Pages

Monday, July 29, 2013

පාපැදි ශූරයෝ


පහු ගිය දවස් වල ලෝකේ ප්‍රධාන බයිසිකල් සවාරි පැවැත් උනා,,මේ අතරින් ප්‍රංශ සවාරිය,ඉතාලි සවාරිය රූපවාහිණිය හරහා බලන්න හම්බුනා,බයිසිකල් තරග කියන්නේ මම ආසම ක්‍රීඩාවක්,ලෝකේ බයිසිකල් ධාවක ශූරයෝ කියන්නේ ඉහල ධනවතුන්,බයිසිකලේ දුප්පතාගේ කියන දේ අද වෙද්දි නෑද කොහෙද?
මම ලංකාවේ බයිසිකල් රේස් එකක් බැලුවේ 93 ලංකා සවාරිය,,ඒක අපේ ටවුම හරහා ගියා,,එතකොට මම පොඩි එකා,,පොඩි මතකයක් තියෙන්නේ,මාමලා එක්ක ගියා මාව රේස් එක බලන්න,,මොකද එයාලටත් ඔය බයිසිකල් රේස් ලෙඩේ තිබුනා,,ස්ටැන්ඩර්ඩ් වර්ගයේ රේස් පදින මට්ටමට තිබුනු බයිසිකලුත් තියාගෙන උන්නේ එයාලා,කොහොම හරි ඔය රේස් එකේ අපේ අවට කීප දෙනෙක්ම පැද්දා එයාලා ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ,අපේ ප්‍රදේශයෙන් අදටත් ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ බිහි වෙනවා බයිසිකල් අංශෙන්,මට මතක විදිහට ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරපු වසන්ත කුමාර ඔය රේස් එකේ ඉදිරි ස්ථානයක් ගත්තා එයත් වෙන්නප්පුව ආසනේ කෙනෙක්,,ඒ අතරම දංකො‍ටුව පෝසිලේන් නියෝජනය කරපු යාපා එහෙම ඔය රේස් එකෙ කැපී පෙනුනා,
මේ රේස් එකේ කැපී පෙනුන කීප දෙනෙක්ට කාලෙකට පස්සේ ජාත්යන්තර තරගයක් නියෝජනය කරන්න හම්බුනා,,ඒ 94 ජපානේ හිරෝශිමා ආසියා ක්‍රීඩා උලෙළ,,මේ කාලෙකින් ලංකාව ජාත්යන්තර බයිසිකල් ධාවන තරග නියෝජනයක්,60 රෝම ඔලිම්පික් උලෙල නියෝජනය කරලා තියනවා මොරිස් කුමාරවේල් කියලා කෙනෙක්, 89 කමල් පාලිත ඉන්දියාවේ පැවැත් උනු ආසියානු බයිසිකල් තරගයක් නියෝජනය කරලා 07 ස්තානය අරගෙන තියනවා,කමල් පාලිතත් 90 දශකයේ මුල් බාගයේ උන්නු දක්ශ ක්‍රීඩකයෙක්.
94 රේස් එකෙන් ලංකාවට කීර්තියක් නම් නෙමේ ආවේ,ලංකාවෙන් පොදු රාජ්ය මන්ඩලීය පැදපු බොනිපස් පෙරේරා තමා 94 හිරෝශිමා ගිය කණ්ඩායමේ පුහුණුකරු,බොනී පනී කියලා පත්තරවල වැ‍ටුනා,බොනිත් එක්ක ක්‍රීඩකයෝ 3නා ජපානෙන් පැන්නා,මට මතක නෑ අනික් නම්, බොනිත් එක්ක පොලිසියේ වසන්ත කුමාරත් උන්නා,,වසන්ත කුමාර 93 මම බලපු ලංකා සවාරියේ දිනලා තමා මේ තරගෙට චාන්ස් එක ගත්තේ,මේක ලොකුවට ලංකාවට කළු පැල්ලමක් වැ‍ටුනා,,කාලයක් යනකන් ලංකාවේ ක්‍රීඩකයන්ට ජපානෙට වීසා නොදෙන තත්වයක් ඇති කලා මේ සිදුවීම.
ඊලගට අපේ බයිසිකල් ධාවකයෝ 3ක් පැන්නා ඉතාලියෙදි ලෝක හමුදා ක්‍රීඩා උලෙල නියෝජනය කරපු ත්‍රිවිධ හමුදා ක්‍රීඩකයෝ,ඒ 2003.
දවසක් මට මේ 3න් එක්කෙනෙක් එක්ක කතා කරන්න හම්බුනා,ඒ කෙනා තමා 2003 ලංකාවේ බයිසිකල් ධාවකයෝ අතර ඉහලම ලකුනු ගනනක් අරන් උන්නේ,එයා මට කියපු කතාව තමා මේ,මල්ලි පෙඩරේශන් එකෙන් අපිට තියෙන්නේ කැපිලි විතරයි,අපි කොච්චර හොදට රේස් පැද්දත් එයාලට ඕනා අයව විතරයි පිටරට රේස් වලට යවන්නේ,මාව ඒ වෙලාවේ හලන්න බැරි උනා,,මගෙයි ඒ වෙලේ වැඩිම පොයින්ට්ස්,මම ලංකාවෙන්මයි හිතන් ආවේ ආයේ නම් එන්නේ නෑ කියලා ලංකාවට,මට ඒ තරම්ම එපා වෙලා තිබුනේ මේ මිනිස්සුන්ගේ කැත වැඩ,හොද ක්‍රීඩකයෙක් එද්දි ඒ කෙනාව ඉස්සරහට ගැනිල්ලක් නෙමේ පෙඩරේශන් එකෙන් කරන්නේ,,පුලුවන් තරම් ඒ කෙනාව වට්ටන එක.
2004 ගුවන් හමුදා සිරස පාපැදි සවාරිය,,ලංකාවේ බයිසිකල් ධාවන තරග  අලුත් පැත්තකට ගත්තා,,වටින තෑගි,මුදල් තෑගි එහෙම දෙන්න ගත්තේ මේ රේස් එකෙන්.රේස් එක අවසන් දවස ගියේ දංකො‍ටුව හරහා,දංකො‍ටුව පුරා සෙනග පිරෙන්න හේතුවක් උනේ,අපේ අල්ලපු ගමේ ක්‍රීඩකයෝ 03ක් රේස් එක පැදපු එක,,මේ ක්‍රීඩකයන් 03 එක්කෙනෙක්  ඒ වෙනකොට ජීවත් උනේ ඉතාලියේ,,ඒ වගේම ඉතාලියේ පොඩි බයිසිකල් ක්‍රීඩා සමාජයක් නියෝජනය කලා,මෙයා පඩියට රේස් පැදපු එක කලේ ඉතාලියෙදි,කොහොම හරි තවත් ගමේ කොල්ලො 2ක් එක්ක තරගයට ගියා ගුවන් සවාරියට.
දංකො‍ටුව හරහා යනකොට මේ 03 එක්කෙනෙක් ඉදිරියෙන් ධාවනය කලා,ඒ කෙනා 04 ස්ථානයට තරගය නිම කලා,අවස්ථාවක් හම්බුනා ගුවන් හමුදාව නියෝජනය කරන්න,ඉතාලියෙන් ගිය කෙනා නම් මගදි අනතුරක් වෙලා තරගය නිම කලේ නෑ,,ඉහල වටිනාකමින් යුක්ත රේසින්ග් බයිසිකල් කීපයක් ලංකාවට ගෙනියලා මේ ඉතාලියේ උන්නු ක්‍රීඩකයා අපේ පැත්තේ ක්‍රීඩකයෝ කීපයක් බිහි කලා,,
රුවන් ඒ අතරින් කෙනෙක්,රුවන්ගේ කාලේ පටන් ගත්තේ ලංකාවේ යුද්දේ ඉවර වෙලා එය සමරන්න පවත්වපු ජනාධිපති පාපැදි තරගය,,ඒ වෙද්දි රුවන් ගමේ ගොඩේ පොඩි පොඩි රේස් පැදලා පොඩි නමක් හදන් උන්නේ, ජනාධිපති තරගය ජයග්‍රහනය කරලා ලොකු තෑගි හම්බුනා,,මට මතක විදිහට ත්‍රීවීල් එකකුත් හම්බුනා,ලොකු මුදල් තෑග්ගකුත් හම්බුනා,රුවන්ට නාවික හමුදාව නියෝජනය කරන්න හම්බුනා මේ රේස් එක නිසා,2012 වෙනකන් රුවන් නාවික හමුදාවේ දක්ශ ක්‍රීඩකයෙක්,රුවන්ගේ ඒ දක්ශතාත් එක්ක අවාසනාවත සිදුවීමක් උනා ඒ රුවන්ගේ ජීවිත ගමන හදිසියේ නිම වීම,එක් අවස්ථාවකදි දකුනු ආසියානු රටකදි රුවන්ට තහනම් උත්තේජක වරදක් වැටිලා රුවන්ට ජාත්යන්තර තරග තහනමක් වැ‍ටුනා,රුවන් මියගියේ මේ තහනම් උත්තේජන අධිකව භාවිතා කරලා කියලා කට කතාවක් ගියා,ඒත් ඩෙංගු නිසා කියලත් ප්‍රචාරක් ගියා,රුවන්ගේ වකුගඩු වලට අධික හානියක් වෙල තිබුනු කියලත් කට කතාවක් ගියා,අවාසනාවට ලංකාවෙන් බිහි උනු දක්ශයෙක් ඉතා අඩු වයසකදී ජීවිතෙන් සමු ගත්තා,හේතුව තහනම් උත්තේජක නම් ඒකට වගකියන්නේ කවුද දන්නේ නෑ,
පහු ගිය කාලේ ලංකාවෙ ක්‍රීඩකයෝ විශාල ප්‍රමානයක් තහනම් උත්තේජක චෝදනා වලට අහු උනා,ජාත්යන්තර තරග වලදි,මට රුවන්ල එක්ක පැදපු ක්‍රීඩකයෙක් කිවුව කතාවක් මේක,,රේස් එක පැදින්න අරන් ටිකකින් ටැබ්ලට් එක ගන්නේ පස්සේ ඉතින් රුවා තනිකර මී හරකා වගේ ඔලුව පාත් කරන් එකම පැදිල්ල රේස් එක ඉවර උනාමත් රුවා හරි වෙනස්ටික වෙලාවක් යනකන්,අනේ මන්දා මේ කතා නම්.
මමත් බයිසිකල් රේස් වලට ආසා කොලුවා නේ,,ඉතින් මම ස්කෝලෙ ගියේ බයිසිකලෙන්,,,ගමන බිමන කොයි වෙලාවෙන් බයිසිකලෙන්,පුලුවන් තරම් වේගයක් ගන්නවා ඕක පදිනකොට,,,මොකද මටත් බයිසිකල් රේස් පැදීමේ ලෙඩක් හැදීගෙන ආවේ,මගේ බයිසිකල් ලෝකේ වීරයෙක් උනු ඉතාලියේ මාර්කෝ පන්තානි මිනිහා කදු බැස්මකදි පැයට කිලෝමීටර 120 විතර වේගයක් අරන් තියනවලු,,කොහොමද වේගේ,පන්තානි නම් 2004 මලා,කුඩු ගහලම,පීනන්න සල්ලි හම්බෙනකොට මිනිස්සුන්ට වෙන ලෙඩ වැඩි වෙනවා නේ,ආ මමත් ඔන්න දවසක් පල්ලමකදී මගේ ඉහලම වේගේ ගන්න උත්සහ කලා දවසක්,දැන් මම යනවා කුරුල්ලා වගේ නිකන් පාවෙනවා වගේ ඒ තරම් ස්පීඩ්,ඔහොම යද්දී මට නිකන් දැනුනා මම බයිසිකලේ නෙමේ ඉන්නේ වගේ,,හැඩල් එකකුත් නෑ,එතකොටත් පරක්කු වැඩී මගේ මූන පතිත උනා මහ පොලවට,,ප්ලේන් එකක් වගේ නිකන් බිම දිගේ මාව ඇදීලා ගියා,,,ඒ එක්කම බයිසිකලෙත් මගේ පිට උඩ වැටිලා නැවතුනා,පස්සෙන් ආපු යාලුවා ලගට ඇවිල්ලා කතා කරනකන් මට මොනා උනාද කියලා හොයා ගන්න බැරි වෙලා තිබුනේ,පොර මාව ඉස්සුවා,,මගේ මූන කට නෑ වගේ මට දැනුනේ,,හොම්බ එහෙම නෑ වගේ,,අත ගාලා බලද්දි ලේ පිරුනා අතේ,,,හොම්බ නේ මුලින්ම බිමට පතිත උනේ,බලද්දි හොදටම තුවාල,,බිම දිගේ ඇදිලා ගිහින් අත පය එහෙම හොදට තුවාල වෙලා තදටම සීරුම්,කොහොම හරි බයිසිකලේ අහල ගෙදරකින් දාලා යාලුවා මාව බේත් දාන්න ගෙනිච්චා,,,ගෙදර ඇවිත් කන්නාඩියක් ලගට ගිහාමයි දැක්කේ ඉස්සරහා දතෙන් කෑල්ලක් අඩුයි කියලා,ඔන්න ඔතනින්ම මගේ බයිසිකල් ධාවන ලෙඩෙත් හොද උනා,,,අපරාදේ ඕක නොවෙන්න මේ වෙනකොට මමත් දක්ශ පාපැදි ධාවකයෙක්...

(යම් තොරතුරු ගූගල් හරහා හොයා ගත්තේ)