Pages

Sunday, December 25, 2011

සුභම සුභ නත්තලක් වේවා!!!

මගේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනාට ලැබුවාවූ නත්තල සුභම සුභ නත්තලක් වේවා!!!
තවත් නත්තලක් ලැබුවා රටින් පිට, 2007 නත්තල ලංකාවෙදි සැමරුවට පස්සේ තාමත් ලංකාවෙදී නත්තල සමරන්න බැරි උනා, මොනා කරන්නද ඉතින්, මේ සැරේ මගේ ගෙදර අයත් එක්කවත් නත්තල සමරන්න බැරි උනා, බලමු ලබන සැරේවත් ලංකාවෙදි සමරන්න.....

Saturday, December 17, 2011

අග...මුල...මුල ...අග



උත්සව සමයනේ,මේ කාලේ ජයටම යන වැඩක් තමා බූරුවා ගැසීම, ඉතාලියෙත් අපේ ලාංකිකයෝ අතර මේක බහුලවම යනවා, නීතිය ගත්තොත් ගෙයක් ඇතුලේ ගොඩක් දෙනෙක් ‍රැස්වී කෑ ගහලා අහල පහල මිනිස්සු කෝල් කරලා පොලෝසියෙන් පැන්නොත් මිසක් ඒත් ලංකාවේ වගේ පොලෝසියෙන් පැනලා බූරු ගහපු පැදුරු ඔලුවේ තියන් පොලෝසියට ගෙනියන්නේ නෑ,අපේ කස්ටිය මොකක් හරි බොරුවක් කියලා ශේප් එකක් දාගන්නවා ඇති,මොකද මම අහලම නෑ බූරු ගහලා පොලිසියෙන් ගෙනිච්චා කියලා, සමහර බූරු පොලවල් වලට ඇතුල් වෙන්නත් බෑලු යූරෝ 500,1000 සංවිධායකයන්ට පෙන්නන්නේ නැතුව,කොහොමද බූරු පොළේ ගුනාත්මකභාවය ,ඒවගේ තැන්වල විස්කි, බයිට්, සිගරට්, කෝපි, තේ නොමිලේ සපයනවා,අනික තමා ඒවගේ තැනක දින්න එකා අඩුම ගානේ යූරෝ විසිදහක්වත් අරගෙන තමා ගෙදර යන්නේ,පරදින එකත් ඕකේ අනිත් පැත්ත, මම අහලා තියනවා පැරදිලා හාට් ඇටැක් හැදිලා එතනින්ම ඇම්බියුලන්ස් පටෝපු උන් ගැනත්, ඇයි දෙයියනේ සමහරවිට අවුරුද්ද පුරා හම්බු කරපු සල්ලි සේරම ඔතෙන්ට පූජා කරලා කොහොම ගෙදර යන්නද ගැණිගෙන් ඉන්න ඈ.
මට මේක කියද්දි මතක් උනා කතාවක් අපේ ගමේ ‍රැකියාවට බූරු ගහපු පොරක් හිටියා, ඒත් ‍රැට ගෙදර ආවහම ගෙදර ගෑණි මූ දිනලද නෑද කියලා චෙක් කරලලු ගෙට ගන්නේ , පොර දිනන දාට ගෙදර ගැණි හරි සැලකුම් මැදලු ගේ ඇතුලට ගන්නේ, පරදිනදාට ඉතින් ගේ දොර අරින්නෙත් නෑලු,දවසක් පොර පොඩි අත් හදා බැලීමක් කලාලු, එදා ආවේ හොදටම පැරදිලාලු, ගේ දොර ගාවට ඇවිත් පොරගේ යාලුවන්ගේ එක එක නම් කියන ගමන් යමන්කෝ මම උබට මෙච්චරක් දුන්නා නේ,,උබට අච්චරක් දුන්නේ තවත් මදිද වගේ හයියෙන් කියනවලු,මේක ඇහිච්ච ගැණි දොර ඇරියලු ඇයි මේ යකා දිනලා සල්ලි බෙදනවා කියලා හිතලා,පොර කලේ එකපාරටම දොරෙන් ගේ ඇතුලට පැනපු එකලු.
ආ ආයේ එමු ඉතාලි බූරු පොලට,මේ වගේ ජයටම ගිය බූරු පොලකින් යූරෝ 25000 ක් වගේ ගානක් දිනපු පොරක් පහු ගිය සතියේ ගෙදර ගිහින් තියනවා, එදා ‍රැම ගෙදරට හොරු පැනලා,ප්ලැට් එකක උඩ තට්‍ටුවක හිටිය එකෙක්,කළු අර නින්ජලා වගේ මූන වහගෙන තුවක්කු අරගෙන පැනලා තියෙන්නේ, මුලදී නගරේ ආරංචිය ගියේ ලංකාවට යන්න ඉස්සරින්දා ගෙදරට හොරු පැනලා සල්ලි හොරකම් කලා කියලා,ගෙදරට පැන්නේ ඉතාලි ජාතිකයෝ 4ක් කියලා,ඔය පුවත අද ලංකාවේ ජාතික පුවත් පතකත් තිබුනා, ඒකේ නම් තිබුනේ මේ සල්ලි දිනුමකින් ලැබුනු ඒවා කියලා, හික්ස් හරිනේ දිනුමක් තමා සල්ලි බූරු ගහලා දිනලා ගෙනිච්ච සල්ලි නේ, ඒ එක්කම අද ආපු ආරංචියෙන් ආවේ අතන හොරු 4න් 2ක් ලාංකිකයොම තමා කියලා ඉතාලි පුවත් පතක තිබිලා ,,උන් දෙන්නව පොලිසියෙන් අල්ලලා,කොහොමහරි බූරුපොලෙන්ම දෙන්නෙක් කාව හරි ඉතාලි හොරු දෙන්නෙක් එක්ක එකතු වෙලා ගේම දීලා වගේ, කොහොම උනත් බූරු ගහලා දිනපු අනුන්ගේ සල්ලිම නේ. ඔන්න ඔහොමයි අපේ කස්ටිය අපේ රටේ නම ආරක්ශා කරන්නේ....

Monday, December 12, 2011

ජීවිතයේ තවත් කඩ ඉමක්....



මාසෙකට සැරයක් ගාට ගාට යන මගේ බ්ලොග් එකේ මේ මාසේ පලවෙනි පෝස්ට් එක,, ලියන්න දේවල් ඔලුවට ආවට මොනා කරන්නද ලියවෙන්නේ නෑනේ. ආ තවත් පණිවිඩයක් මගේ බ්ලොග් එකේ කොටන 3වෙනි රට. ලංකාවට ගිය වෙලාවකත් බ්ලොග් එකේ කුරු‍ටු ගෑවා පටන් ගත්තේ නම් ඉතාලියෙදි නේ, මේ පෝස්ට් එක කොටන්නේ ස්විඩනයේ ඉදන්. අදට සති 2ක් උනා මෙහෙට ගොඩ බැහැලා. ඉස්සරහට මෙහෙ විස්තරත් කියන්නම්,
ආ ජීවිතයේ කඩ ඉමක් කියලනේ පටන් ගත්තේ,,ඔව් අද නම් මට විශේස දවසක් සමහරවිට අද ඉදන් මගේ ජීවිතයේ 3 කොටස පටන් ගනීද මන්දා, ලංකාවෙදි 1 කොටස ගියා පාසල් ජීවිතයත් එක්ක 2 කොටස ගෙවුනා ඉතාලියේදි, අදින් පටන් ගන්න මගේ 26 වෙනි උපන්දිනයත් එක්ක තවත් රටකදී මගේ 3 කොටස ලියන්න ගන්න ගොඩක් ඉඩ තියනවා, ඒකට මේ දවස් වල පුල් ට්‍රයි බලමු.මොකද මමත් ලොකු බලාපොරොත්තු ලොකු ප්ලැන් එක්ක නෙමේ තාමත් මගේ ගමන යන්නේ, එන එන පැත්තට ගහ උලුවස්සා ක්‍රමේට. කොහොමහරි අවුරුදු 26ක් ගෙවුනා රටවල් 2කදී, අප්පේ ඉතාලියට එද්දි මම පොඩි එකානේ, පලවෙනි ඉතාලි කොලේට ගත්තු පොටෝ එකක් අම්මා ගාව තාම තියනවා ඒක දකිද්දී හිනා යනවා, පාස්පෝට් එකත් දෙවෙනි එක මේ වෙද්දි,පලවෙනි එකේ නම් මම පොඩිම එකා ඉන්නේ දෙවෙනි එකේ දැන් ඉන්න එකාමයි ඉන්නේ. අත්දැකීම් නම් ගොඩක් ගත්තා ඉතාලියෙදි, ඒවට මම ගොඩක් ආසයි, ලොකුම අත්දැකීමත් ගත්තානේ හපොයි තව පොඩ්ඩෙන් ඉතාලියේ ඉදන් උඩට යන්න වීසා එකත් අරගෙන උඩට ගිහින් එහෙන් ඩීපෝට් කලා නේ, තව පොඩ්ඩෙන් අවුරුදු 24න්ම කොල්ලා උඩ,,අද මේ බ්ලොගත් නෑ ඩිලාත් නෑ,අර මගේ නමේ ඉතුරු කැලි දෙකේ උන් දෙන්නත් නෑ. මට නම් කැලි 3ක් හින්දා මම ඔය 3ම පාවිච්චියට ගන්නවා නිකන් තියන එකේ.ඉතින් මුන එකක් නම් 3ක් එක්ක,,,චරිත 3ක් නම් ගෙනියන්නේ නෑ හරිය.
අද මගේ උපන්දිනේ වගේම අනිද්දා මගේ ආදරණීය අම්මගෙ 48 වෙනි උපන්දිනේ මේ උපන්දිනේට අම්මා ගාව මම නෑ. පුතෙක් අම්මා කෙනෙක්ට ගොඩක් ලගයි කියනවා නේ,,මමත් ඒ වගේම තමා , මේ ගෙවපු අවුරුදු 26ට මම කොහොමත් අම්මට ලොකු දුකක් දීලා නැ ඒ ගැන මම සතු‍ටු වෙනවා පුතෙක් හැටියට,,හැබැයි හොදටම ඇඩෙවුවා අර උඩට යන්න ගිය සිද්ධිය වෙලේ නම්,, ඒක ඉතින් හදිසි අනතුරක් නේ මොනා කරන්නද?
වැඩිය උපන්දිනේ ගැන ලියන්න බෑ වගේ බ්ලොග් ලියන්න ඇවිත් අහක තිබුනු බස් කෙරුවාවක් හින්දයි රේඩියෝ කෙරුවාවක් හින්දයි බ්ලොගේ විසි උනා පැත්තකට. මාසෙකට සැරයක් මකුණු දැල් කඩලා යනවා,,ලබන සතිය දිහෑ ස්විඩන් විස්තරත් ලියන්න හිතන් ඉන්නේ, කොහොමත් මේ ජංජාලේ හින්දා,කොටින්ම මේ බ්ලොග්,බස් ,රේඩියෝ කෙරුවාව හින්දා ජීවිතේට හිතමිතුරන් ගොඩක් අදුන ගත්තා,,පොඩි දුකක් තියෙන්නේ මේ එකෙක්වත් මට මුනගැහෙන්න බැරි උනා තාමත්, මාව ක‍ටුනායකින්ම පැහැරගන්න බලන් ඉන්න අයත් ඉන්නවලු ,චොකලට් බව්සරයක් බලන් ඉන්න අයත් ඉන්නවලු,,තව මොන මොනාද ඉල්ලනවා සලකන්න ඕනා කියලත්,,අනේ අපෝයි මේවා හිතද්දි මට එන්න හිතෙන්නෙත් නෑ. හා හා කස්ටියටම කියන්නේ ඉක්මනින් එන්නම්කෝ උබලා සේරමන්වම බලන්න. එහෙනම් උබලා සේරමන්ටම ජය වේවා!!! මටත් ජය වේවා!!!