Pages

Thursday, November 10, 2011

අපේ අත්කම් නිර්මාණ වලට ගිය කල



වැඩි කතා නැතුව ආපු ගමන් කතාව පටන් ගන්නම්,මේක මේ මට ලගදී උනු වැඩක් ඔන්න මම වැඩ කරන අවන්හලේ ගබඩාව සුද්ද කරන්න ගත්තා, සුද්ද බුද්ද කරන් යද්දි පෙට්ටියක් ඇතුලේ ඉදන් එකපාරටම එලියට ආවා දෙයක් ,හුටස් බැලින්නම් ලංකාවේ තියන අලියා පෝච්චියක්, ඕකේම තිබිලා ආයේ එලියට ආවේ බිත්තිවල එල්ලන ලී වලින් හදපු සීගිරි අප්සරාවෝ දෙන්නෙක්, කවුරු හරි කෙනෙක් මෙතෙන්ට තෑගි දීපු දෙයක්,,ඒ කොලවලින්ම ඔතලා එහෙම්ම මෙතෙන්ට වැටිලා ප්‍රයෝජනයට අරගෙන නම් නෑ, ඒ ගමන් අයිතිකාරයත් ඕවා අතට අරගෙන බලල එකපාරටම මූ කිවුවේ කැත මේකත් විසිකරපන්,,,මේවා මොන රටේ ඒවද? කියන ප්‍රශ්නේ අනිත් පැත්තට ආවේ, මූ කැත කිවුව හින්දා මට ශ්‍රී ලංකාව කියන්න පුලුවන්ද ඇදුමක් ඇදගෙන, මම අපේ රට ගැන ගහන බයිලා වල හැටියට,මම කියලා දැම්මා ආ මේවා ඉන්දියාවේ තමා තියෙන්නේ කියලා, මම දන්නවා නේ ඕකා හෝවා හොයන්නේ නෑ කියලා,සල්ලි හම්බ කරන්න දන්නවා උනාට ලෝකේ ගැන කිසි දැනීමක් නැති එකෙක්, මේ සිසිලියේ ඉන්න ගොඩක් උන් ඔහොමයි, උබ ලංකාවට යන්නේ නැවේද කියලා අහන උන් තාම ඉන්නවා,,,ලංකාව කොහෙද තියෙන්නේ කියලා අහන උන් ඉන්නවා ඉන්දියාව ලග කිවුවම ඉන්දියාවයි,මහත්මා ගාන්ධිවයි දන්නවා උනාට ඉන්දියාව කොහෙද තියෙන්නේ කියලා ගොඩක් උන් දන්නෙත් නැ.
අනේ මට මේවා අපේ රටෙ කියන්න බැරි උනු හේතුව තමා, අලියා පෝච්චිය අනේ අලි 3නා කේඩැරී වෙච්ච හරිම කැත අලි 3ක්,,උන් අලිද කියලත් හිතා ගන්න බෑ උන්ගේ කන්වල කැත,,, හොඩ වැලත් නිකන් ඉර‍ටු කැල්ලක් ගහලා වගේ,අලියගේ ශරීරය නම් බලන්න දුකේ බැ ,ඉතින් කොහොමද මේක අපේ රටේ කියන්නේ, අපේ අම්මගේ මහ ගෙදර පරන අලියා පෝච්චියක් තියනවා ඒ කාලේ හදපු ඒව බලන්න ලස්සනේ බැ, ඔන්න ඊලගට සීගිරි අප්සරාවෝ අනිවා කාශ්යප රජතුමා දැක්කා නම් මේවා හදපු උන්වයි විකුනපු උන්වයි අරගෙන සීගිරිය කන්ද උඩට ගෙනියලා තල්ලු කරනවා බිමට,රජතුමා කියයි යකෝ මම අන්තංපුරේ තියාගේන හිටියේ මේ වගේ කෙල්ලෝ නෙමේ සුපිරි කෙල්ලෝ කියලා, තොපි ලස්සන කෙල්ලෙක්වත් ඇහැට දැකලා නෑද කියලා අහයි, සීගිරි ළලනාවෝ දෙන්නගේ මූන ඇදිලා ගිහින්,පිරුනු පියයුරු නෙමේ තියෙන්නේ එල්ලුනු පියයුරු යුගලක්, හරියට මන්ධපෝශනය හැදිලා වගේ අප්සරාවන්ට. කොහොමහරි අලියා පෝච්චිය නම් මම ගෙදර ගෙනාවා සීගිරි අප්සරාවෝ නම් බිම වැටිලා දෙකට කැඩුනා එහෙම්ම විසි කලා ඒකත්.
ඇත්තටම මේක කවුරුහරි ගෙනත් දීපු එකාට ඇස් දෙකක් තිබුනේ නෑද මන්දා,,,අනික තමා,මමත් මීගමු සංචාරක ප්‍රදේශයේ මේ වගේ දේවල් විකුනන කඩවලට ගිහින් තියනවා 10ක් ගත්තොත් 8කම තියෙන්නේ මේ වගේ කැත නිර්මාන,අපේ රටේ මේ නිර්මානකරුවෝ හිගවෙලාද,නැත්නම් සල්ලි හොයන්න නිකන් එහෙන් මෙහෙන් ගහලා දානවද මන්දා, අනික අපේ නිර්මානකරුවන්ට නුවර යුගයේ කැටයම් ටික නැතුව ගියා නම් නිර්මානවලට යොදන්න කැටයම් නැතුව යනවා මට හිතෙන විදිහට, තාමත් ඒ කැටයම් විතරයි පාවිච්චි කරන්නේ, ඒත් අද ඉන්දියානුවන්ගේ මේ අත්කම් නිර්මාන ලෝකය අල්ලල ඉවරයි,අඩ්ද ඉන්දියානුවෝ,පකිස්තානුවෝ ,බංගලිදේශ් තුන් ගොල්ලෝම එකතු වෙලා මේඩ් ඉන් ඉන්දියා කියන මේ අත්කම් නිර්මාන වලට මාකට් එක හදලා ඉවරයි, ඒ වගේම ඒ අත්කම් අලුත් නිර්මාන හරිම ලස්සනයි, අලියව උනත් දැන් ලස්සන කරලා නිකන්ම නිකන් අලියෙක් නෙමේ, මම මේ ලගදි ඉන්දියන් අත්කම් විකුනන කඩේකට ගියා ඒක කරන්නේ පකිස්තානුවෙක්, විකුනන්න තිබුන ලී වලින් කපපු ලස්සන බුදු පිලිමයක්,,බලන්න ලස්සනේ බැ, අපේ රටේ මිනිස්සු දැන් බුදුපිලිමෙවත් හරියට හදන්නේ නෑද මන්ද,මෙතන බැරිකමක් නෙමේ මට හිතෙන්නේ ලස්සන නිර්මානෙකට වඩා ඒක එහෙන් මෙහෙන් ගහලා කොහොමහරි විකුනගන්න.
කොහොමත් මේ යන විදිහට අපේ අත්කම් නිර්මාන වලට ලෝකේ තැනක් නැතුව යයි වගේ,බතික් උනත් අලුත් දේවල් නෑ ඒකත් පරන දේමයි,ලංකාවේ හොටෙල් ඇතුලේ තියන මේ වගේ අත්කම් විකුනන කඩවල නම් ලස්සනට කරපු නිර්මාන තියනවා මිලදී ගන්න ඒ හොටෙල් වලින් ඒ වගේ කොලිටිය බලන හින්දා වෙන්න ඇති, තව ටික කාලෙකින් ඉන්දියවෙන් ආයෙත් අපිට මේ කලා නිර්මාන ඉගෙන ගන්න වෙයි වගේ.