හිතුනා පුවත දැකපු වෙලේම.අයියෝ ඩේටා වෙන්නෙ නැ පොඩ්ඩක් බලන්න වීඩියෝව.

Monday, April 21, 2014

වැඩිම දිවි නසා ගැනීමේ වාර්තාව තාමත් අපටද?


මේ ලිපිය ලංකාවේ සිදු වන සිය දිවි නසා ගැනීම් ගැන නෙමේ,,ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දිවිනසා ගැනීම් ගැන,අද ඉතාලියේ ලාංකිකයින් ලක්ශ 3ක් විතර වාසය කරනවා,කොහොමත් යම් ‍රැකියා ප්‍රශ්නයක් පොදුවේ ඉතාලිය තුල පවතින බව රහසක් නෙමේ,ඒක දැඩිව ඉතාලියේ සිටින සියලුම ජනතාවට දැනෙන ප්‍රශ්නයක් වෙලා.මිනිස්සු දිවිනසා ගන්නත් පෙලබිලා,ඒ අතරින් අපේ ලාංකිකයින්ගේ දිවිනසා ගැනීමේ ප්‍රමානය ඉතා වැඩි වෙලා තියනවා පහු ගිය වසරේ සිටම,අපි ජාතියක් වශයෙන් කොහොමත් පොඩ්ඩ බැරි වෙද්දී දිවිනසා ගන්නම බලන ජාතියක් නිසා මේ රටේදිත් අර පුරුද්දම ඉස්මතු වෙලා.
පහු ගිය වසරේ ඉදලා මා සිටින නගරයේ පමනක් ලාංකිකයින් 8ක්,9ක් ප්‍රමානයක් දිවි නසා ගත්තා,තමන්ගේ නිවස තුලම එල්ලිලා මැරුනු සිද්දි වාර්තා උනේ.ඒ අතරින් බහුතර ප්‍රමානය පිරිමින්,වයස 17ක විතර ගැණු ළමයෙකුත් ඒ අතර ඉන්නවා.
මේ සිදුවීම් වල පසුබිම බලනකොට ඇත්තටම හිනා යනවා,අනෙක් ජාතීන් දිවිනසා ගන්නෙ බහුතරය අධික ආර්ථික ප්‍රශ්න,‍රැකියා ප්‍රශ්න වලින් හට ගත් අරබුද වගේ ඒවට,ඒත් අපේ අය බහුතරය එල්ලිලා තියෙන්නේ ආදර ප්‍රශ්න සහ සැමියා බිරිද පවුල් ප්‍රශ්න වලට,
මේ අතරින් බහුතරය වයස 40-50 අය වැඩි පුර,ඒ අතරින් පහු ගිය වසරේ තරුනයෙක් එල්ලිලා මැරුනේ තමන්ගේ ලංකාවේ සිටින බිරිද වෙන පිරිමියෙක් සමග ගිහින් කියලා.ඒ තරුනයට වයස 30 ආසන්න කෙනෙක්,ඇත්තටම ගැණි වෙන මිනිහෙක් එක්ක ගියා කියලා දිවිනසා ගන්න ඕනද,වෙන ගැණියෙක් හොයා ගන්නවා මිසක්.

අර ගැණු ළමය දිවිනසා ගන්න හේතුව උනේ ආදර සම්බන්දතාවයකදී ගෙදරින් සිදු කරපු විකාර වැඩ වලට,එතනදී ඇත්තටම ඒ ළමයගේ දෙමව්පියන් තරුන දරුවෙක්ගේ ආදර ප්‍රශ්න වලදී බුද්ධිමත්ව හැසිරුනා නම් ඒ දරුවගේ ජීවිතය එසේ නිම නොවෙන්න ඉඩ තිබුනා.
මැදිවයසේ කීප දෙනෙක්ම දිවිනසා ගන්න හේතුව විදිහට උනේ තමන්ගේ බිරිදගේ අනියම් සබදතා,සමහර අවස්තාවලදී වෙන පිරිමින් සමග ඉද්දී අතටම අහු වෙලා ඒවා දරා ගන්න බැරිව දිවිනසා ගත්තු අවස්තා,කොහොමත් මෙහෙට එන බොහෝ මැදිවියේ ජෝඩු මුහුනදෙන ලොකුම ප්‍රශ්නෙ තමා,බිරින්දෑවරුන් ඉතා ඉක්මනින් හැඩ වැඩ වී තරුන වෙලා තරුන කොලුවෙක් සමග සෙට් වීම,,අර සැමියලා ලංකාවෙන් ආපු විදිහටම වැඩ කරගෙන,බයියලා වගේ ඉන්න එක,,ඉතා ඉක්මනින් බිරින්දෑවරුන්ට තමන්ගේ සැමියව එපා වීම,ඒත් ඉතින් මේ සැමියලත් මොකට එල්ලෙනවද මන්දා යන උන්ට යන්න දෙන්නෙ නැතුව.
මේ රටේදී දිවිනසා ගෙන  සිරුරු ලංකාවට යවන්නත් යූරෝ 5000 වගේ ආසන්න මුදලක් වියදම් වෙනවා,ඇත්තටම ඒක ලොකු ප්‍රශ්නයක් එක පැත්තකින්,මොකද සිරුරු ලංකාවට යවන්න සල්ලි හොයන්න ආධාර එකතු කර ගන්නවා,යම් මුදලක් කරිටාස් ආයතනයෙන් දෙනව,ඒත් ලගක ඉදන් කරිටාස් ආයතනයෙන්ම කියලා තියනවා,උබලගේ රටේ මිනිස්සු දිවිනසා ගන්න හැටියට මුදල් දෙන්න විදිහක් නෑ ඒ දෙන මුදල් වලින් කරිටාස් ආයතනයට කන්න නැති මිනිස්සුන්ට සෑහෙන දවසක් කන්න දෙන්න පුලුවන් කියලා.

මේ එල්ලුනු කෙනෙක් එක වතාවක්,එල්ලෙන්න ලියුපු ලියුමත් එක්ක සිරුර යවන්න කියලා යූරෝ 5000 මුදලක් තබලම දිවිනසාගෙන තිබුනා. එක අතකින් මෙහෙම සල්ලි වියදම් කරලා සිරුරු යවන එක මොන මෝඩ වැඩක්ද කියලත් හිතෙනවා,එක්කෝ සිරුරු ආදාහනය කරලා අළු යවන්න ඕනා,
අවසන් වතාවට දිවිනසා ගත්තු පුද්ගලයගේ කතාවත් ගොඩක් අවාසනාවන්තයි,,ලංකාවේ සංචාරක කර්මාන්තයේ යෙදුනු කෙනෙක්,යම් තත්වෙකින් ජීවත් වෙලා තියනවා,ඒත් ණය වෙලා ඉතාලියට ඇවිත් තියනවා,මෙහෙට ආවට පස්සේ හරි හමන් ‍රැකියාවක් සෙට් වෙලත් නෑ,කරපු සුළු ‍රැකියාවෙත් වැ‍ටුප් හරියට ලැබිලා නෑ ,අර ණය ඩබල් වෙලා තියනවා,‍රැකියා ප්‍රශ්නයි,ආර්ථික ප්‍රශ්නයි එක්ක මේ කෙනා ඒ වෙලාව දැඩි පීඩනේකින් ඉදලා තියෙන්නේ,අර ‍රැකියා කරපු ස්ථානෙදිම දිවිනසාගෙන තිබුනා,අවසානෙදී සල්ලි හම්බු කරන්න ඇවිත් සියලුම සේසතම නැති කරගෙන,තමන්ගේ බිරිද දරුවන්වත් අනාථ කරලා ජීවිතයෙනුත් සමු ගත්ත එකයි උනේ.බොහොම අවාසනාවන්ත සිදුවීමක් මේ සිද්ධියත්.
ඇත්තටම කෙනෙක් දිවිනසා ගෙන ප්‍රශ්න ඉවර වෙයි කියලා හිතුවට එයාලා ප්‍රශ්න රාශියක් ඉතුරු කරලයි ජීවිතයෙන් පැනලා යන්නේ.මිනිස්සු තම්න්ගේ ජීව්තේ වටිනාකම තේරුම් අරගෙන මේ වගේ මෝඩ තීරන ගන්න ඉක්මන් වෙන එක කවදා නවතීද,මේ අපේ මිනිස්සුන්ගේ දිවි නසා ගැනීමේ රෙකෝඩ් එක අඩු වේවා කියලා ප්‍රර්ථනයක් එක් කරනවා.

Sunday, April 13, 2014

ශත 25 සහ රුපියල




                             (බස් රේඩියෝ සාමාජිකයෙක් ලෙස බස් රේඩියෝව වෙනුවෙන් මෙය එකතු කර ගත්තා)
මුලින්ම ලැබුවා වු සිංහල හින්දු අලුත් අවුරුද්ද සියලුම දෙනාට වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඒ එක්කම අද මගේ බ්ලොගේ 4 වෙනි උපන් දිනෙත් වෙනවා,,මෙච්චර කාලයක් නිකමට හරි මගේ බ්ලොගට ගොඩ වුනු සියලු දෙනාට ස්තූතීය පුද කරනවා.
මගේ බ්ලොගට ආපු පරන අය දන්නවා ඇති මට තියනවා විනෝදාංශයක් ලෝකෙ මුදල් නෝට්‍ටු එකතු කිරීම,,ඉතින් ඒ එක්කම ලංකාවෙ මුදල් නෝට්‍ටුත් එකතු කරනවා,ඒ අතරින් මම ආසා කරන දෙයක් තමා අපේ රටේ පැරනි මුදල් නෝට්‍ටු එකතු කිරීම,කොටින්ම යම් යම් අවස්තා වල මුදලට මිලද ගැනීම් පවා කරනවා,යම් මුදල් නෝට්‍ටු විකුනන තැනක් ඇස ගැ‍ටුනොත්.
ලගදී මට අහම්බෙන් අන්තර්ජාලෙන් සහ මුදල් නෝට්‍ටු විකුනන්නෙක්ගෙන් ලංකාවෙ පැරනි මුදල් නෝට්‍ටු 3ක් මිලදී ගන්න පුලුවන් උනා,මේ මුදල් නෝට්‍ටු 3 තිබුනේ ඉතාලි ජාතිකයන් සන්තකයේ,යම් සාධාරන මිලකට මේ නෝට්‍ටු මිලදී ගන්න පුලුවන් උනා.ලංකවෙදිවත් මිලදී ගන්න අමාරු වෙන මුදල් නෝට්‍ටු දෙකක් අහු උනා ඒ 1949 නිකුත් කරපු රුපියලේ සහ සත 25 නෝට්‍ටු දෙක.ඉතින් මේ අවුරුදු දවසේ මම මේ මිලදී ගත්තු මුදල් නෝට්‍ටු 3 මගේ බ්ලොගට දාන්න හිතුවා.මේ තියෙන්නෙ ඒවා


                                      (රුපියලේ ඉදිරිපස ඉන්නෙ 6 ජෝර්ජ් උත්තමයා,48 අපිට නිදහස හම්බුනා කිවුවට 49 ජෝර්ජ් උත්තමයා මුදල් නෝට්ටු වල ඉදලා තියෙන්නෙ)
                                         (පසුපසට නම් ඇත්ගොව්වෙක් එක්ක අලියෙක් ඉන්නවා)

(මේ සත 25 මේකෙත් තියෙන්නෙ ජෝර්ජ් උත්තමයගේ මූනත් තහඩුවම තමා,,මේ නෝට්ටුවේ විශේසත්වය පසු පස නෝට්ටුවේ අxකය පමනයි තියෙන්නේ,සුදු පසුබිමේ)
මේ මුදල් නෝට්ටු දෙකම ඉතාමත් හොද තත්වයේ තියෙනවා,අපේ අයගේ මුදල් පරිහරනය ගැන දුක හිතෙනවා ඒවා විනාශ වෙන හෑටි බලනකොට,,ඒ අතින් යුරෝපා ජාතිකයන්ගේ මුදල් නෝට්ටු පරිහරනය ඉතා සුරක්ශිතයි,නෝට්ටු විනාශවීම ඉතා අවම මට්ටමක තියෙන්නේ,,ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරනවා අවසන් වශයෙන්,මුදල් නෝට්ටු පාවිච්චි කරනකොට පරිසමින් නවන්නේ නැතුව පිලිවෙලකට පාවිච්චි කරන්න පුරුදු වෙන්න.

 අවසන් නෝට්ටුව නම් ඔයාලා දැකලා ඇත්හි ගොඩක් අය



Sunday, February 2, 2014

රට පනින හෙළ යක්කු


අපේ රටේ කෝටි 33 ක් දෙයිවරු ඉන්නවා කිවුවට ඕකෙන් වැඩි හරියක් ඉන්න ප්‍රසන්න පෙනුමක් තියන දෙයිවරු නෙමේ,, ඉන්න තරමක් ඉන්නේ යක්කු නේ,අනික් එක පොඩ්ඩ බැරි වෙන්න බෑ ඕකුන් මේ යහතින් ඉන්න මිනිස්සුන්ට වැහෙනවා,වැහිලත් නිකන් ඉන්න දෙන්නෙත් නෑ,දැන් ලංකාවෙදි යක්කු වැහෙනවා මදිවට මුන් අපේ මිනිස්සුන්ගෙ පස්සෙන් ඉතාලියට ඇවිල්ලා, එහෙ ඉන්න දෙන්නෙත් නෑ මෙහෙ ඉන්න දෙන්නෙත් නෑ, ශරීර කූඩු වලට රිංගන්නමයි බලන්නෙ.කොහොම එනවද මන්දා බෝට්‍ටු එන්නෙත් නැති එකේ හොර පාස්පෝට් හදාගෙන එනවා වගේ.යක්කුන්ට ඇටෑක් කරන්න දේවාලත් පටන් අරගෙන තියෙන්නේ,මම කාලෙකට කලින් එහෙම දේවලයක් ගැනත් ලිවුවා,,,ඒ එක්කම කේන්දරකාරයොත් වැහි වැහැලා,ඒ මදිවට ධනාත්මක චින්තන කාරයොත් බැහැලා,
අපේ මිනිස්සුන්ට නොයෙක් නොයෙක් ප්‍රශ්න එනකොට දේවාල,කේන්දරකාරයෝ පස්සෙ දුවන එක පුරුද්දක් නේ,ඉතාලියෙ හොද ආර්ථිකයක් තිබුනු කාලේ මිනිස්සුන්ට ප්‍රශ්න තිබුනේ නෑ,දැන් ඉතාලියේ ආර්ථිකය වැටිලා නිසා ඒක අපේ අයටත් බලපාලා ඉතින් ප්‍රශ්න,අපේ අය ඒවට විසදුම ගන්නේ අර ක්‍රම වලින් නිසා,,ඒවට විසදුම් දෙන්නත් කස්ටිය බහින්න අරගෙන ඉතාලියට,,අර ඉතාලියේ ඉදන් කරන සැටලයිට් චැනල් කාරයොත් මේ කස්ටියව මාකට් කරනවා හෝ ගාලා,කතරගම දෙයියෝ වඩිනවා කියපු මංජුල පීරිස්,ගංගා සුදර්ශනී කියලා අයියනායක දෙයියන්ගෙන් උදව් අරන් දෙන කෙනෙක්,තව කේන්දරකාරයෝ කීප ගොල්ලක්ම ඉන්නවා,,තව මහා භද්‍රකාලි මෑනියන්ගෙ ඉතාලි නියෝජිත ගැණු කෙනෙක් එහෙමත් ඉන්නවා,ඒ අතර අපේ අයගේ ධනාත්මක චින්තනය වැඩි දියුනු කරන්න මනස ගොයියත් වැඩ පටන් අරගෙන තියෙන්නෙ.
මේකයි මේ කස්ටිය ඇවිල්ලා ඉන්නෙත් අපේ අයට යක්කු වැහෙනවා නේ ඒවට ඉතාලියෙ බෙහෙත් නෑ,මේ ලගදි මම අදුනන ඉතාලි ගැණු කෙනෙක් හම්බුනා,එයා කියපු කතාවට එයාටත් හිනා මටත් හිනා,එයාගෙ ගේ ලග අපේ රටේ ගෑනු කෙනෙක් වැඩ කරනවා,ආච්චි කෙනෙක් බලා ගන්න එක කරන්නේ,ඉතින් මම අදුනන කෙනා හිටි ගමන් අරයා ගැනත් මතක් කරනවා,,ලගදි හම්බුනු වෙලේ ඔන්න කියපි,දවසක් උදේ පාන්දර අර අපේ ගෑනු කෙනා ඉතාලි ගෑනු කෙනාගේ ගෙදරට දුවන් ආවලු,කොන්ඩෙ කඩාගෙන ,මේ සීත කාලෙ දාඩියත් පෙරාගෙන හොදටම බය වෙලා, ආවා මදිවට කලන්තේ දාලත් එක්ක පු‍ටුව උඩම. පස්සේ වතුර ඉහලා සිහිය අරගෙන,,මොකෝ උනේ කියලා අහනකොට අර වැඩ කරන ගෙදර යකෙක් ඉන්නවා කියලා,පස්සෙ අපේ ගෑනු කෙනා කතා කරන්නෙත් නැතුව උඩ බලන් බලා ගත්තු අතේ බලන් ඉන්නවලු. ආයේ අර ගෙදරට යන්නම බෑ කියනවලු,, ඒ ගෙදර යකෙක් ඉන්නවා කියලා,, පස්සේ මම අදුනන ගැණු කෙනා අරයගේ නෑයන්ට කතා කරලා අර ගොල්ලෝ ඇවිත් එක්කන් ගිහින්,,පස්සෙ මට ඉතාලි ගෑනු කෙනා කිවුවේ අරයා දවස් කීපයකින් ලංකාවට ගිහින් කියලා.දැන් එතන බ්‍රසිල් කෙල්ලෙක් වැඩ කිවුවා මොන යකෙක්වත් හොල්මනක්වත් නෑලු. අර යක්කු කතාව බ්‍රසිල් කෙල්ලට කියලා, ඒකි කියලා යක්කු ආවොත් ඒකත් ඒකි බලා ගන්නම් කියලා.
මීට කාලෙකට ඉස්සල්ල,අපේ ගමේ අක්කා කෙනෙක්ටත් ඔය වින්නැහියම උනා, එයා උන්නේ නාපෝලිවල, එයත් ආච්චි කෙනෙක් බලන් ඉද්දි,ආච්චි මැරිලා මාර වැඩේ කියන්නේ ආච්චිව මේ අක්කට වැහිලා,,අක්කා ඉතින් ආච්චි විදිහට හැසිරිලා විකාර නටලා,පස්සේ බලෙන් වගේ එයාලගේ සහෝදරයෝ මෙයාව ලංකාවට අරන් ගියා,, ලංකාවෙදි මොනා කලාද මන්දා,,පොඩ්ඩක් ගෙදරට නාකි වෙවී උන්නේ,,ආයේ ඉතාලි ආවේ කසාදෙකුත් කරලම දීලා,, දැන් නම් හොදට ඉන්නවා.පවුල් වෙලා ළමයි හදාගෙන.
ඔය වගේම තව පිරිමි කෙනෙක් ඇවිල්ල ටික දවසකින්ම බලා ගත්තු අතේ බලාගෙනම ඉදලා,උන්නු ප්ලැට් එකෙනුත් පනින්න ගිහින්, ඒ වෙලාවේ ඒ ගෙදර උන්නු කොල්ලෝ බේරගෙන තිබුනා,,පස්සේ මිනිහවත් ලංකාවට යැව්වා,මිනිහා ඇවිල්ල තිබුනෙත් සල්ලි වියදම් කරගෙන,,ලංකාවට ගිහින් වැහුනු යක්කුන්ව එලෝලා ආයේ නෝර්මල් උනාම මතක් වෙලා තියෙන්නේ ණය වෙලා ගියේ කියලා,, ආයේ  ඇවිල්ල මෙන්න බොලේ හොදට වැඩ කරන් ඉන්නවා , ගෙදර ගිහාම නය කාරයෝ ඇවිල්ලා,,ඉතින් වැහුනු යකාවත් එලෝගෙන ආපහු ඇවිත්.
ලගදි තව කොල්ලෙක්ට වැහුනා යකෙක්,මිනිහත් අලුතෙන් ඇවිල්ලා ජොබ් එකකට දැම්මා දවස් කීපයයි කෙරුවේ අඩාගෙන ගෙදර ,එදා ඉදන් මූ කාමරෙන් එලියට එන්නෙ නෑ,කන්නෙ බොන්නෙ නෑ,මිනිස්සු එක්ක කතා කරන්නෙ නෑ, හිනාවක් නෑ යකා ගහලා වගේමයි. මේ ගෙදර ඉන්නේ කොල්ලෝ සෙට් එකක්,,මුන්ට ඇහිලා තියනවා ‍රෑට සුදු මැනිකේ කියලා හයියෙන් කෑ ගහනවා අර පොර හීනෙන්,ඒ අස්සෙන් ලංකාවෙන් කියනවලු හූනියම් කරලා අපේ කොල්ලා ඉතාලි ගිය නිසා කියලා,,අනේ ලංකාවට එවන්න කොහොම හරි කියලා,, ඒ මදිවට පොර විවාහ වෙල ටික දවසකින් ඇවිත් තියෙන්නෙත්,කරේ සුරේකුත් එල්ලන් ඉදලා තියෙන්නේ මොනා හරි වෙලා ඒකත් නැති වෙලා,,ගෙදර අය අහලා කරේ සුරයක් තියනවද කියලා,,ගෙදර කොල්ලෝ නෑ කියලා,,ඒකෙන් අර මිනිස්සු හොදටම බය වෙලා ආයේ ලංකාවට එවන්න කොහොම හරි කියලා,,මොකද මූ වීසා එක හම්බෙලත් යන්න බෑ කියලා, ඒ උනාට හෙන ආසාවෙන් ඉදලා තියෙන්නේ ඉතාලි එන්න, වීසා හම්බුනාම බෑ කියන්න පටන් අරගෙන,, අර මිනිස්සු මුගේ හිත වෙනස් වෙන්න සුරයක් දාලා තියෙන්නේ,ඒ දේවාලෙන් කියලා හූනියම් කරලා නිසා ඒ හිත වෙනස් වෙලා තියෙන්නේ කියලා ,ඔය කොල්ලෝ අතරේ ඉදලා තියනවා මොළේ ඇති කොල්ලෙක්, මිනිහට තේරිලා ලෙඩේ මොකද්ද කියලා, එදා ‍රෑම මූව බලෙන් වගේ දොස්තර නෝනෙක් ලගට ගෙනියලා,, අතේ තියන ගානට බේත් කරන්න ඕනා නිසා කලු දොස්තර නෝනෙක් ලගට එක්කන් ගිහින්,සුදු නෝනලා ගානත් වැඩී නේ,අප්‍රිකාවෙන් ආපු  අක්කිලා ඉන්නවා අඩු ගානට ඉතින් ලෙඩේ හොද වෙයි කියලා අර කොල්ලෝ මූව එක්කන් ගිහින්,බලෙන් වගේ ඇදගෙන ගියේලු. ගානත් කතා කරන් එතන තියන පාලු බිල්ඩිමකට මූව හරකව මරන්න ගෙනියනවා වගේ ඇදගෙන ගිහින්, අක්කිට බාර දුන්නලු ,මූව එක්කන් ගිය කොල්ලෙක් මට මේ විස්තරේ කිවුවේ,,ඈතට මුගේ මූන පේනවලු,පොඩි වෙලාවලු ගියේ ඔන්න මූ හිනා වෙන්න ගත්තලු,ඒ කියන්නේ ප්‍රතිකාරය හරි ගිහින්, පස්සෙ මිනිහා එළියට ආවලු වීරයා වගේ හරි හිනාවෙන්, කොල්ලෝ සෙට් එකට කියලා අපේ ගෑනුත් ගෑනුද බන් මුන් නෙ ගෑනු කියලා,මොකෝ උබට මුලින්ම හිනා ගියෙ කියලා අහනකොට පොඩ්ඩක් කිතියක් දැනුනා ඒකයි හිනා ගියෙ කියලා කිවුවලු අපේ සුදු මැණිකෙට වැදලා කිවුවත් කර ගන්න බැරි උනු දේ අරකි ගිය ගමන් කෙරුවනේ බන් කියලා.කලු අක්කි ප්‍රතිකාරය කටින්ම පටන් අරගෙන කියලා කොල්ලෝ කිවුවේ,,එදා ඉදන් සුදු මැනිකේ කියලා හීනෙන් කෑ ගැහුවෙත් නෑලු,ලෙඩෙත් හොද උනාලු,රස්සාව කරන් අපූරුවට ඉන්නවලු,,ලගදි සුදු මැනිකෙවත් ගෙනල්ලා ඉතාලියට.
ඔය අපේ අයට වැහෙන යක්කු තමා.අර මංජුලලා,ගංගා සුදර්ශනීලා ඉතාලියේ විතරක් නෙමේ මැද පෙරදිග මිනිස්සුන්වත් ගානට අන්දනවා කියලා ආරන්චිය,මට කෙනෙක් කිවුවේ අර ගොල්ලෝ මැදපෙරදිග ගිහින් හොදට සල්ලි කඩන් යනවලු,මනස ගොයියා ස්කයිප් වලින් දේශන දෙනවා ඉතාලියට.මංජුලට,ගංගාට වෙලාවක් වෙන් කරන්නත් මාස 6ට ඉස්සල්ලවත් සල්ලි බදින්න ඕනලු,,ඒ අතරමට වැඩ අර මිනිස්සු,අපේ මිනිස්සුන්ට ප්‍රශ්න එනකොට ඒවගෙන් ගැලවෙන්න හොයන ක්‍රම තමා මේ.මොනා කරන්නද අපි ආසියාවට විතරක් නෙමේ ලෝකෙටම ආශ්චර්යමත් ජාතියක්...

Sunday, January 12, 2014

උණ්ඩයෙන් අවසන් වූ තුන්කොන් ආදරය



මීට වසර 5 විතර ඉස්සර ජනවාරි මාසයම තමා,මම ‍රැකියාව කරපු ස්ථානය අසලින් එක පෙලට ගියේ ඉතාලියේ තිබෙන පොලිස් දෙපාර්තුමේන්තු දෙකක පොලිස් කාර්,ඒ පසු පසින් ගිණි නිවන රථයක්,ඒ පසු පසින් ගිලන් රථ කීපයක්.පලාතම හොල්ලගෙන ඉතා වේගයෙන් සයිරන් නළා ගහගෙන හරියට බෝම්බයක් පුපුරලා වගේ.ඒ අවට මිනිස්සුත් පාරට බැස්සේ මොකද්ද මේ යුද්දේ කියලා බලන්න,මමත් ඔලුව දාලා බැලුවා ඒත් හරි තොරතුරක් ආවේ නෑ,ඒවා ගියේ මම උන්නු ස්ථානයේ ඉදලා 500 මීටර් විතර දුරකින් තිබුනු ස්ථානයකට.මමත් ඒ ටිකකින් වැඩ ඉවර වෙලා ගෙදර ගියා,පසු දින පත්තරෙන් සහ ‍රැකියාව කරපු ස්ථානයෙන් මට තොරතුරු හම්බුනා. ඒ සිදු වුනු සිදුවීම.
ලොක්කා කඩවසම් කොල්ලෙක්,සුද්දිත් පිරිමියෙක්ට ඉස්සරහිනුත් බලලා පස්ස හැරිලත් බලන්න හිතෙන ඉටිකිරිස් කෙල්ලක්,දෙන්නා කෙටි කලකින්ම ප්‍රේමවන්තයෝ දෙන්නෙක් බවට පත් උනා,මල් උයනේ බංකු වල,චිත්‍රපට ශාලාවේ දෙන්නගේ ආදරය නැගලම ගිහින් තිබුනා,කෑම මේසේ,තේ මේසේ මේ දෙන්නව අත් දෙක පටලාගෙන ඉන්න දසුන නිරන්තරයෙන්ම අනෙක් කොල්ලෝ කෙල්ලන්ට දකින්න ලැබුනා.හරියට රෝමියෝ ජුලියට් වගේ තද ලව් එකක්.
දෙන්නගේ ආදරය කෙටි කලක් මෙහෙම යනකොට මේ දෙන්නගේ ආදරය මැද්දට තව එකෙක් කඩා පාත් වෙනවා,,ඒ පොඩ්ඩා,පොඩ්ඩා ලොක්කට වඩා කඩවසම් හරියට හොලිවූඩ් නලුවෙක් වගේ පොරක්,වැඩි දවසක් යන්නෙ නෑ,පොඩ්ඩට සුද්දි ගැන හිතක් පහල වෙනවා,පොඩ්ඩා අර දෙන්නගේ ආදරය දැන දැනම සුද්දි පස්සේ යන්න ගන්නවා,පොර බැහැලම ට්‍රයි එක සුද්දිගෙ ආදරය ලබා ගන්න,වැඩි දවසක් යන්නේ නෑ ලොක්කට මීටර් වෙනවා පොඩ්ඩා සුද්දී පස්සෙ පන්නනවා කියලා,කීප වරක්ම ලොක්කා පොඩ්ඩට අනතුරු අගවනවා සින්කොන් එකෙන් අයින් වෙයන් කියලා,ඒත් සුද්දිගෙ ලස්සනට වශී උනු පොඩ්ඩා නෙමේ පරාජය බාර අරගෙන සීන් එකෙන් අයින් වෙන්නේ.පොඩ්ඩත් සුද්දිගෙ පස්සෙන්මයි,සුද්දි යන යන තැන් වල පොඩ්ඩත් පස්සෙන්.
කෙමෙන් කෙමෙන් සුද්දිගෙ හිතත් හිමීට පොඩ්ඩා දිහාවට ඇදෙන්න අරගෙන,මොකද පොඩ්ඩට සුද්දිගෙ ආසන්න වයසෙමයි,අනෙක ඉතා කඩවසම් පෙනුමක් පොඩ්ඩට තියෙන්නේ,ලොක්කා එහෙම හැන්ඩියෙක් නෙමේ.සුද්දිගෙ හිතත් පොඩ්ඩ පොඩ්ඩ කාන්දමට ඇදෙනවා වගේ පොඩ්ඩා දිහාවට යන්න අරගෙන,ටිකෙන් ටික ලොක්කව මග අරින්නත් අරගන්නවා,ලොක්කා ඉන්නේ දැන් අසූ හාරදාහට තද වෙලා,ලොක්කගේ ඉවසීමේ සීමාවත් පනිනවා මොකද අර දෙන්නගේ ලව් එක පටන් අරගෙන,,.වැඩි දවසක් යන්නේ නෑ ලොක්කව සුද්දි අතාරිනවා,අනික් එක ලොක්කට අනෙක් කස්ටිය ඉස්සරහා මේකට ලැජ්ජයි.
ලොක්කා අවසන් තීරනේට යනවා,පිස්තෝලය අරගෙන මේ වතාවේ පොඩ්ඩා ලගට කිට්‍ටු වෙන්නේ,පාක් එකේදිම පොඩ්ඩව අහු වෙනවා,අවට තවත් මිතුරන් පිරිසකුත් ඉදලා තියනවා,පොඩි බහින් බස් වීමක් එක්කම ලොක්කා පොඩ්ඩගේ අවසානය සටහන් කරනවා, වෙඩි උණ්ඩ කීපයකින්,ඒ එක්කම ඉතුරු වෙඩි උණ්ඩ ලොක්කගේ අවසානය,ලොක්කත් සිය දිවි නසා ගන්නවා.ඔන්න ඔහොම තුන්කොන් ආදරයක අවසානය සනි‍ටුහන් වෙනවා.වෙඩි උණ්ඩ කීපයකින්.
මේ පුවත අහපුවම මට බඩ අල්ලගෙන හිනා ගියා,ඒ මොකද කියනවා නම් ලොක්කට ඒ වෙද්දි වයස86,සුද්දිට 80 ,පොඩ්ඩට 82,මේ අය ජීවත් උනේ වැඩිහිටි නිවාස සංකීර්ණයක,එතන වැඩිහිටි නිවාස වලට අමතරව සියලු සැප පහසුකම් තියන තැනක්,මල් උද්්‍යාන,චිත්‍රපට ශාලා,නාට්ය ශාල,පල්ලි වගේ සියලුම දේ තියන වැඩිහිටියන්ගේ පොඩි ගම්මානයක්.මේ ගම්මානේ ඇති උනු පොඩි ආදර කතාවක අවසානය තමා මම අර උඩ ලිවුවේ.අර පොලිස් කාර්,ගිලන් රථ එදා මෙතෙන්ට ගියේ අර වෙඩි තැබීම නිසා.මෙතන ඉන්නේ ජීවිතේ සැදෑ සමය ගෙවන මහළු අය,ගොඩක් අයට කාත් කවුරුත් නෑ,තමන්ගේ පෙන්ශන් එක නිසා මේ නිවාසෙට පොඩි මුදලක් ගෙවලා මෙතන පදිංචියට ආපු අය,තවත් අය තමන්ට දරුවෝ උන්නත්,තනිකම පාලුව නිසා තමන්ගේ වයසේ අය එක්ක ගත කරන්න ආසාවෙන් ආපු අය.එහෙම මෙතන උන්නු 3ක් තමා ලොක්කා,සුද්දි,පොඩ්ඩා,තමාගේ ආදරවන්තියව නැති වීමෙන් හිතට ආපු ආවේගය නිසා,ලොක්කා අර විදිහට මේ කතාව අවසන් කලා.ආදරයට වයසක් නෑ සීමාවක් නැ.
(මේ අයට මම ලොක්කා,පොඩ්ඩා,සුද්දි කියලා නම් යෙදුවේ ඒ අයගේ නම් මට මතක නැති නිසා,මට මේක මතක් උනේ අද පාක් එකේ උන්නු අත් පටලවගෙන ආදරයෙන් උන්නු ඉතා වයසක ජෝඩුවක්  දැක්කට පස්සෙ)