Pages

Sunday, December 25, 2011

සුභම සුභ නත්තලක් වේවා!!!

මගේ බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනාට ලැබුවාවූ නත්තල සුභම සුභ නත්තලක් වේවා!!!
තවත් නත්තලක් ලැබුවා රටින් පිට, 2007 නත්තල ලංකාවෙදි සැමරුවට පස්සේ තාමත් ලංකාවෙදී නත්තල සමරන්න බැරි උනා, මොනා කරන්නද ඉතින්, මේ සැරේ මගේ ගෙදර අයත් එක්කවත් නත්තල සමරන්න බැරි උනා, බලමු ලබන සැරේවත් ලංකාවෙදි සමරන්න.....

Saturday, December 17, 2011

අග...මුල...මුල ...අග



උත්සව සමයනේ,මේ කාලේ ජයටම යන වැඩක් තමා බූරුවා ගැසීම, ඉතාලියෙත් අපේ ලාංකිකයෝ අතර මේක බහුලවම යනවා, නීතිය ගත්තොත් ගෙයක් ඇතුලේ ගොඩක් දෙනෙක් ‍රැස්වී කෑ ගහලා අහල පහල මිනිස්සු කෝල් කරලා පොලෝසියෙන් පැන්නොත් මිසක් ඒත් ලංකාවේ වගේ පොලෝසියෙන් පැනලා බූරු ගහපු පැදුරු ඔලුවේ තියන් පොලෝසියට ගෙනියන්නේ නෑ,අපේ කස්ටිය මොකක් හරි බොරුවක් කියලා ශේප් එකක් දාගන්නවා ඇති,මොකද මම අහලම නෑ බූරු ගහලා පොලිසියෙන් ගෙනිච්චා කියලා, සමහර බූරු පොලවල් වලට ඇතුල් වෙන්නත් බෑලු යූරෝ 500,1000 සංවිධායකයන්ට පෙන්නන්නේ නැතුව,කොහොමද බූරු පොළේ ගුනාත්මකභාවය ,ඒවගේ තැන්වල විස්කි, බයිට්, සිගරට්, කෝපි, තේ නොමිලේ සපයනවා,අනික තමා ඒවගේ තැනක දින්න එකා අඩුම ගානේ යූරෝ විසිදහක්වත් අරගෙන තමා ගෙදර යන්නේ,පරදින එකත් ඕකේ අනිත් පැත්ත, මම අහලා තියනවා පැරදිලා හාට් ඇටැක් හැදිලා එතනින්ම ඇම්බියුලන්ස් පටෝපු උන් ගැනත්, ඇයි දෙයියනේ සමහරවිට අවුරුද්ද පුරා හම්බු කරපු සල්ලි සේරම ඔතෙන්ට පූජා කරලා කොහොම ගෙදර යන්නද ගැණිගෙන් ඉන්න ඈ.
මට මේක කියද්දි මතක් උනා කතාවක් අපේ ගමේ ‍රැකියාවට බූරු ගහපු පොරක් හිටියා, ඒත් ‍රැට ගෙදර ආවහම ගෙදර ගෑණි මූ දිනලද නෑද කියලා චෙක් කරලලු ගෙට ගන්නේ , පොර දිනන දාට ගෙදර ගැණි හරි සැලකුම් මැදලු ගේ ඇතුලට ගන්නේ, පරදිනදාට ඉතින් ගේ දොර අරින්නෙත් නෑලු,දවසක් පොර පොඩි අත් හදා බැලීමක් කලාලු, එදා ආවේ හොදටම පැරදිලාලු, ගේ දොර ගාවට ඇවිත් පොරගේ යාලුවන්ගේ එක එක නම් කියන ගමන් යමන්කෝ මම උබට මෙච්චරක් දුන්නා නේ,,උබට අච්චරක් දුන්නේ තවත් මදිද වගේ හයියෙන් කියනවලු,මේක ඇහිච්ච ගැණි දොර ඇරියලු ඇයි මේ යකා දිනලා සල්ලි බෙදනවා කියලා හිතලා,පොර කලේ එකපාරටම දොරෙන් ගේ ඇතුලට පැනපු එකලු.
ආ ආයේ එමු ඉතාලි බූරු පොලට,මේ වගේ ජයටම ගිය බූරු පොලකින් යූරෝ 25000 ක් වගේ ගානක් දිනපු පොරක් පහු ගිය සතියේ ගෙදර ගිහින් තියනවා, එදා ‍රැම ගෙදරට හොරු පැනලා,ප්ලැට් එකක උඩ තට්‍ටුවක හිටිය එකෙක්,කළු අර නින්ජලා වගේ මූන වහගෙන තුවක්කු අරගෙන පැනලා තියෙන්නේ, මුලදී නගරේ ආරංචිය ගියේ ලංකාවට යන්න ඉස්සරින්දා ගෙදරට හොරු පැනලා සල්ලි හොරකම් කලා කියලා,ගෙදරට පැන්නේ ඉතාලි ජාතිකයෝ 4ක් කියලා,ඔය පුවත අද ලංකාවේ ජාතික පුවත් පතකත් තිබුනා, ඒකේ නම් තිබුනේ මේ සල්ලි දිනුමකින් ලැබුනු ඒවා කියලා, හික්ස් හරිනේ දිනුමක් තමා සල්ලි බූරු ගහලා දිනලා ගෙනිච්ච සල්ලි නේ, ඒ එක්කම අද ආපු ආරංචියෙන් ආවේ අතන හොරු 4න් 2ක් ලාංකිකයොම තමා කියලා ඉතාලි පුවත් පතක තිබිලා ,,උන් දෙන්නව පොලිසියෙන් අල්ලලා,කොහොමහරි බූරුපොලෙන්ම දෙන්නෙක් කාව හරි ඉතාලි හොරු දෙන්නෙක් එක්ක එකතු වෙලා ගේම දීලා වගේ, කොහොම උනත් බූරු ගහලා දිනපු අනුන්ගේ සල්ලිම නේ. ඔන්න ඔහොමයි අපේ කස්ටිය අපේ රටේ නම ආරක්ශා කරන්නේ....

Monday, December 12, 2011

ජීවිතයේ තවත් කඩ ඉමක්....



මාසෙකට සැරයක් ගාට ගාට යන මගේ බ්ලොග් එකේ මේ මාසේ පලවෙනි පෝස්ට් එක,, ලියන්න දේවල් ඔලුවට ආවට මොනා කරන්නද ලියවෙන්නේ නෑනේ. ආ තවත් පණිවිඩයක් මගේ බ්ලොග් එකේ කොටන 3වෙනි රට. ලංකාවට ගිය වෙලාවකත් බ්ලොග් එකේ කුරු‍ටු ගෑවා පටන් ගත්තේ නම් ඉතාලියෙදි නේ, මේ පෝස්ට් එක කොටන්නේ ස්විඩනයේ ඉදන්. අදට සති 2ක් උනා මෙහෙට ගොඩ බැහැලා. ඉස්සරහට මෙහෙ විස්තරත් කියන්නම්,
ආ ජීවිතයේ කඩ ඉමක් කියලනේ පටන් ගත්තේ,,ඔව් අද නම් මට විශේස දවසක් සමහරවිට අද ඉදන් මගේ ජීවිතයේ 3 කොටස පටන් ගනීද මන්දා, ලංකාවෙදි 1 කොටස ගියා පාසල් ජීවිතයත් එක්ක 2 කොටස ගෙවුනා ඉතාලියේදි, අදින් පටන් ගන්න මගේ 26 වෙනි උපන්දිනයත් එක්ක තවත් රටකදී මගේ 3 කොටස ලියන්න ගන්න ගොඩක් ඉඩ තියනවා, ඒකට මේ දවස් වල පුල් ට්‍රයි බලමු.මොකද මමත් ලොකු බලාපොරොත්තු ලොකු ප්ලැන් එක්ක නෙමේ තාමත් මගේ ගමන යන්නේ, එන එන පැත්තට ගහ උලුවස්සා ක්‍රමේට. කොහොමහරි අවුරුදු 26ක් ගෙවුනා රටවල් 2කදී, අප්පේ ඉතාලියට එද්දි මම පොඩි එකානේ, පලවෙනි ඉතාලි කොලේට ගත්තු පොටෝ එකක් අම්මා ගාව තාම තියනවා ඒක දකිද්දී හිනා යනවා, පාස්පෝට් එකත් දෙවෙනි එක මේ වෙද්දි,පලවෙනි එකේ නම් මම පොඩිම එකා ඉන්නේ දෙවෙනි එකේ දැන් ඉන්න එකාමයි ඉන්නේ. අත්දැකීම් නම් ගොඩක් ගත්තා ඉතාලියෙදි, ඒවට මම ගොඩක් ආසයි, ලොකුම අත්දැකීමත් ගත්තානේ හපොයි තව පොඩ්ඩෙන් ඉතාලියේ ඉදන් උඩට යන්න වීසා එකත් අරගෙන උඩට ගිහින් එහෙන් ඩීපෝට් කලා නේ, තව පොඩ්ඩෙන් අවුරුදු 24න්ම කොල්ලා උඩ,,අද මේ බ්ලොගත් නෑ ඩිලාත් නෑ,අර මගේ නමේ ඉතුරු කැලි දෙකේ උන් දෙන්නත් නෑ. මට නම් කැලි 3ක් හින්දා මම ඔය 3ම පාවිච්චියට ගන්නවා නිකන් තියන එකේ.ඉතින් මුන එකක් නම් 3ක් එක්ක,,,චරිත 3ක් නම් ගෙනියන්නේ නෑ හරිය.
අද මගේ උපන්දිනේ වගේම අනිද්දා මගේ ආදරණීය අම්මගෙ 48 වෙනි උපන්දිනේ මේ උපන්දිනේට අම්මා ගාව මම නෑ. පුතෙක් අම්මා කෙනෙක්ට ගොඩක් ලගයි කියනවා නේ,,මමත් ඒ වගේම තමා , මේ ගෙවපු අවුරුදු 26ට මම කොහොමත් අම්මට ලොකු දුකක් දීලා නැ ඒ ගැන මම සතු‍ටු වෙනවා පුතෙක් හැටියට,,හැබැයි හොදටම ඇඩෙවුවා අර උඩට යන්න ගිය සිද්ධිය වෙලේ නම්,, ඒක ඉතින් හදිසි අනතුරක් නේ මොනා කරන්නද?
වැඩිය උපන්දිනේ ගැන ලියන්න බෑ වගේ බ්ලොග් ලියන්න ඇවිත් අහක තිබුනු බස් කෙරුවාවක් හින්දයි රේඩියෝ කෙරුවාවක් හින්දයි බ්ලොගේ විසි උනා පැත්තකට. මාසෙකට සැරයක් මකුණු දැල් කඩලා යනවා,,ලබන සතිය දිහෑ ස්විඩන් විස්තරත් ලියන්න හිතන් ඉන්නේ, කොහොමත් මේ ජංජාලේ හින්දා,කොටින්ම මේ බ්ලොග්,බස් ,රේඩියෝ කෙරුවාව හින්දා ජීවිතේට හිතමිතුරන් ගොඩක් අදුන ගත්තා,,පොඩි දුකක් තියෙන්නේ මේ එකෙක්වත් මට මුනගැහෙන්න බැරි උනා තාමත්, මාව ක‍ටුනායකින්ම පැහැරගන්න බලන් ඉන්න අයත් ඉන්නවලු ,චොකලට් බව්සරයක් බලන් ඉන්න අයත් ඉන්නවලු,,තව මොන මොනාද ඉල්ලනවා සලකන්න ඕනා කියලත්,,අනේ අපෝයි මේවා හිතද්දි මට එන්න හිතෙන්නෙත් නෑ. හා හා කස්ටියටම කියන්නේ ඉක්මනින් එන්නම්කෝ උබලා සේරමන්වම බලන්න. එහෙනම් උබලා සේරමන්ටම ජය වේවා!!! මටත් ජය වේවා!!!

Thursday, November 10, 2011

අපේ අත්කම් නිර්මාණ වලට ගිය කල



වැඩි කතා නැතුව ආපු ගමන් කතාව පටන් ගන්නම්,මේක මේ මට ලගදී උනු වැඩක් ඔන්න මම වැඩ කරන අවන්හලේ ගබඩාව සුද්ද කරන්න ගත්තා, සුද්ද බුද්ද කරන් යද්දි පෙට්ටියක් ඇතුලේ ඉදන් එකපාරටම එලියට ආවා දෙයක් ,හුටස් බැලින්නම් ලංකාවේ තියන අලියා පෝච්චියක්, ඕකේම තිබිලා ආයේ එලියට ආවේ බිත්තිවල එල්ලන ලී වලින් හදපු සීගිරි අප්සරාවෝ දෙන්නෙක්, කවුරු හරි කෙනෙක් මෙතෙන්ට තෑගි දීපු දෙයක්,,ඒ කොලවලින්ම ඔතලා එහෙම්ම මෙතෙන්ට වැටිලා ප්‍රයෝජනයට අරගෙන නම් නෑ, ඒ ගමන් අයිතිකාරයත් ඕවා අතට අරගෙන බලල එකපාරටම මූ කිවුවේ කැත මේකත් විසිකරපන්,,,මේවා මොන රටේ ඒවද? කියන ප්‍රශ්නේ අනිත් පැත්තට ආවේ, මූ කැත කිවුව හින්දා මට ශ්‍රී ලංකාව කියන්න පුලුවන්ද ඇදුමක් ඇදගෙන, මම අපේ රට ගැන ගහන බයිලා වල හැටියට,මම කියලා දැම්මා ආ මේවා ඉන්දියාවේ තමා තියෙන්නේ කියලා, මම දන්නවා නේ ඕකා හෝවා හොයන්නේ නෑ කියලා,සල්ලි හම්බ කරන්න දන්නවා උනාට ලෝකේ ගැන කිසි දැනීමක් නැති එකෙක්, මේ සිසිලියේ ඉන්න ගොඩක් උන් ඔහොමයි, උබ ලංකාවට යන්නේ නැවේද කියලා අහන උන් තාම ඉන්නවා,,,ලංකාව කොහෙද තියෙන්නේ කියලා අහන උන් ඉන්නවා ඉන්දියාව ලග කිවුවම ඉන්දියාවයි,මහත්මා ගාන්ධිවයි දන්නවා උනාට ඉන්දියාව කොහෙද තියෙන්නේ කියලා ගොඩක් උන් දන්නෙත් නැ.
අනේ මට මේවා අපේ රටෙ කියන්න බැරි උනු හේතුව තමා, අලියා පෝච්චිය අනේ අලි 3නා කේඩැරී වෙච්ච හරිම කැත අලි 3ක්,,උන් අලිද කියලත් හිතා ගන්න බෑ උන්ගේ කන්වල කැත,,, හොඩ වැලත් නිකන් ඉර‍ටු කැල්ලක් ගහලා වගේ,අලියගේ ශරීරය නම් බලන්න දුකේ බැ ,ඉතින් කොහොමද මේක අපේ රටේ කියන්නේ, අපේ අම්මගේ මහ ගෙදර පරන අලියා පෝච්චියක් තියනවා ඒ කාලේ හදපු ඒව බලන්න ලස්සනේ බැ, ඔන්න ඊලගට සීගිරි අප්සරාවෝ අනිවා කාශ්යප රජතුමා දැක්කා නම් මේවා හදපු උන්වයි විකුනපු උන්වයි අරගෙන සීගිරිය කන්ද උඩට ගෙනියලා තල්ලු කරනවා බිමට,රජතුමා කියයි යකෝ මම අන්තංපුරේ තියාගේන හිටියේ මේ වගේ කෙල්ලෝ නෙමේ සුපිරි කෙල්ලෝ කියලා, තොපි ලස්සන කෙල්ලෙක්වත් ඇහැට දැකලා නෑද කියලා අහයි, සීගිරි ළලනාවෝ දෙන්නගේ මූන ඇදිලා ගිහින්,පිරුනු පියයුරු නෙමේ තියෙන්නේ එල්ලුනු පියයුරු යුගලක්, හරියට මන්ධපෝශනය හැදිලා වගේ අප්සරාවන්ට. කොහොමහරි අලියා පෝච්චිය නම් මම ගෙදර ගෙනාවා සීගිරි අප්සරාවෝ නම් බිම වැටිලා දෙකට කැඩුනා එහෙම්ම විසි කලා ඒකත්.
ඇත්තටම මේක කවුරුහරි ගෙනත් දීපු එකාට ඇස් දෙකක් තිබුනේ නෑද මන්දා,,,අනික තමා,මමත් මීගමු සංචාරක ප්‍රදේශයේ මේ වගේ දේවල් විකුනන කඩවලට ගිහින් තියනවා 10ක් ගත්තොත් 8කම තියෙන්නේ මේ වගේ කැත නිර්මාන,අපේ රටේ මේ නිර්මානකරුවෝ හිගවෙලාද,නැත්නම් සල්ලි හොයන්න නිකන් එහෙන් මෙහෙන් ගහලා දානවද මන්දා, අනික අපේ නිර්මානකරුවන්ට නුවර යුගයේ කැටයම් ටික නැතුව ගියා නම් නිර්මානවලට යොදන්න කැටයම් නැතුව යනවා මට හිතෙන විදිහට, තාමත් ඒ කැටයම් විතරයි පාවිච්චි කරන්නේ, ඒත් අද ඉන්දියානුවන්ගේ මේ අත්කම් නිර්මාන ලෝකය අල්ලල ඉවරයි,අඩ්ද ඉන්දියානුවෝ,පකිස්තානුවෝ ,බංගලිදේශ් තුන් ගොල්ලෝම එකතු වෙලා මේඩ් ඉන් ඉන්දියා කියන මේ අත්කම් නිර්මාන වලට මාකට් එක හදලා ඉවරයි, ඒ වගේම ඒ අත්කම් අලුත් නිර්මාන හරිම ලස්සනයි, අලියව උනත් දැන් ලස්සන කරලා නිකන්ම නිකන් අලියෙක් නෙමේ, මම මේ ලගදි ඉන්දියන් අත්කම් විකුනන කඩේකට ගියා ඒක කරන්නේ පකිස්තානුවෙක්, විකුනන්න තිබුන ලී වලින් කපපු ලස්සන බුදු පිලිමයක්,,බලන්න ලස්සනේ බැ, අපේ රටේ මිනිස්සු දැන් බුදුපිලිමෙවත් හරියට හදන්නේ නෑද මන්ද,මෙතන බැරිකමක් නෙමේ මට හිතෙන්නේ ලස්සන නිර්මානෙකට වඩා ඒක එහෙන් මෙහෙන් ගහලා කොහොමහරි විකුනගන්න.
කොහොමත් මේ යන විදිහට අපේ අත්කම් නිර්මාන වලට ලෝකේ තැනක් නැතුව යයි වගේ,බතික් උනත් අලුත් දේවල් නෑ ඒකත් පරන දේමයි,ලංකාවේ හොටෙල් ඇතුලේ තියන මේ වගේ අත්කම් විකුනන කඩවල නම් ලස්සනට කරපු නිර්මාන තියනවා මිලදී ගන්න ඒ හොටෙල් වලින් ඒ වගේ කොලිටිය බලන හින්දා වෙන්න ඇති, තව ටික කාලෙකින් ඉන්දියවෙන් ආයෙත් අපිට මේ කලා නිර්මාන ඉගෙන ගන්න වෙයි වගේ.

Sunday, October 23, 2011

ශූරයෙක්ගේ නික්මයාම


මාර්කෝ සිමොන්චෙල්ලි කියන නම මෝටර් බයිසිකල් ධාවන තරග රසිකයන්ට නුහුරු නෙමේ,,ඉතාමත් දක්ශ ධාවකයෙක් මෝට ජී.පී අංශයෙන්,ඒත් අද දහස් ගනන් ප්‍රේක්ශකයන් සහ මිලියන ගනන් රූපවාහිනි ප්‍රේක්ශකයන් ඉදිරියේ මැලේසියාවේ සෙපෑන්ග් ධාවන පථයේ සිදු වූ බරපතල අනතුරක් හේතුවෙන් ධාවන පථය මතම මිය ගියා.
ඉතාලි ජාතිකයන් ලෝක මෝටර් බයිසිකල් ධාවන තරගවල පෙරමුන ගන්නවා නිරන්තරයෙන්ම, ඒ අතරින් මේ මෝටර් ජී.පී අංශයෙන් ගොඩක්ම දක්ශතා පෙන්වපු ඉතාලි ජාතිකයන් අතරින් මාර්කෝ ගොඩක් ඉදිරියෙන් හිටියා..මෙයා මෝටර් ජී.පී අංශයට ඇවිල්ලා තියෙන්නේ 125 අංශයෙන් 2002දි අප්‍රීලියා කණ්ඩායමෙන්,එතකොට මෙයාගේ වයස 16 විතර කියලා තමා කියන්නේ. මේ අංශයෙන් දක්ශතා දක්වපු මාර්කෝ 2006 දී 250 අංශයෙන් ධාවනයට එකතු වෙනවා ජිලේරා මෝටර් බයිසිකල් කන්ඩායමෙන්. මේ අංශයෙන්ම 2007 දී නැවතත් අප්‍රීලියා කන්ඩායමට එකතු වෙන මාර්කෝ,2008 දී 250 අංශයෙන් ලෝක ශූරතාව හිමිකර ගන්නවා ජිලේරා කණ්ඩායමෙන්ම. 2009 දිත් තුන්වන ස්තානයට පත්වෙලා, 2010 සුපර් මෝට ජී.පී අංශයෙන් තරග වලට එකතු වෙනවා, මේ අංශයෙන් තමා තරගකරුවෙක් තමාගේ දක්ශතා උපරිමයට ආවහම තරගවලට ඉදිරිපත් වෙන්නේ. ඒ හොන්ඩා කණ්ඩායමෙන්,ඒ වසරේ 8 වෙනි ස්ථානයට පත් වෙනවා..මේ වසරෙත් හොන්ඩා කණ්ඩායම නියෝජනය කරන මාර්කෝ කේසි ස්ටෝනර්,ජෝජ් ලොරෙන්සෝ ,අන්ද්‍රයා ඩොවී , වැලෙන්තීනෝ රොස්සී වගේ ප්‍රභල තරගකරුවන් අතරින් මේ වෙද්දි 6 වෙනි ස්ථානයට පත් වෙලා,මේ වසරේ අවසන් තරගයට පෙර තමා මේ මැලේසියා සේපෑන්ග් තරගය පැවතුනේ. මම හිතන්නේ මාර්කෝ අනිවාර්යෙන්ම පලමු තරග කරුවන් 5 අතරට එන්න බොහෝ ඉඩ තිබුනා,,,ප්‍රබල තරග කරු වැලෙන්තීනෝ රොස්සීවත් අභිබවාගෙන.
ඉතාමත් අඩු වයසකින් ලෝක ප්‍රසිද්ද වෙලා අවුරුදු 24 දීම තම ජීවිත ගමන නිමා කෙරුවා,තමා දක්ශතා පෙන්නපු , ආසා කරපු මෝටර් බයික් ධාවන තරගයක් අතරදිම... මෝට බයිසිකල් ධාවන තරග අනතුරුදයක තරග අංශයක් උනත් ලොකු ක්‍රීඩා ලෝලීන් ප්‍රමානයක් රදවා ගන්න ක්‍රීඩාවක්,, ඔයාලා දකිනවා ඇති අපි කියන්නේ කනේ වැලි ගෑවෙන්න වංගු ගන්නවා කියන්නේ ඒ වගේ ත්‍රාසජනක සිදුවීම නිසා තමා මම උනත් මේ තරග වලට ආසා කරන්නේ. අද උදේ අපි වැඩකරන ගමන් ටීවී එකේ මේ තරගය නරබමින් හිටියේ ඇත්තටම අපේ ඇහැට කදුලුක් එක් කලා මේ අනතුර,,
ඉතින් සුභ ගමන් මාර්කෝ සිමොන්චෙල්ලී!!!




Monday, September 19, 2011

ගෘහස්ත ළමා හිංසනය


බයවෙන්න එපා මාතෘකාව ලොකු උනාට ,දහ අතේ කල්පනා කරලා මේක දැම්මේ ගැලපෙනවද මන්දා ඔන්න ඔහේ දැම්මා. ඔන්න එහෙනම් පටන් ගත්තා. පහු ගිය දවසක මට මෙහෙ ටීවී එකෙන් බලන්න ලැබුනා නිවුස් එකක් ස්කැන්ඩිනේවියා රටක පදිංචි වෙලා ඉන්න ඉතාලි ජාතිකයෙක්ව හිරේ යවලා,,ඉතින් අපිට මොකෝ නේ ඒත් මේකට හේතුව හරි අපූරුයි ,පාරෙදී තමන්ගේම පොඩි දරුවට පහර දුන්නා කියලා හේතුව, වැ‍රැද්දක් කරපුවහම තාත්තා ගහන්නේ නැතුව අල්ලපු ගෙදර ඉන්න එකා ගහන්නද කියලයි මට හිතුනේ,කොහොමහරි මේ තාත්තට විරුද්දව පාරේ ඇසින් දු‍ටු සාක්ශි කීපයකම තියනවා ලු, මේ වගේ පුවත් කීපයක්ම ලගක ඉදන් අහන්න ලැබුනා මට,,අනික් දේ ඔය ස්කැන්ඩිනේවියා රටක පදිංචි මාගේ මිතුරෙක් කිවුව කතාවක්,,එහේ පදිංචි ලාංකික පවුලකත් ඔහොම දෙයක් උනාලු, දරුවන් දෙමවුපියන්ට විරුද්දව පැමිණිලි කරලා , තවත් ඔහොම තොරතුරක් දැක්කා තමන්ගේ අම්මට එරෙහිව පැමිනිලි කරලා තමන්ගේ අම්මා තමන්ගෙන් වැඩ ගන්නවා කියලා බලද්දි පොලිසියෙන් හොයලා බලද්දී වෙලා තියෙන්නේ ඒ ළමයට අම්මා කියලා තියෙන්නේ කෑම කාලා ඉවර වෙලා තමාගේ පිගාන හෝදන්න කියලා, මෙහෙමත් නීති මුන්ට පිස්සු, හැබැයි පිස්සුවෙන් වගේ දරුවන්ට දඩුවම් කරන දෙමවුපියනුත් ඕනා තරම් ඉන්නවා,යම් ප්‍රාමානෙකට නෙමේ දඩුවම ඉවරයක් නැ,,එහෙම අයට ඉතින් නීතියෙන් දඩුවම් කලත් කමක් නෑ වගේ,පිස්සු හැදිච්ච දෙමවුපියන් යුරෝපේ වැඩි නිසා මේ නීති ආවද මන්දා.
මම මේ කල්පනා කලේ අපේ රටේ මේ වගේ නීති තිබුනොත් මොනා වෙයිද කියලා, ඇයි දෙයියනේ අපි දන්න කාලේ ඉදන් ගු‍ටු මිටි මිටි කැවේ කරපු කුප්ප වැඩ වලට.දැන් හිතෙනවා ඒ වැඩවලට ගහපු එක හොදයි කියලා,,මම පොඩි කාලේ මගේ දකුණු කන ඇදයි පොඩ්ඩක් අපේ අම්ම කනම කරකෝලා,ඉස්සර අර ටීවී වල චැනල් කරකෝනවා වගේ තමා නිතරම.කොහොම උනත් ඒ කාලේ අපිට දඩුවම් නොකල නම් අපි මේ වෙද්දි මෙහෙම ඉන්න එකක් නැ,,මොකද මම 2 වසරේ විතර ස්කෝලෙන් ලග ඉන්න එකාගෙ තුල් මාරු කරන පැන්සලක් ඉස්සුවා,ගෙදර ඇවිත් ඉතින් ඕක කොහොමහරි පැන්සල අම්මා දැක්කා ,කොහෙන්ද කියලා අහලා ඉතින් බොරු කිවුවට සැරෙන් අහද්දි ඇත්තම කියන්න උනා,,අම්මෝ කාපු ගුටි වල තරමක් තාම මතක් වෙද්දිත් රිදෙනවා ,එදා පහුවෙනිදම ස්කෝලෙට ගියෙත් පාර දිගට ගුටි කකා,කොහොමහරි මිස් තමා ගුටි කන එකෙන් බේර ගත්තේ ස්කෝලෙට ගිය හින්දා,,,අරූට පැන්සල දීලා සමාව ගන්නත් උනා,මිස්ගෙනුත් සමාව ගන්න උනා.
කොහොමහරි එදා ඉගෙන ගත්තු පාඩමේ හැටියට අද වෙනකනුත් අනුන්ගේ දේකට අතක් තියලා නෑ.පුංචි කාලේ දෙමවුපියන් අපි කරන වැරදි වැඩවලට දඩුවම් කලේ නැත්නම් ඇත්තටම අපි වැඩිහිටියන් වෙන දාකට හොද මිනිස්සු විදිහට නෙමේ සමාජෙට යන්නේ,එහෙම බලද්දි මේ යුරෝපෙ උන්ට පිස්සු හැදීගෙන එනවා වගේ මට හිතෙන්නේ.
අනික් දේ තමා යුරෝපේ කාලෙකට ඉස්සල්ලා පාසල් වලදී දඩුවම් කරන එක නැවතුනා,,මේ වෙද්දී අපේ රටෙත් දඩුවම් කිරීම නැවතිලා තියෙන්නේ, සමහර ගුරුවරු අපිට බොරුවට දඩුවම් කරපු වෙලාවලුත් තිබුනා ,,සමහර වෙලාවට එයාලගේ හිතේ තිබුනු තරහවල් ළමයින්ගේ පිටින් යවන වෙලාවල් තිබුනා,ඒත් එහෙම නොවී අපිට උගන්නන්නම අදහසින් දඩුවම් කරපු ගුරුවරු අපේ රටේ හැම ස්කෝලෙකම වගේ ඉන්නවා, ඒ වගේ ගුරුවරු අදටත් නැතුව නෙමේ,,ඒත් අද ඉතින් ලංකාවේ ස්කෝලෙක ගුරුවරයෙක් දඩුවම් කලොත් දෙමවුපියන් පොලිසි යනවා නැත්නම් හැන්දෑවට ගුරුවරයා වැඩ ඇරිලා යද්දි ගුරුවරයට පහර දෙනවා. එහෙම බලද්දි යුරෝපයේ කාලෙකට පෙර ආපු ඒ නීති මේ වෙද්දි ගෙවල් වලට ඇවිල්ලා. දැන් අපේ රටේ ස්කෝලෙට ආපු ඒ නීති යම් කාලෙකදි ගෙවල් වලට එයිද? එහෙම උනොත් නම් මහා ජල්බරියක් වෙන්නේ. සමහරවිට ඉදිරි කාලේ අපිට හිරේ ලගින්න වෙයිද මන්දා අපේ දරුවන්ට දඩුවම් කරලා?

Tuesday, September 6, 2011

මෙහෙමත් හොරු



මොන වෙඩිමක්ද මේ කියලා හිතෙන්නේ මේ වෙලාවට තමා ඇයි දෙයියනේ මේ හොරු මේ ටිකේම මගේ පස්සෙන් පන්නනවා නේ, තව පොඩ්ඩෙන් අද මගේ දුප්පත් බයිසිකලේ උස්සන්නේ. ඔන්න මම අද සවස වැඩට ගිහින් වැඩ ඉවර වෙලා ඔන්න ලග බාර් එකට ගියා,,හෝව් හෝව් බොලාලා හිතන්නේ මම වැඩ ඉවර වෙලා ශොට් එකක් දාන්න කියලද පිස්සු හැදෙයි මම හොද කොල්ලෙක්,මම ගියේ ටී එකක් බීලා සීනි බනිසක් කන්න වගේ කැෆේ එකක් බීලා මෙහෙ තියනවා ඔය බනිස් වගේ එක එක ජාති තියනවා ඒවා එකක් කන්න ගියේ.මොනා කරන්නද බාර් වල තමා ඕවා සේරම තියෙන්නේ උඩ රාක්කවල බැබලෙනවා අරවත් පේලියට මම නම් ඕවා දිහා ඇහැක් ඇරල බලන්නේ නෑ. එක එක ජාතියේ ඒවා කැෆේ එක බොන ගමන් වම් ඇහැ යනවා ඒත් අහක බලා ගන්නවා.
ඔන්න මම කාලා බීලා එලියට ආවා මෙන්න බොලේ එකෙක් මගේ බයිසිකලේට දාලා තියන ඉබ්බට යතුරු වගයක් දානවා එකක් දානවා කරකෝනවා හොල්ලනවා ආයේ දානවා,හරියට උගේ වගේ,,මම බයිසිකලේට දාලා තියෙන්නේ ඉබෙක් එක්ක දං වැලක් ,නැතුව බයිසිකලේ පරිස්සම් කර ගන්න බැ,,මේ ලගදි සීට් එකත් ගලෝගෙන ගිහින් තිබුනා, ඔන්න මම අරූගේ වැඩේ දිහා බලන් ඉන්නවා මූ මොකද කරන්නේ කියලා ,බැරිම තැන මම ගියා බයිසිකලේ ලගට ගිහින් මගේ යතුර ගත්තා එලියට මු ම දිහා බලල හිනා වෙලා අහනවා උබේද බයිසිකලේ කියලා,මම ඔව් කිවුවහම කියනවා ආ මට සමාවෙයන් කියලා මෙන්න මූ යන්න යනවා, විනීත හොරුත් ඉන්නවා බලන් යද්දී,ඌ නම් ඉතාලි ජාතිකයෙක් නෙමේ නැගෙනහිර යුරෝපා රටකින් ආපු අනාත පොරක් වගේ...
මේ ටිකේම මගේ පස්සෙන් හොරු එනවා වැඩීනේ කොහොමත් පහු ගිය අගෝස්තු 15 ගෙදරට හොරු පැනලා ගේ සේරම අනිත් පැත්ත හරෝලා ගෙනියලා තිබුනේ මගේ ලැප විතරයි නේ, අනේ පොලිසියකට ගියා උන් නෙමේ තාම අපේ ගේ පලාතෙවත් ආවේ, පැමිනිල්ල ලියන්න ගිය වෙලේ නම් අනේ පු‍ටු පෙන්නලා වාඩි වෙන්න කියලා,නිලධාරියා ආව ගමන් කියන්නම් කියලා,,ඔන්න ඌ ආවා කියලා උගේ කාමරේ පෙන්නලා,,,අපි එතෙන්ට යද්දී පොර ඉන්නවා පොරගේ කාමරේ එලියට වෙලාම අපි එනකන්,අම්මෝ බලන්න එපැයි අපිට තිබුනු සැලකිලි , ඒක විතරයි ලැබුනේ , ඉක්මනින් ලැප ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා කියලා මූ මාව ආයේ දොර ගාවට ගෙනත් ඇරලා ගියේ. ඒ අතින් ඒක තමා මෙහෙ පොලිසියේ වෙනස,,හොරු පැන්න එකට නම් පලාතේ ආවේ නැ අපේ ගෙදරට ඒත් ඉතින් හිතලා බලද්දී උන් මොනාට එන්නද හොරු පැන්නට පස්සේ.
කොහොමහරි මේ ලගදී නියම වැඩක් ආරන්චි උනාමගේ යාලුවෙක් ඉන්නවා තට්‍ටු 5ක් විතර උස ප්ලැට් එකක් ඕකේ ඉන්නේ ඉතාලි අයට වඩා විදේශිකයෝ ,කොහොම හරී එක පාරටම මේ ප්ලැට් එකම මාර කුණු ගදක් ගහන්න අරගෙන එක ගෙයක් වහලා ඒ ගෙදරින් ලු එන්නේ ඒ ගෙදර ඉදලා තියෙන්නේ මොරොක්කෝ මිනිහෙක් විතරලු ඌත් හෙන ජල්තර පොරක් ලු, මේ අනිත් ගෙවල් වල ඉන්න උන් හිතලා තියෙන්නේ මූ මැරිලා කියලා මුන් පොලිසියට එනවලු, ටිකකින් පොලිසිය ආවලු පොලිස් කාර් 20ක් විතර,අර ගැස් වෙස් මුහුනු දාගෙන නිකන් හෙන මෙහෙයුමකට යනවා වගේ,,අර ඉංග්‍රීසි පිචැර් වල එන්නේ තුවක්කු මානගෙන ඒ වගේ,,,ආ තව ගිනිනිවන වාහනයක්,,ඇම්බියුලන්ස් එකක්, පොලිසි දෙක තුනකින්ම වාහන,,ඇවිල්ලා කැඩුවලු දොර බලද්දී අරූ මොකක් හරි කේස් එකකට ගෙදරින් පැනලා ගිහින් මු කන්න ගෙනාපු මස් වගයක් මේසේ උඩ දාලා ගිහින්ලු ඒක කුණු වෙලා ගද ඇවිල්ලා තියෙන්නේ,,අනේ කට්ටිය ආපහු හැරිලා ගියාලු මූණු පපඩම් වගේ කරගෙන. හොරු ගැන කියලා පොලිසිය ගැනත් කියලා දැම්මා. බලමු ආයේ මාව හොයන් මොන හොරෙක් එයිද දන්නේ නෑ.

Monday, August 1, 2011

අවදි වු යෝධයා....

මේ මාස දෙක තුනේම විටින් විට මේ යෝධයා ඇහැරෙනවා, ලොකු හානියක් නොකලත් මේ යෝධයවත් විශ්වාස කරන්න බෑ...ආ යෝධයා කවුද කියලා කියන්න අමතක උනා නේ... ධර්මයගේ තවත් එක් නිර්මානයක්,,,යුරෝපයේ තිබෙනා එක් සක්‍රීය ගිණි කදු රාජයෙක්,,,යෝධයාගේ නම එට්නා ගිනිකන්ද, මෙයා තමා යුරෝපේ ඉන්නා උසම සක්‍රීය ගිනිකදු යෝධයා... මේක පිහිටලා තියෙන්නේ දකුණු ඉතාලියේ සිසිලි දිවයිනේ,,,මධ්යදරනි මුහුදේ තිබෙනා ගිණි කදු දෙකෙන් එකක්.. අනෙකා ස්ට්‍රොම්බෝලි නමින් හදුන්වන කුඩා ප්‍රමානයේ ගිනි කන්දක්,,ඒකත් අයිතිවෙන්නේ සිසිලි දිවයිනටම අයත් තවත් පුංචි දිවයිනක. ඉතාලියට ගිණි කදු 3ක් තියනවා අනෙකා නම් නාපෝලි නම් නගරයේ පිහිටා තිබෙනා විසූවියස් ගිණිකන්ද මේක නම් මම තාම දැකලා නැ,මේකත් ක්‍රි.ව. 79 දී විශාල හානියක් සිදුකරමින් ගම් පිටින් යට කරගෙන පුපුරා ගිය ගිනි කන්දක්,,දැන් නම් නිදාගෙන හිටියට.
අපි එමු ආයේ එට්නා වෙතට අවසන් වතාවට පහුගිය 30 වෙනිදා තමා මෙයා ආයෙත් නැගිට්ටේ. ඒකේ වීඩියෝවක් පහල ඇති. එට්නා ගිනි කන්දේ උස මීටර් 3330 විතර කියලා කියන්නේ, මේ කන්ද සීත කාලෙට පුදුම ලස්සනක්,,,හිම වලින් පුරෝගෙන සුදෝ සුදට ඉන්නේ,,, ඒත් රශ්නේ කාලේ එද්දී මෙයා ඇහැරෙනවා,,මේ වසරේ නම් ලොකු සද්දයක් දැම්මේ නැ, ඒත් මට මතකයි පහු ගිය වසරක මෙයා ඇහැරුන පාරට මා සිටිනා නගරයට පවා අලු ආවා, මා සිටින්නේ මේකට 150 කිලෝමීටර පමන දුරකින්. කොහොමත් මේ වසරේ නම් විශාල පිපුරුම් වාර්තා වෙලා නැ,,,ඒත් මේ වසරට මේ වෙද්දී අට වතාවක් පමන අවදි වෙලා තියනවා , ඒත් මේ වසරේ ලොකු පිපිරුම් නොමැති ඌවත් එට්නා ගිනි කන්දට අසලම විශාල නගරය වන කතානියා නම් නගරයේ ගුවන් තො‍ටුපල නම් වසා දැමුවා 3 වතාවක් පමන. ගිණි කදු පිපිරුම් ඇති උනාම එයින් පිට වන අලු ගුවන් යානා වලට අහිතකරව බලපැම මීට හෙතුව,ඔයාලට මතක ඇති මේ වසරේ මුල අයිස්ලන්තේ ගිනිකදු පිපිරුමක් නිසා යුරෝපයේ ගුවන් තො‍ටුපලවල් විශාල ප්‍රමානයක් වසා දැමුවා.
එට්නා ගිනිකන්ද පාමුල වට පොඩි පොඩි නගර විශාල ප්‍රමානයක් තියනවා,,,ඒ නගර වල මිනිස්සුන්ගේ ප්‍රාදාන ආදායම් මාර්ගය තමා මේ ගිනිකන්ද, ප්‍රදානවම සංචාරක වියාපාරය සහ ගොවිතැන,,සංචාර්කයින් විශාල ප්‍රමානයක් නිරන්තරයෙන් මෙහි ගැවසෙනවා,,අනික ලෝකයේ රසම දොඩම් වර්ගයක් වන රතු දොඩම් වැවෙන්නේ මේ බිමේ ,දොඩම් ගෙඩියේ මැද රතුම රතු පාටයි,,ඇත්තටම පුදුම රසයක් තියෙන්නේ,,මේ දොඩම් මිලෙන් වැඩී අනික් ඒවට වඩා , මෙහි තිබෙන අනික් වගාවන්ද තරමක් මිල අදිකයි,,,ඒකට හේතුව මේ බිමේ වැවෙන සියලුම දේවල් වල ගුනදායක බව වැඩී කියලා,,,ඊට හේතුව මේ ගිනිකන්දමලු.
කෙසේ උනත් මේ ගිනිකන්ද සක්‍රීය නිසාම සිසිලි බිමේ නිරන්තරයෙන්ම පොඩි පොඩි භූ චලන ඇති වෙනවා ඒ වගේම පොලව අභ්යන්තරයෙන් එට්නා ගිනි කන්ද සහ ස්ට්‍රොම්බෝලි ගිනි කන්දේ සම්බන්දයක් තියනවා ලු මේ දෙකම සක්‍රීය ගිනිකදු නිසා, ස්වභාව ධර්මයේ යම් විශාල බලපැමක් උනොත් මේ සබදතාවයෙන් සිසිලි දූපත චක බ්ලාස්ට් වෙන්න බැරි කමකුත් නෑ කියලා තමා කියන්නේ,,,අනේ මම මේ බිමේ ඉන්න තුරු ඒසේ දෙයක් නොවේවා,,, හොදට මතක තියා ගන්න සමහරවිට ලග කාලෙක ධර්මයා එහෙම කලොත් මමත් මේ බිමේ හිටියාය,,,මේ ගැන බ්ලොග් ලිපියක් ලිවුව බවත් මතක තියා ගන්න හොදද.... ධර්මයා කියන්නෙත් විශ්වාස කරන්නම බැරි පොරක් නේ. පොරට හිතුනද කෙරුවා ආයේ ලොවෙත් නැති වෙන්නම.


මේ ජායාරූප මේ වසරේ මෑයි මස ඈති ඌ පිපිරුමේදීය


මෙය පහුගිය 30 වෙනිදා පිපිරුමේ වීඩියෝ දෙකකි


Monday, June 27, 2011

වරද කාගෙද?

දින 2ට ඉස්සල්ලා මගේ ලගම යහලුවෙක්ගෙන් දුරකතන ඇමතුමක් ආවා,ඒත් අහන්න ලැබුනේ දුක්බර ආරංචියක්,යාලුවගේ මවගේ පාර්ශවයේ නෑයෙක්ගේ අභාවයක්. මාර්කෝ ප්‍රනාන්දු කියලා වයස 18ක තරුනයෙක් මිය යාමට හේතුව දිවිනසා ගැනීම. දින 10ට ඉස්සල්ලා ගෙදරින් රන්ඩු කරගෙන ගෙදරින් පැනලා ගිහින්, මේ දින 10 ම දෙමවුපියන් මාර්කෝව හොයලා,පත්තර වල දැන්වීම්,පොලිසියෙනුත් සැහෙන්න හොයලා තියනවා,,ඒත් ඉතාලියේ පොලිසිවලින් තරුණ අය ගෙවල් වලින් පැනලා ගිහාම හොයනවා අඩුයි. මොකද ඒ තරමට පැනලා යන නිසාම. අවසානෙදී මළ සිරුර හම්බවෙලා තියනවා දවස් 10ට පස්සේ නගරේ හරහා ගලා යන ගං ඉවුරක තිබිලා සිරුර හදුනා ගන්න බැරි තරමටම නරක් වෙලා,පවුලේ අය හදුනා ගෙන තියෙන්නෙත්,දත් ඉදිරියට ඒම සදහා දත්වලට දාපු කම්බියකින්.
මේ වෙද්දී නොයෙක් නොයෙක් හේතු කියනවා මේ තරුනයා සියදිවි හානිකරගත්ත එක ගැන, මේ තරුනයා ඉතාලියෙම ඉපදිලා සම්පූරන යුරෝප් ක්‍රමේටම හැඩගැසී ජීවත් වෙච්ච කෙනෙක්,පහු ගිය දවස් වල ඉතාලි ජාතික තරුනියක් වෙච්ච තමාගේ ප්‍රේමවන්තියත් මෙයාව අතැරලා ගිහින් තියනවා,ගෙදරින් කියන්නේ එදා රන්ඩුවට හේතුව විභාගය අසමත්වීම කියල.
ඒත් මට හිතෙන විදිහට ඉතාලියේ ජීවත් වෙන ලාංකික පවුල් වල සිදුවෙන පොදු දෙයක් බවට පත් වෙච්ච ප්‍රශ්නයක්,මොකද දෙමවුපියන් සහ දරුවන් අතර සබදතාවය ඉතාමත් නරක පැත්තට හැරිලා තියනවා,,මොකද උදෙන්ම ගෙදරින් පිටත් වෙන දෙමවුපියන් සහ දරුවන් මුන නොගැසෙන තරමට ඇත් වෙලා, ඒ එක්කම යුරෝප් ක්‍රමේටම හැඩගහෙන දරුවන් උනත් ගෙවල් වලට එන්නේ ‍රැ නිදියන්න ඕනා උනාම බවට පත් වෙලා, දරුවන්ට දක්වන ආදරය ගොඩක් දුරට අඩු වීම මම මේ දිවිනසාගැනීමට හේතුව විදිහට දකිනවා,
ආරංචි විදිහට මේ තරුනයා ලග කාලෙක ඉදන් කිසිම කෙනෙක් එක්ක ආශ්‍රයක් නැතුව තනියම ඉන්න පුරුදු වෙලා තියනවා,තමන්ගේ හිටිය ලගම යාලුවන්ගෙන් පවා ඇත් වෙලා තියනවා, මට පේන්නේ ලොකු මානසික පීඩනයක ඉදලා වගේ.මගේ යාලුවා කියපු විදිහට එයාලත් මේ දිවිනසා ගැනීමට පැහැදිලි හේතුවක් දන්නේ නැ, එද ගෙදරින් රන්ඩුකරන් එලියට බැහැලා ගිය වෙලේ පාරෙදී මෙයාට එයාගේ මාමා කෙනෙක් හම්බවෙල කතා කරලා ගිහින් තියනවා,ඒත් ඒ කෙනත් වැඩිය ගනන් අරගෙන නැ මොකද මේ තරුනයා ‍රැ 9,10ට පාරෙදී දකින්න ලැබෙන හින්දා. කොහොමහරි අවසානෙදී තවත් තරුන ජීවිතයක් අකාලේ විනාශ වෙලා ගිහින්, පැහැදිලි හේතුවක් නැති දිවි නසා ගැනීමක්. දෙමවුපියන් උනත් සල්ලි හොයන එකටම වඩා දරුවන් ගැන අවධානයක් යොමු කරන්න ඕනා,අනික විදේශ රටක ඉද්දී ඒක ගොඩක් තදටම කරන්න ඕනා දෙයක් මම හිතන්නේ,සංස්කෘතික 2ක ජීවත් වීමේදී දෙමවුපියන් දැනගන්න ඕනා දරුවන්ව යහමග ගෙනියන්න. අන්තිමේදී සල්ලි හොයන්න ආපු දෙමවුපියන්ට තමාගේ දරුවගේ නරක්වී විරූප වී ගිය මල ශිරුර ලැබුනේ. ප්‍රශ්න තිබුනත් නැතත් දරුවෝ විදිහට අපෙත් යුතුකම් ගොඩක් තියනවා,අපිත් ඒවා ගැන හිතන්න ඕනා.

Thursday, April 28, 2011

ඒකි ගියා මල්ලි....

මල්ලි මම සේරම දින්නා කියලා හිතුවට අන්තිමට ලොකුම දේකින් ආයෙත් පැරදුනා..මම 10 වසරට වෙනකන් විතරයි ඉස්කෝලේ ගියේ,,,ගෙදර තිබුන බර මට කරගහන්න උනා.ඉස්කෝලෙන් නැවතිලා මම මේසන් බාස් කෙනෙක්ට අත්වැඩ දෙන්න ගියේ,,ඒ වෙද්දී මගේ තාත්තගේ රස්සව උනෙත් මේසන් වැඩේ,,එයා හොද බාස් කෙනෙක් ඒ හැකියාව මටත් ඔහොම්ම පිහිටලා තිබුනා...මාස 6ක් වෙද්දී මමත් මේසන් හැන්ද අතට ගත්තා. බාස් කෙනෙක් නොවුනත් මේසන් හැන්ද මට ඉක්මනින්ම හුරු උනා.මම ගොඩක් මහන්සියෙන් වැඩ කලා පවුලේ තාත්තයි මමයි වැඩ කලේ කොහොමහරි ලොකු සල්ලියක් නැති උනත් අපිට කාලා බීලා ඉන්න ඇති උනා,පොඩියට ගේත් හදාගත්තා.අවුරුදු 18 වෙද්දී මම චැලියක් ගත්තා සල්ලි එකතු කරලා පොඩි සල්ලියක් පොතේ දාගෙන හිටියේ ඒ වෙද්දි,ඔහොම ඉද්දී තමා ඒකාලේ බෝට්‍ටුවෙන් ඉතාලි එන වැඩේ නැගලා ගියේ,අපේ ලොකු බාස් බෝට්‍ටුවෙන් ඉතාලි යන්න සෙට් කරගෙන මටත් කතා කලා,ඇත්තටම අපේ පැත්තේ ගොඩක් උන් ඒ වෙද්දී ඉතාලි ගිහින් ඇවිත් ගෙවල්,වාහන එහෙම අරගෙන ජයටම හිටියා,ඉතින් මල්ලි මටත් ඒ ආසව තිබුනා,මටත් ඕනා උනා දියුනුවෙන්න,කොහොමහරි ගමනට ලක්ශ තුනහමාරක් ඕනා කලා,,මට පුලුවන් උනා ලක්ශ එකහමාරක් සෙට් කර ගන්න,,ඉතුරු හරිය ගේ උගස් තියල හොයාගෙන තම මල්ලි මම ඉතාලි ආවේ.
මල්ලි මම ආපු දා ඉදන් ගොඩක් මහන්සිවෙලා වැඩ කලා,කොහොමහරි ටික දවසකින්ම මම ලංකාවේ කරපු මේසන් වැඩේම මෙහෙත් සෙට් උනා..අත් උදවු දෙන වැඩෙන් තමා මෙහෙත් මම ආයෙත් පටන් ගත්තේ,,ඒත් හොද ගෙවීමක් කලා,,ටික දවසකින්ම මට මෙහෙත් බාස් වැඩේම ලැබුනා.කොහොමහරි අවුරුද්දක් යද්දී මම සේරම ණය ඉවර කලා..මම නාස්ති නොකර හොදට හම්බ කලා මල්ලි,,කොල්ලෝ මෙහෙ සල්ලි හම්බකරලා පිස්සු නටද්දී මම නිවාඩු දවසට ගෙදර..මට ඕනා උනේ කොහොම හරි දියුනුවෙන්න,
මම දුප්පත්කම හින්දා ඉස්කෝලෙන් ගමෙන් ඕනා තරම් අපහස විදලා තියනව,මට ඒකාලේ ඉස්කෝලේ යන්න සපත්තු දෙකක් වත් තිබුනේ නැ,,ඉගෙන ගන්න ලොකු දක්ශකමක් තිබුනෙත් නැ,,කොහොම හරි ඉස්කෝලේ ගමන නැවතුනා..ඉතින් මට ඕනා උනේ සල්ලි එකතු කරලා ගමේ අනිත් සල්ලිකාරයෝ වගේ ඉන්න.
ඔය විදිහට කාලේ ගියා අවුරුදු 10ක් ඉතාලියට ඇවිල්ලා,,මම ඒ වෙද්දී තට්‍ටු දෙකේ ගෙයක් හදලා,මල්ලිවයි නංගිවයි මෙහෙට අරගෙන,එයාලවත් පිලිවෙලක් කරලා,මටම කියලා වාහනේකුත් අරගෙන හිටියේ.දැන් ගෙදරින් බර බරේ බදින්න කියලා,මටත් හිතුනා දැන් කාලේ හරි කියලා කසාදයක් කර ගන්න,මමත් ඉතින් කෙල්ලෝ දෙන්නෙක් තුන්දෙනෙක්ම බලන්න ගිය,අනික මට ඕනා උනේ ඉගෙනගත්තු,වැදගත් පවුලක කෙල්ලෙක්,කොහොමහරි කෙල්ලෙක් හම්බුනා ඒකි ලස්සනයි,දෙමවුපියෝ ගුරුවරු,මම ඉතින් ඒකිට කැමති උනා.ලොකු හොයලා බැලීමක් කලෙත් නැ,,ඇත්තටම මම ඒකිට ගොඩක් ආදරේ කලා යෝජනාවකින් ආව උනත්, ඒකිගේ ලොකු වෙනසක් දැක්කෙත් නැ,,ඒකි මටත් ආදරේ කරනවා කියලා හිතුනේ,,මොකද ඒකිත් ලොකු සතුටකින් ඉන්නේ කියලා පෙනුනේ.
කොහොමහරි මම ලොකුවට මගුල් ගෙයක් අරගෙන බැන්දා,,ගමටම මගුල් කියල,මේරියන්ස් බැන්ඩ් එක ආවේ මියුසික් වලට,,මට ඇත්තටම ඕනා උනා ගමටම පේන්න මගුල් ගේ ගන්න,මට පෙන්නන්න ඕනා උනා මට පොඩි කාලේ අපහස කරපු උන්ට පේන්නම ඒවා ලොකුවට කරන්න.
කොහොමහරි වෙඩින්ග් එකෙන් සතියකට පස්සේ මට එන්න ඕනා උනා ආයෙත් මගේ රස්සව බේර ගන්නත් ඕනා නේ,,ඒ වෙද්දි කෙල්ලගේ වීසා එකත් ලැස්ති නැ,,එම්බසියේ හිර වෙලා,මම ඉතින් ඒකිව දාල ආව,,කෙල්ලට වීසා එක අරගෙන එන්න කියල.ඔහොම මාසෙකට පස්සේ කෙල්ලට වීස හම්බෙලා එන්න ලැස්ති උනා,,මම ඇගිලි ගැන ගැන හිටියේ ඒකි එනකන්, ඒකි එනදවසත් ආව,,මම ඉතින් එයාපෝර්ට් ගියා ඒකිව ගන්න,,රෝමෙට ඇවිල්ලා මම ඉන්න සිටි එකට එන්න තවත් ප්ලයිට් එකක් ගන්න ඕනා.මම ඊතින් බලන් ඉන්නවා මේකි එනකන්,,ප්ලයිට් එක ආවත් මේකි නැ ආවේ,,මම දෙලෝ රත්වෙලා හිටියේ,,මම රෝමෙට එන්නම් කිවුවත් මේකි එපා කිවුවා බය වෙන්න එපා මට එන්න පුලුවන් කියලා.ඔහොම හොය හොය ඉද්දී තමා කෝල් එක ආවේ,මේකි කියපි අයියේ මාව හොයන්න එපා මම පරිස්සමින්,,මම ඉස්සල්ල යාලු වෙලා හිටිය කොල්ලා එක්ක ගියා කියලා..මල්ලි ඇත්තටම මට ඒක ඇහුවට පස්සේ කලන්තේට ආවා,,මට විනාඩි 5කට විතර කතා කර ගන්නත් බැරි උනා.මාව පිස්සෙක් වගේ උනා.කොහොමද මල්ලි එහෙම කතාවක් අහන්නේ,,මම මොනතරම් බලාපොරොත්තුවකින්ද හිටියේ,,මම බැන්දට පස්සේ හිතුවේ මම දින්නා කියලා,,මගේ ජීවිතේ සේරම සම්පුර්නයි කියලා හිතුවේ.
ආයේ ගෙදර ඇවිල්ල මම සතියක් විතර බිවුවා,,ඒකිගේන් ආයේ කෝල් එකක් ආවෙත් නැ,පස්සේ ආයේ ඒකි කෝල් කල ඒකි මගෙන් සමාව ඉල්ලුවා,,ඒකි මාව බදින්න ඉස්සල්ල ඒ කොල්ල එක්ක යාලු වෙලා ඉදලා තියෙන්නේ,ඒ කොල්ලට ගෙදරින් කැමති වෙලා නැ,,පස්සේ ඒ කොල්ල ඉතාලි ඇවිත්,හැබැයි කොලේ නැ,,ප්ලැන් කරගෙන ඉදලා තියෙන්නේ කොලේ හදලා කෙල්ලව ගන්න,එහෙම ඉද්දී තම මාව අහු උනේ,,ගෙදරින් බලෙන් වගේ මාව බන්දලා තියෙන්නේ,,මට හිතෙන හැටියට ඒකි ලස්සනටම ප්ලැන් කරලා මාව බැදලා ඉතාලියට එන්න පුලුවන් නේ.අන්තිමට ඒකි ඒකිගේ ආදරේ දින්නා,,මම පැරදුනා.මම ඒකිට සමාව දුන්නා මල්ලි,,මගේ යාලුවෝ සේරම මට බනිනවා,,මම ඒකිට උවමනා කොල ටිකත් යවලා දැම්ම කොලේ වැඩවලට.මම මේ වෙද්දී හිත හදාගෙන ඉන්නේ,,මොනා කරන්නද,,මම සේරම දිනලා අන්තිමට කසාදෙන් පැරදුනා.අන්තිමට ඩිවෝස් එකත් දීලා දැම්ම,,ඒකිට කසදෙට හදලා දුන්න රත්තරන් බඩුවත් ආයේ මම ගත්තේ නැ,,ඒකිට මම ආදරේ කලා,,ඒකි සතුටින් නේ කියලා මම හිත හදා ගත්තා.
මේ මට අහන්න ලැබුන කතාවක්,,කතාව මම කෙටි කරලා ලියලා තියෙන්නේ,,මීට වඩා ගොඩක් දේවල් මට කිවුවා,,,ඒ අයියා සැහෙන උප්දෙස් වගයකුත් කියලා ගියේ,,කතාවෙන්ම ඔයාලට තේරෙනවා ඇති මොනාද උපදෙස් කියලා.....

Sunday, April 10, 2011

මගේ කොම්පියුටර් පන්තිය



කාලෙකින් මට මගේ බ්ලොග් එක මතක් වෙලා පොඩි කතාවක් දාන්න හිතුනා,මොනා කරන්නද මම ලියන්නෙක්ට වඩා හොද කියවන්නෙක්,,,අනික මේ බස් කර්මාන්තේ ඔලුවටම ගහලා නේ,බ්ලොග් ලියන කියෝන අයව කම්මැලි කරලා කියලා හිතෙනවා වෙලාවකට,,ඒත් බස් වැඩෙන් කට්ටියව ගොඩක් ලන් වෙලා.
හරි කතාවට යන්නම්.ඔන්න මම ආයෙත් ඉගෙනීමේ පැත්තට හිත ගිහින් වැඩ කරන ගමන් පොඩි කොම්පියුටර් කෝස් එකක් කරන්න හිතුනා.මම අදුනන ඉතාලි ජාතික ගුරුවරියක්ට මගේ කාරනාව කියලා එයා ගොඩක් සතු‍ටු උනා ඒකට,,ඉතින් එයා මුල ඉදන් කරන කොම්පියුටර් කෝස් එකක් හොයලා දෙන්න පොරොන්දු උනා.ඔන්න පස්සේ එයා මට ඉස්කෝලෙක විස්තර,දින රෙජිස්ටර් වෙන විදිහ කිවුවා,මමත් ඉතින් ඉස්කෝලෙට ගිහින් රෙජිස්ටර් වෙන වැඩේ කලා.එයාලා කිවුවා පටන් ගන්න දිනේ කෝල් කරලා කියන්නම් කියලා.කෝස් එකේ ස්වභාවය උනේ පරිගනක මූලික දැනුම ඒක උපයෝගිකරගෙන ECDL කෝස් එකට යන්න පුලුවන්.මමත් ඉතින් ඒක හින්දා තමා මේක කරන්න හිතුවේ.
මේ මාසේ පටන් ගද්දිම වැඩේ පටන් ගත්තා සතියකට පැය 4ක් උනේ,සෙනසුරාදා දවසක,,මමත් ඉතින් උදෙන්ම ගියා ඉස්කෝලෙට,මේ කෝස් එක විවෘත උනේ වැඩකරන අය සදහා විතරයි.ඉතින් මමත් ගිහින් ඉන්නවා පටන් ගන්නකන්, බැලුවා විදේශිකයෝ කවුරුත් ආවෙත් නැ,මම එලියට වෙලා ඉන්නේ,,හැබැයි නාකි මිනිස්සු එකා දෙන්න එනවා,වයස ගිය උන් තමා ආවේ,,මම හිතුවේ ඉතින් මිනිස්සු එක එක දේ වලට මේ තැන් වලට එනවා නේ.මමත් ඇතුලට ගියා ඇතුලෙන් ඇහුවා පන්තිය තියන තැන ,එයාලා කිවුවා පන්තිය පටන් ගන්න යන්නේ ඉක්මනින් යන්න කියලා.මම ගිහින් පන්තියට ඇතුල් වෙන්න යද්දී බැලුවේ ඉන්නේ සේරම වයස උන්,15ක් විතර හිටියා,,මම බැලුවා මේ මොකෝ කියලා ආයෙ හැරුනා එලියට ගියා,මෙහෙම නාකි උන් පන්තියේ මොකද කියලා මම දන්නේ නෑ නේ,එතකොටම තමා ඒකෙ උගන්නන සර් ආවේ,පොර ඇහුවා මොකද කියලා මම කිවුවා මෙහෙම පන්තියට ආවේ කියලා රෙජිස්ටර් කොලේ දුන්න.මාර වැඩේ පොර කිවුවා මේක තමා පන්තිය.මට හීන්දඩිය දාල ගියා යකෝ මේ නාකි සෙට් එක මොන කෙන්ගෙඩියක් කරන්නද අනික කොම්පියුටර්.අනේ මමත් ගිහින් වාඩි උනා,,අල්ලපු එකා හෙන හිනාවක් දැම්මා 70 විතර පොරක්.මුලින් ඉතින් සර්කාරයා කෝස් එකේ හැදින්වීම කරලා එක එකාව අදුන ගන්න නම විස්තර ඇහුවා.බලද්දී මේ කෝස් එක වැඩිහිටි අයට කරන එකක් නේ ඉතින් 18 වැඩි මාවත් මේකට දාලා දැන් මම තමා බාලම එකා.වැඩිමල්ම එකාට 78ක්..මම දැන් කල්පනා කරනවා මොකටද මුන්ට කොම්පියුටර්..ඇයි දෙයියනේ උඩට යන්න වීසා ඇප්ලයි කරලා ඉන්න උන් සේරම..මොකෝ ඒ වීසා වලට මේ සුදුසුකම් ඕනේ නැ නේ,,අනික මෙයාලට ECDL නෙමේ මේකවත් ඉවර කර ගන්න පුලුවන් වෙයිද දන්නේ නැ,,මට පස්සේ ඉන්න අඩුම වයස එකාට 54ක් විතර ගැණු කෙනෙක්,ගෑනුත් ඉන්නවා 5ක් විතර.නාකි උනාට ඉතින් ඉන්න යන්නේ කෙල්ලෝ වගේ තමා.
මේ නාකි සේරම පෙන්ශන් ගිය උන්,ගෑනුත් එකෙක් දෙන්නෙක් වැඩට යන්නේ නෑ අනිත් උන් පෙන්ශන්.මම විතරයි වැඩට යන එකා..අනිත් මාර වැඩේ කියන්නේ නාකි උන් එසේ මෙසේ උන් නෙමේ ගුරුවරු,ඩොකාලා ,එක එක හොද ජොබ් කරපු උන්,වැඩේ ඉතින් මෙයාලගේ කාලේ මොන කොපියුටර්ද ඒවා නෑ නේ.දැන් පෙන්ශන් ගිහින් ගෙදර ඉද්දී තමා මේවට ආස හිතිලා ඉගෙනගන්න එන්නේ.මොනවා උනත් මම හීනෙකින්වත් හිතුවේ නැති දෙයක් මට උනේ,මොකෝ මම හිතුවද මෙහෙම පෙන්ශන් ගියත් වැඩකාරයෝ එක්ක එකට ඉගෙන ගන්න.සෙල්ලමක් නෙමේ මමත් දැන් හෙන වැඩකාරයෙක්,මගේ අල්ලපු මේසේ ඉන්නේ ඩොකෙක්. මමත් ඉතින් එකෙක් දෙන්නෙක් එක්ක කතා කලා මෙහෙ ඉන්න පෙන්ශන් ගිය කට්ටිය හරි ආසයි එයාලට මහත්මයා කියනවට වඩා,,ඒකාලෙ ජොබ් එකේ විදිහට කතා කරනවට,,ඉතින් දොස්තර,ප්‍රොෆෙශර්,ඒ වගේ කියනවට පුදුම ආසවක්,,මොකද ඒ වගේ ඒ මිනිස්සුන්ට කවුරුත් කියන්නේ නෑ නේ දන්න කෙනෙක් ඇර ඒ නම් කියලා,,මමත් ඉතින් කට්ටියට එහෙම කතා කරන්නේ ,,අනික ඉතින් පට්ට නාකි හින්දා මෙයාලට තේරෙනවත් අඩුයි,ඉතින් දවස් දෙකයි පන්තියට ගියේ මට හෙන තැන.
ඒත් මේ මිනිස්සුන්ගේ උනන්දුව මට හිතා ගන්නවත් බැ.තමන් වයසට ගියත් ඉගෙන ගන්න එක නවත්තලා නෑ ,,ඒ මිනිස්සු හොදටම දන්නවා මේකෙන් එයාලට වැඩක් වෙන එකක් නෑ කියලා,ඒත් පොඩි හරි දැනීමක් අරගන්න තමා එයාලට ඕනා..මොකද කොයිවෙලේක හරි ඒක ප්‍රයෝජනවත් වෙයි සමහරවිට,,අපිටනම් හිතෙන්නේ මේ මිනිස්සුන්ට පිස්සුද කියලා.අපේ රටට මේවා පිස්සු වගේ නේ පේන්නේ,,ඒත් ඉතින් ඉගෙන ගන්න වයසක් ඕනෙ නෑනේ,අපේ රටේ වගේ නම් මෙහෙම නාකි කෙනෙක් මෙහෙම පන්තියකට ගියොත් තරුන අය හිනා වෙයි විහිලු කරයි. අනික අපේ අයට ඉගෙනීම ඕනා වෙන්නේ ටික කාලයයි ඒක නවත්තලා දානවා,මොකද මමත් නවත්තගෙන හිටියේ,ආයේ ආසාව ආවට.මේ දවස් වල විදේශික අයට ඉතාලි උගන්නන පන්ති ගොඩක් තියනවා ඒත් අපේ මිනිස්සු ඒවටවත් යන්නේ නෑ.මොකද සල්ලි පස්සේ විතරනේ,,අනික මගේ පන්තියත් සම්පූර්න නොමිලේ.පොත් වලටවත් මට සල්ලි ගියේ නෑ.මේ නාකි මිනිස්සු එක්ක මම කොම්පියුටර්වලට වඩා ලොකු පාඩම් ඉගෙන ගත්තා මේ දවස් 2ට.තව තව විස්තර එයි ඉස්සරහට මම දෙන්නම්කෝ මගේ පන්තිය ගැන විස්තර.

Friday, February 25, 2011

ගමින් ලියුමක් ඇවිල්ලා....

ලගදී මට හරි අපූරු ලියුමක් හම්බ උනා,හම්බ උනා කිවුවට පුංචි හොරකමක්. ඔන්න මම හොරෙක්ම නෙමේ,පහු ගිය දවසක මම ගියා ලාංකිකයෙක්ගේ පරිගනකය පොඩි ලෙඩක් වෙලා ඒක බලන්න,ඔන්න මම පරිගනක මේසය උඩ තිබුන මේ ලියුම දැක්කා.කොහොම හරි මමත් ටිකක් හොට දාලා බැලුවා අනුන්ගේ ලියුමක් නේ.අනුන්ගේ දේවල් හොයන එක කොහොම නවත්තන්න හිතුවත් අමාරුම වැඩක් ඒක.අනිත් එක ඉතාලියට ලංකාවෙන් ලිපි එන එක නැවතිලා තියෙන්නේ ,අපි නම් ඉස්සර ලියුම් ගනුදෙනු කලා ඒත් මේ දුරකතන,පස්සේ ස්කයිප් ඇවිත් ලිපි හුවමාරුව නැති උනා නේ.මටත් කුතුහලයක් ආවේ ඒ හින්දා ලංකාවෙන් ආපු ලියුමක්, ඒත් එක්කම ගෙදර ලොක්කා මල්ලි මේසේ හැඩි වෙලා ඉන්න අස් කරන්නම් කියලා අර ලියුමත් එක්කම එතන තිබුන කොල කැලි ටික ඒ මේසේ යටම තිබුන කුනු බක්කියට දැම්මා,ඔන්න මට එතකොට හිතුනා මේ ලියුමේ ඉතුරු හරිය කියවන්න , මම මොකද කලේ හිමින්ම මේ ලියුම අර කුනු බක්කියෙන් ඉස්සුවා, ගෙදර පොර එහා මෙහා වෙනකන් ඉදලා, ඔන්න ගෙදර ඇවිත් තමා මම මේ ලියුමේ ඉතුරු හරිය කියවල දැම්මේ, ලියුමේ අපූරුව ඔන්න ඔයාලට බලන්නත් එක්ක මම ලියලා දාන්නම්.
ලොකු පුතා වෙත,
පුතේ මම පහු ගිය මාසේ උබ එවපු සල්ලි වියදම් උන හැටි තමා මේ.
ස්කූල් පීස් - 5500
වැන් එකට - 2400
කම්පියුටර් පීස් - 200
ක්ලාස් පීස් - 1000
ලයිට් බිල - 1500
ගැස් එකට - 1750
ටෙලිපෝන් බිල - 1800

හාල් 20කිලෝ = 20*75 =1500
සීනි 10 කිලෝ =10*100=1000
පිටි පැකට් 6= 6* 250 = 1500
පොල් ගෙඩි 15 = 60*15 =900
තේ කොළ 1 කිලෝ = 800
පොල් තෙල් බෝතල් 4 = 350*4 =1400
සබන් ඇගේ ගාන 8 =35 * 8= 280
සබන් වළං,පිගන් සෝදන්න =20 *5=100
රින්සෝ =480
දත් බේත් = 148 *2 =295
තුන පහ = 1000
එළවලු =2000
මාළු, මස්,කරවළ ,බිත්තර =3000

උදය කෑමට 100ක් ළමයින්ට=100 *30 =3000
බස් එකට මට ළමයින්ගේ වැඩ වලට =500
පලතුරු =1000
ළමයිට කඩචෝරු කන්න =200

පුතේ මේ වියදම් දළ වශයෙන් මම ලිවුවේ.දැන් එළෝලු මිල 250g රුපියල් 50 ,60 75 ගානට යන්නේ,අනිත් එක පොඩි උන්ගේ පැන්සල්,මකන, පාට පෙට්ටි,ගම්,පොත් ඉවර උනාම ඒවටත් වියදම් වෙනවා,මගේ පෙන්ශන් එකෙන් වියදම් වෙන ඒවා මම ලිවුවේ නෑ,උබලා මට එවන සල්ලි මාරු කරලා වියදම් උන විදිහ තමා මේ ලියලා තියෙන්නේ, ලේලිට කියපන් ලගදී ලංකාවට ආපු කෙනෙක්ගෙන් වියදම් හරිද වැරදිද කියලා බලන්න කියලා.

මෙතන මම ඊට පස්සේ තිබුන ඒවා ලියන්නේ නෑ,,මෙතනින් ඉවර කරනවා.මොකද ඔයාලා මේ ලියුම ගැන හිතන්නේ මේ ලියුම හරිද වැරදිද? මේ ලියුම ඒ අම්ම එවලා තියෙන්නේ මොකක් හරි කේස් එකක් ඇදලා තියනවා වගේ ලේලි, නැන්දම්මා ලේලි ප්‍රස්නයක් ගිහින් තියනවා වියදම් සම්බන්දව, රජයෙන් පෙන්ශන් ගිය අම්මට පුතා රාජකාරියක් බාර දීලා,ඒකෙ වියදම් හොයන්න යන අපූරු ලේලිල ඉන්න රටක් තමා මේක . යුරෝ කෑදර කම ගහන මිනිස්සුන්ට හැදෙන ලෙඩක් තමා මේක,ලංකාවට යවන සල්ලි වල වියදම් හොයන එක. මේකේ අම්මද වැරදි, පුතාද , ලේලිද , පහු ගිය මාසේ තියන මිල මේ මාසේ වෙනස් වන රටේ වැරද්දක්ද?

Saturday, February 19, 2011

ඌ මිනීමරුවෙක්

පහු ගිය දවසක මම ජීවිතයේ දකින්න අප්‍රියම කරන මිනිහෙක් මට මුනගැහුනා අහම්බෙන්.මම වැඩ ඉවර වෙලා ගෙදර එද්දී එක පරටම මම ඉස්සරහට හමූන මේ මිනිහා පුතා මාව අදුනනවද කියලා ඇහුවා.මමත් ඉතින් ඔව් කිවුවේ මේ මිනිහගේ මූන කවදාවත් අමතක නොවන හින්දා,පස්සේ මිනිහා අම්මා,තාත්තා කොහොමද,මාමලා කොහොමද එක එක විස්තර ඇහුවා මමත් කෙටි උත්තර දීලා ඉක්මනින්ම මම යන්න ගියා.
2002 ජනවාරිය මම සා.පෙ කරලා ගෙදර ඉන්න කාලෙ,තවත් අපේ ගමේ කොල්ලො සෙට් එකේ තව කීප දෙනෙක්ම විභාගෙ කරලා පාරෙම තමා වැඩේ,ඔහොම ඉද්දී එක පාරටම ආරන්චියක් ආවා චන්දනයව පොලිසියෙන් ගෙනිච්චා මිනිමැරුමකට කියලා,චන්දනයා කියන්නේ අපිට වඩා වසර 2න් විතර වැඩිමල්,අපේ ගෙවල් ගාව ගඩොල් පෝරණුවක වැඩ කරන කොල්ලෙක්,ගම කොහෙද දන්නෙත් නෑ මුගේ තාත්තත් නෑ අම්මා,බාප්ප එක්ක තමා ඒ පෝරණුවේ හිටියේ,හැබැයි අපේ ගමට ඇවිල්ල වසර කීපයක් මුඅ ඉස්කෝලෙ යන්නෙත් නෑ, අහද්දී කියන්නේ 5 වසරට වෙනකන් ගියා පස්සේ නැවතුනා කියලා,ඒ උනාට ගඩොල කදුවල තියන ගඩොල ගාන කැල් එකක්වත් නැතුවා ඉතා ඉක්මනින් කියන්න මූට හැකියාවක් තිබුනා,කාටවත් වරදක් කරපු අහින්සක කොල්ලා,හැබයි මූට වයස 15 විතර වෙද්දිම ගංජා වලට පුරුදු උනා,
ඔහොම කාලෙ යද්දී තමා අපේ ගමෙන් 1990 විතර ඉතාලි ගිහින් ඉතාලියේදි ලෝක අපතයෙක් උන තුශාරයා පාත් උනේ හැබැයි මූ කාලෙන් කාලෙට ගමට එනවා හැබැයි සතේ අතේ නෑ,මූ ඉතාලියට යද්දිත් ගමේ රස්තියාදුකාරයෙක් වෙලා තමා ඉදලා තියෙන්නේ එතකොට ඌට 17 විතර ඇතිලු, ඒ ගිහින් ලෝකේ තියන සේරම මත් කුඩු වලට පුරුදුවෙලා, එහෙම ඉද්දි තමා 2001 විතර මු ආයේ කඩා පාත් උනේ ගමට,මුඅ ඉතාලියේ ඉදලා ආවට කවුරුත් මූව ගනන් ගන්නෙත් නෑ මූ ගාව සතේ අතෙත් නෑ.ඔහොමෛද්දී තමා චන්දනයව මූට සෙට් උනේ ඌත් ගංජා කාරයා නේ.නියම ඩබල ඒ ටිකේ මුන් දෙන්න එකටම තමා.
එත් ඔහොම 2001 ඔක්තෝම්බර් විතර එකපාරටම තුශාරයා අතුරුදන උනා ආරන්චී උනේ ආයේ ඉතාලි ගියා කියලා,ගමේ කාටවත් හොයන්න උවමනාවක් තිබුනෙත් නෑ..පස්සේ ඔහොම කලෙ යද්දී තමා අපිට අර ආරන්චියා ආවේ චන්දනයව පොලිසියෙන් ගෙනිච්චා කියලා. පස්සේ විස්තර හොයලා බලද්දී අපේ ගමට එහා තවත් ගම් 2,3 හරහා තමා ගිංඔය යන්නේ ඒ අස්සේ මිනී ඇටක‍ටු වගයක් හම්බෙලා මේකට තමා චන්දනයව ගෙනියලා තියෙන්නේ,අපිත් ඉතින් කික් එකටම බයිසිකල් වලින්ම ගියා පොට් එකට මහා පාලු තැනක් පුංචි කැලෑවක්,ඒ යද්දී පොලිසියෙන් පිරිලා, චන්දනයවත් ගෙනල්ල එතන ඇටක‍ටු හොයනවා තාම.අන්තිමට හම්බුනා අපි බලන් ඉද්දී ,එතන මිනිස්සු පිරිලා හිටියා,අපිට තාම මීටර් උනේ නෑ මොකද්ද මේ සීන් එක කියලා,පස්සේ ඒ ටිකකින් මහේස්ත්‍රාත් ආව ඒ වෙද්දී තමා අපිත් සීන් එක හොය ගත්තේ මොකද ඒ වෙද්දී අපේ ගමේ හිටිය ගොලු පවුලේ කීප දෙනෙක්ම අඩ අඩ එතන හිටියා පස්සේ හොයලා බලද්දී ඒ ගෙදර ගොලු කෙල්ල බැදලා ඉන්න මිනිහාගෙ ඇටක‍ටු කියලා ආරන්චි උනා.ඒ පවුලේ සේරම ගොලු ,ඒ කොල්ලව මේ කෙල්ලට සෙට් වෙලා සීදූව ගොලු ඉස්කෝලෙදී කොල්ලත් ගොලු,,පස්සේ මේ කෙල්ලව බැදලා අපේ ගමේ හිටියා.
මේ මිනි මැරුමට ඒ වෙලාවේ
සාක්කි දුන්න අය, චන්දනයා සාක්කි දුන්න විදිහ අනුව මම දැන් වෙලා තියන කතාව කියන්නම්..
තුශාරයා ගමේ හිටිය වෙලේ මේ ගොලු කොල්ලට ඉතාලි පිස්සුවක් බෝ කරලා කොහොම හරි.ඒ කාලේ බෝට්‍ටුවෙන් මිනිස්සු ඉතාලි යන කාලේ,තුශාරයා මේ ගොලු කොල්ලවත් බෝට්‍ටුවෙන් ඉතාලි යවන්නම් කියලා. කොහොම හරි වැඩේට මූ රුපියල් 50000 ක් අරගෙන.පස්සේ ඉතාලි යන්න බෝට්‍ටුවට ගෙනියන ගමන් තමා මුන් අර කොල්ලව අරගෙන ගිහින් තියෙන්නේ මේ ගමනට චන්දනයත් ගිහින් තුශාරයා එක්ක,කොහොමහරි මුන් අර කොල්ලව අර පාලු හරියට ගෙනියලා ,මේ පාලු හරිය ගංජා කාරයෝ,කුඩු කාරයෝ පාවිච්චි කරන තැනක්.එහෙම යද්දී තුශාරයා බැග් එකේ කබයක් දාගෙන ගිහින් තියෙන්නේ.මු පස්සෙන් එකපාරටම අර කොල්ලගේ බෙල්ලට කබේ දාල චන්දනයත් එක්ක එකතු වෙලා බෙල්ල හිර කරලා මරලා දාලා,ඒ කැලේ අස්සෙම දාලා හිමින්ම මාරු වෙලා, චන්දනයට ඒ වෙලවේ 3000 දීල,තුශාරයා එක පාරටම අතුරුදන් වෙලා, පොරගේ ප්ලැන් එකට පොර ඉතාලියටම ගිහින්.
ඔහොම යද්දී තමා චන්දනයා මේ කතාව මුගෙ කටින් පිටවෙලා තියෙන්නේ ගමේ කොල්ලන්ට.මූ මේක කියලා අඩල තියනවා තැන් තැන් වල.පස්සේ මේ කොල්ලො මේක පොලිසියට කියලා මෙහෙම එකෙක් මිනීමැරුමක් ගැන කියලා අඩනවා කියලා.
පස්සේ තමා චන්දනයව ගෙනියලා මේ මිනිමැරුම හොයගත්තේ,,ඒත් ඒ වෙලාවේ ඇටක‍ටු කීපයක් විතරයි තිබුනේ මොකද ගංවතුර,කබරයෝ කාල මිනිය දාපු තැනින් ගොඩක් ඇතට ගිහින්, පොලිසිය අමාරුවෙන් ඒක හොය ගත්තේ චන්දනය පෙන්නපු තැනින්. අනිතිමට 3000 ට මිනිමැරුමට හවුල් උනාට චන්දනයා රිමාන්ඩ් උනා තුශාරයා 50000ත් අරගෙන ඉතාලි පැන්නා.මේ තුශාරයව තමා මට පහු ගිය දවසක හම්බ උනේ.
චන්දනයා කාලයක් කාලයක් රිමන්ඩ් එකේ ඉදලා 2010 ඇප හම්බෙලා එලියට ඇවිල්ල.කොහොම හරි මූ උසාවියට පෙනී හිටින්නේ නැතුවා ආයෙත් රිමාන්ඩ් කියලා ආරන්චී.මම හිතන්නේ මූට එලියේ ඉන්නවට වඩ ඇතුලේ ඉන්න එක හොදයි වගේ,ආරන්චියේ හැටියට මූට රිමාන්ඩ් එකේ හෙන තැන ඇයි දැන් කාලයක් ඇතුලේ නේ.එහෙම පරන උන් රිමාන්ඩ් එකේ හෙන වැඩකාරයො ලු .තුශාරයා නම් හිටියා වගේම ඉන්නවා,කරපු වරදට නීතියෙන් දඩුවම් නැති උනාට ඌට දඩුවම් හම්බවෙයි,තාම ගෙවන්න අරගෙන නෑ වගේ .මේ වගේ පවු කාරයෝ ගෙවලා තමා මැරෙන්නේ ඉක්මනින්ම මැරෙන්නෙත් නෑ.කවදාහරි ඉතාලියේ පාරකම උත් මැරිලා යයි.නීතියේ දඩුවමට වඩා ස්වභාවධර්මයේ දඩුවම බරපතල වැඩී.

Tuesday, February 8, 2011

මමයි ට්‍රිලියනපති

ඔන්න මම ට්‍රිලියනපතියෙක් උනා, සිරසට යන අය ලක්ශපති නේ වෙන්නේ,,මේ මම ලේසියෙන්ම ට්‍රිලියනපතියෙක් උනා, මගේ ලෝක මුදල් නෝට්‍ටු එකතුවට ආපු අලුත්ම සාමාජිකයා,මේකෙ තියන විශේශත්වය නෝට්‍ටුවේ තියන අසීමිත වටිනාමක,ඒ කියන්නේ 100000000000000 මෙන්න මේ වගේ මම මුදල් නෝට්‍ටුවක මේච්චර බිංදු ගානක දැක්කම තමා,මේ නෝට්‍ටුවේ තියෙන්නෙ ONE HUNDRED TRILLION DOLLARS. මම අන්තර්ජාලේ සිම්බාබ්වේ මුදල් ගැන පොඩ්ඩක් හොයල බැලුව,,,මේකෙ වටිනාකම 2.70$ වගේ පුන්චි ගානක්,,ඒ උනාට බිංදු ගොඩ,දැන් සිම්බාබ්වේ බිත්තර ගෙඩියක් ගන්න යන්න,,මේ වගේ නෝට්‍ටු ම්ටියක් ඕන කියල තම අන්තර්ජාලේ තියෙන්නේ,කොටින්ම මුදල් පර්ස් එකක දාගෙන යන්න බෑ,විල්බැරෝවක් අරගෙන මිනිස්සු පොලට යන්නේ.
ඔන්න පහුගිය 7 දා අපේ රටෙත් නව මුදල් නෝට්‍ටු කාණ්ඩයක් ආවා,මම වගේ නෝට්‍ටු එකතු කරන්නෙකුට සුභ ආරන්චියක්,දුකක් තියෙන්නේ අපේ මුදල් නෝට්‍ටු කාණ්ඩෙට වසර 2ක් වගේ සුලු කාලෙකදී අලුත් මුදල් නෝට්‍ටු 2ක් ඇවිල්ලා,2000 සහ 5000 මම ආර්තික විද්යාව දන්නේ නෑ මෙලෝ දෙයක් ඒත් මගේ පුන්චි මොලේට වැටහෙන්නේ මේක නම් හොද දෙයක් නෙමේ කියලා,පේනවා නේ මේ සිම්බාබ්වෙට වෙලා තියන දේ,
අනිත් කාරනය තමා මගේ නෝට්‍ටු සන්චිතයේ තියන ලස්සනම මුදල් නෝට්‍ටුවත් අපේ රටෙන් කැතම මුදල් නෝ‍ටුවත් අපේ රටෙන්,1980 ගනන් වල අපේ රටෙන් ඇවිල්ල තියනවා හරිම ලස්සන මුදල් නෝට්‍ටු කාණ්ඩයක්,500 තම ලොකුම කොලේ,,මම ගාව 3ක් තියනව 5,10,20 අනිත් ඒව හොයා ගන්න බැරි උනා,කැතම ඒව තමා පහු ගිය 1000 හා 2000 ,අනිත් රටවල් මිය ගිය රාජ්ය නායකයන්ගේ මූන දාද්දි අපේ රටෙන් ජීවත් වෙන නායකයගේ මූන දැම්මා,අනිත් එක මහ ජරාම කොලයක්,ඕවා තමා මගේ මුදල් නෝට්‍ටු සංචිතයේ තියන මුදල් නෝට්‍ටු එක්ක සංසන්දනය කරද්දී දැක්ක දේවල්.
මේක මම පොඩි කාලෙ ඉදලම කරන විනෝදාන්සයක්,නරකමත් නෑ ,මේ අලුත් නෝට්‍ටුව මම අරගත්තේ ඊ බොක්කෙන්,වැඩි වියදමක් උනේ නෑ 3.50$ ගියේ,මුදල් නෝට්‍ටු එකතු කරන්නෝ ඉන්නවා නම් මම කැමති වටිනාකම අනුව මුදල් නෝට්‍ටු හුවමාරු කර ගන්න,කැමති අය ඉන්නවනම් මට පනිවිඩයක් දෙන්න.




Tuesday, February 1, 2011

ඉතාලිය සහ අපි

අද මම මේ ලියන 2 න ලිපිය ,මේ ලිපිය ලියන්න හිතුනේ මගේ ලෝකය ලියන රංගගේ ලිපියක් නිසා ඒක බලන්න ක්ලික් කරන්න.
මම ආරම්භය ගන්නම් මෙහෙම කුරුනෑගලට,ගම්පහට ජපානය වගේ වෙන්නප්පුවට, මීගමුවට ඉතාලිය, වෙන්නප්පුව ආසනයට ඉතාලිය කියන්නේ ගහට පොත්ත වගේ,ඉතාලි එන්න පටන් ගත්තේ වෙන්නප්පුව ආසනයේ තිබුන ප්‍රදාන ආදායම් මාර්ගය හොර කසිප්පු නිශ්පාදනය කඩා වැ‍ටුනට පස්සේ,ඒ 90,91,92 වසර වල. ඉතින් ඒ වෙලාවේ අතේ මුදල් ඉතුරු වෙලා තිබුන කට්ටිය, ඉතාලියට එන්න පටන් ගත්තා ඒ වසරවල ඒකට වැය වෙලා තියෙන්නේ ලක්ශ 1ත් 2ත් අතර ගානක්.
හැබයි ලේසි උනේ නෑ වැඩේ,දේශසීමා පැනීම තමා කලේ,ඒ කාලේ ගොඩක් අය මැරිලා තියනවා ඉතාලි එන්න ගිහින්.මෙහෙම ගිහින් හොදට හම්බ කරපු අය එනවා 2000 කිට්‍ටුව කාල වලදී,ඉතාලියේ සිටින අනවසර සංක්‍රමනිකයන්ට ‍රැදීසිටීමේ බලපත්(කොලේ) දෙනවා කාලෙන් කාලෙට, යුරෝපයේ මෙහෙම කොල දෙන එකම රට මම හිතන්නේ ඉතාලිය ,ඉතාලිය අපේ රටේ ප්‍රසිද්ද වෙන්න එක හේතුවක් ඒක,අනිත් එක ඒ එක්කම තමන්ගේ දෙමවුපියන්,බිරිද,දරුවන් පහසුවෙන්ම ඉතාලියට ගේන්න පුලුවන්.කොහොමහරි අර මම කියපු කට්ටිය ලංකාවට බහිනවා අර කාලේ ඩෙනිම් ඇදලා කොන්ඩේ වවාගෙන,රත්තරන් චේන් 2,3ක්,බ්‍රේස්ලට් 2,3ක් එල්ලගෙන,සග ඔලුවට දාගෙන,එහෙම ආපු අය හදන්න පටන් ගන්නවා ගෙවල් තට්‍ටු 2.අනිත් එක ගන්නවා වාහනයක්,සල්ලි දීලා නෙම් ලීසින් බය නෑ ගෙවන්න පුලුවන් නේ.ඉතින් මේවා දකිද්දි ගමේ ඉන්න අනිත් උන්ට බලන් ඉන්න පුලුවන්ද උනුත් ගෙවල්,ඉඩම් උගස් තියලා කොහොමහරි ඉතාලි පනින්න යන්නේ,ඔහොම යද්දී 2000,2001,2002 බෝට්‍ටුවෙන් ඉතාලි ආවා,අනිත් එක හොර කොල,හොර පාස්පොර්ට් එක එක විදිහට මිනිස්සු ඉතාලියට ඇතුල් උනා.ඔහොම තමා වෙන්නප්පුව ඉතාලියට ලන් උනේ.
මම දැන් අපේ ගම ගැන කියන්නම් අපේ ගම දංකො‍ටුවේ පොඩි ගමක් දංකො‍ටුව කියන්නේ වෙන්නප්පුව ආසනයේ තියන අනිත් නගරය.අපේ ගමේ ප්‍රදාන ආදායම් මාර්ගය උනේහොර කසිප්පු,උලු ගඩොල් කර්මාන්තය.90 කාලේ මට මතකයි අපේ ගමට තිබුනේ වාහන 2,3ක්, සාමාන්ය ගෙවල්,අර වාහනත් මැටි අදින කැන්ටර් වාහන,හොර අරක්කු අදින ඒ කාලේ ඒකට නියම බඩුවක් උනේ මිට්සුබිසි ලාන්සර් කාර්,ඒ කාර් තිබුනා, තව පැලවත්තේ ඉදලා උක් පැනි ගේන බවුසර් තිබුනා ,උක් පැනි ගෙනාවේ මොනාටවත් නෙමේ අරක්කු පෙරන්න.ඔහොම තිබුන ගම අද වෙනකොට ඉතාලිය හින්දා තට්‍ටු 2 ගෙවල් හැමතැනම,හැම ගෙදරකම සුපිරි වාහන,ලගදී එකෙක් මොන්ටේරෝ එකකුත් ගෙනාවා ගමට .මම මේවා කියන්නේ ඉතාලියෙන් අපේ පලාත දියුනු උන හැටි කියන්න,අපේ පලාතේ බ්ලැක් මාර්ක් එක දංකො‍ටු කසිප්පු දැන් නැති වෙලා.
ආයෙ යන්නම් ඉතාලියට.ඉතාලිය කියන්නේ හම්බ කරන්න පුලුවන් හොද රටක්,කම්මැලියට,නාස්තිකාරයට නම් නෙමේ.ඒ වගේම හරිම නිදහස්,නමුත් ලග කාලෙක ඉදන් අර හම්බකරන එක නම් ටිකක් අඩු වෙලා,‍රැකියා ප්‍රශ්න ඇවිත්, සෙනග වැඩි වීම මේකට හේතුවක්,අනික් එක පවතින ලෝක ආර්ථීක අර්භුදය,අපේ රටේ අය විතරක් නෙම නේ මෙහට එන්නේ පිලිපින්,බංගලිදේශ්,ඉන්දියා,මොරොක්කෝ,රුමේනියා,සෙනගල් ප්‍රාදානයි,අපි ඉන්නේ පොඩි කොටසක් ඒ අයත් එක්ක බලද්දී,වාර්තා අනූව ලක්ශ 3ක් පමන අපේ අය ඉන්නවා.
කොහොමහරි දැන් ලග කාලෙක ඉදලා,ඉතාලියෙන් ‍රැකියා කෝටාවක් ගේනවා විදේශිකයන් වැඩට ගෙන්වා ගැනීමට,ප්‍රදාන ‍රැකියා වන්නේ ගෘහසේවය,නාකි අය ,ආබාදිතයන් බලා ගැනීම් වගේ, දැන් 3ක් ආවා මේ කෝටාව,ලංකාවට 3500 හිමිවෙනවා,ඊයේ 31 වෙනිදා නැවත් අයදුම්පත් බාර ගත්තා නව 3500ට.ඇත්තටම මම නම් හිතන්නේ නෑ මේ කෝටවා ගේන්නේ ඉතාලි රජයට සල්ලි හොයා ගන්න කියලා.මොකද අයදුම්පතට වැයවන්නේ 15€ මුදලක්,ඊයේ අයදුම්පත් ඇවිල්ල තියෙන්නේ ලක්ශ3ක් පමන. ඒ කියන්නේ 450000€ පමන ඒ මුදල මුදලක් නෙමේ මේ රටවලට.මම හිතන්නේ ඉතාලිය සැරසෙන්නේ අර කොරියාව චීනය වගේ අඩු වැ‍ටුපට කර්මාන්තශාල වගේ විශාල වැඩබිම් පටන්ගන්න, ඒ කියන්නේ දරුනු ගනයේ වැඩබිම්,අනිත් එක ඉතාලියේ විශාල ලෙස බෝගපලදාව අපතේ යනවලු සේවකයන් නොමැතිකමින්,ඒකට සෙනග ගේන්න කියලා එක්සත් ජාතීන්ගේ ආහාර සමලුවෙන් අනතුරු අගවලා තිබුනා.අපේ අය එවැනි වැඩ නොකලාට ඉන්දියානුවන්,පකිස්තානුවන් කලු ජාතිකයන් ඒ වගේ ‍රැකියා කරන්නේ,
මා සිටිනා සිසිලි දූපතේ අපේ ලාංකික පිරිමි අයට ‍රැකියා අඩුයි කියලා කිවුවට කාන්තාවන්ට නම් එහෙම පෙනෙන තරමට ‍රැකියා හිගයක් නෑ,පිරිමින්ට වඩා කාන්තාවන් මා සිටිනා ප්‍රදේශයේ යුරෝ හම්බකරනවා.අනිත් එක ඉතාලියට ආවහම ලංකාවේ තිබුන තරතිරම්,පට්ටම් පැත්තකින් තියන්න වෙනවාමයි,‍රැකියාවේ හැටි හොය හොයා හිටියොත් සොරිම තමා.පලමුව ලැබෙන්නේ කුමන ‍රැකියාවද ඒක කල යුතුයි,අනිත් එක ‍රැකියා නෑ කියලා නැවත ලංකාවට ගිය කෙනෙක් හොයන්නත් අමාරු,අනිත් එක හම්බකරලා ඉවරයි කියලා ගිය අයත් පේන්න නෑ,අර 80 ගනන් 90 ගනන් වල හිටිය අය තාමත් ගොඩ ගහනවා යන්නේ නෑ,සමහර අය මෙහෙම පදිංචි වෙලා, ඒ කියන්නේ කාට කාටත් මිල්ලේ(යුරෝ) සොයා ඇති උනෙත් නැ,ඇති වෙන්නෙත් නෑ.කම්මැලියා ලෝකේ කොහේ ගියත් පරදිනවා..

(මෙතන ක්ලික් කරන්න ඊයේ ආපු අයදුම්පත් ප්‍රමානවල විස්තර තියනවා,ඉතාලියෙන් තිබුනට තේරුම් ගන්න පුලුවන්,නොදන්න දේවල් ගූගල් සර්ච් පාරක් දාන්න)

අදින් වසර 2ට පෙර(2)

ඔන්න ඉස්සල්ල එකේ 2ත් ලියනවා මොකද අද උන දේ අදම දෙන්න ඕනා නේ,ඉස්සල්ලා ඒක බලන්න ක්ලික් කරන්න.
ඔන්න මම 4වෙනි දවසේ දොස්තරලා දැකලා තියනව පොඩි පොඩි චලනයන් මගේ ශරීරයේ, ඒ දැකපු ගමන් අපේ ගෙදරට කෝල් කරලා කියලා තියනවා,දැන් මන් ගැන බලාපොරොත්තු තියාගන්න පුලුවන්,සේරම සාර්තක උනා කියලා,එදාම මේ පුවත අපි ඉන්න නගරයේ පත්තර වල ටීවී වල ගිහින් තියනවා,මොකද ජීවිත අනතුරක් නෑ කියලා රෝහලෙන් දුන්න ගමන් තමා එහෙම පුවත් දාන්නේ නැත් නම් මැරුනම, ඒ වෙද්දී දොස්තරලා හිතලා තියෙන්නේ මම කෝමා තත්වයකට යයි කියලා,එහෙම උනොත් වැඩේ බරපතලයි නේ.ඒත් දොස්තරලවත් පුදුම කරලා මම 4නි දවසෙ ඇක්ටිව් වෙලා. එහෙම ඇච්ටිව් උනාම සිහිය ගන්න ක්‍රම තියනව ලු ඒත් එහෙම කලොත් යම්කිසි අතුරු පල ඉතුරු වෙනවලු,කොටින්ම කිවුවොත් සර්කිට් අප්සට් යන එක තමා,එහෙම උනොත් කියන්න දෙයක් නෑ නේ එහෙම ජීවත් වෙලත් වැඩක් නෑ නේ,ඔන්න ඉතින් දැන් තමා ගෙදර කට්ටිය සන්සුන් උනේ,මේ වෙද්දි පල්ලි පන්සල් බාර හාර ගනන් කරන්න බැරි තරම,හොද උනාට පස්සෙ එක එක්කෙන ඇවිල්ලා මාව එක්කගෙන යනවා ඒව ඔප්පු කරන්න,ලංකාවට ගිහමත් එහෙම උනේ.
ඔන්න දැන් දොස්තරල තීරනය කරලා තියනව මට සිහිය එන හැඩක් තියන නිසා එයාල බලෙන් සිහිය ගන්න ඕනා නෑ කියලා,ඔහොම ඇදුනා තවත් දවස් 3ක් ඒ කියන්නේ 7 දවසේ මම පියවි සිහියට ඇවිල්ල තියනවා, ඒ කියන්නේ මම ආයේ පීල්ඩ් එකට ආවා,උඩින් මාව රිජෙක්ට් කරලා මම හිතන්නේ ටක්කෙටම වීසා ප්‍රශ්නයක් වෙන්න ඇති , පල ආයේ පොලවට කියලා මාව හැරෙන යානයේම එවලා. අපරාදේ මට එහෙ වැඩ කිඩ මතක නෑ නේ,තිබුනනම් ලියනව තව පෝස්ට් එකක් එහෙ හැටි.
ඔන්න 8නි දවසේ මට පුන්චි මතකක් තියනවා මන් ලගට දොස්තර කෙනෙක් ඇවිල්ල මගෙන් ගොඩක් ප්‍රශ්න ඇහුවා ඒක මට මතකයි,,ඒත් මොනාද ඇහුවේ කියලා මතක නෑ. ඒ අහලා තියෙන්නේ මම ගැන විස්තර,මගේ මතකයේ තියනවද කියලා බලන්න,හොද වෙලාවට මගේ මතකයට කිසිම හානියක් වෙලා තිබුනේ නෑ. තව මතකයි ඩොකා පෝන් එකක් දුන්න අම්ම එකෙන් කතා කලා,මොනාද කියල මතක නෑ, ඔන්න එදා මාව වාට්‍ටුවට මාරු කලා සුපිරි කාමරයක්,වාට්‍ටුව ස්නායු සම්බන්ද වා‍ටුවක් නිසා සුපිරි,, ඒත් එදා දේවලුත් මට මතක නෑ පොඩි පොඩි මතකයන් තියෙන්නේ, හැබැයි මට මා සම්බන්දව හිටිය ඩොකාවයි තව නර්ස්වයි නම් තාමත් හොදට මතකයි,ලස්සන තරුන කෙල්ලෙක් නේ එක වෙන්න ඇති,ගෙදරින් එනකන් මම ලගටම වෙලා හිටිය මතකයි. ඔන්න ගෙදරින් ඇවිල්ල කට්ටියම පුල් හැපි එකෙන්,මාත් එක්ක කෙනෙක් නවතින්න කිවුවා ලු රෝහලෙන්.
අම්මා කියන අකුරු තුනේ හරිම තේරුම මම ඉගෙන ගත්තේ මේ සිද්දියත් එක්ක,එද ඉදන් දවස් 20ක් යනකන් මගේ අම්මා ගෙදර ගියේ නෑ,,මාව දාලා,තවත් දවස් 5ක් විතර යනකන් මට ඇවිදින්න පුලුවන් කමක් තිබුනේ නෑ,අනික මට තිබුන වේදනාවට මම නිදා ගත්තම ගොඩක් දගලනව ලු, ඉතින් සේලයින් ,ලේ බෑග්,මුත්‍ර බෑග් ගැලවෙන හින්දා අම්මා ‍රැ ඇහැරගෙන ඉදලා තියෙන්නේ, ඒ මදිවට මගේ මූන දැක්කහම බය වෙන පෙනුමක් මට ඒ වෙද්දී තිබුනේ මගේ එක ඇහක් වැහිලා, ඒ මදිවට ඔලුව කපපු පාර ප්ලාස්ටර් ගලෝලා තිබුනේ,අර ස්ටේප්ර් ක‍ටු පේලිය,ඒව දකිද්දී මටත් බය හිතුනා,මම හිතුවේ මට සොරි තමා කියලා, ඒ මදිවට මාව නර්ස් ලා පලවෙනියට ඇවිදින්න බස්සපු වෙලේ මට ඇවිදින්න පුලුවන් කමක් තිබුනේ නෑ,,මම ඇඩුවා එදා මම හිතුවේ මට ඇවිදින්න බැරි වෙයි කියලා, ඒත් කොහොමහරි ටිකෙන් ටික ආයේ ඇවිදින්න ගත්තා ඒත් සේරියාව කැඩුන සරුංගලේ වගේ තමා,මට කෙලින් ඇවිදින්න බැරි උනා රෝහලේ ඉන්නකන්ම,,,ගෙදර අය ආවහමත් මාව අල්ලගෙන ඇවිද්දන එක තමා කරන්නේ.ඒ දවස් වලා මම කතා කරන වේගයත් බොහොම වැඩීලු.ගෙදර අය බය වෙලා මේ මොකද මූට වෙලා තියෙන්නේ කියලා ඒ පාර. සාමාන්ය මිනිහෙක් කතා කරා වේගය මම ඉක්මවලා ගිහින්,ඩොකාලා කියලා එක හරි යයි කියලා මම ගෙදර එද්දී ඒක හරි ගිහින් තිබුනා,අනිත් එක මම අහන ඒවට නෙමේලු උත්තර දෙන්නේ, ගෙදර අය හිතලා තියෙන්නේ හරි මගේ ස්ර්කිට් ගිහින් තමා කියලා,මොලෙත් එක්ක නේ මේ සෙල්ලම උනේ,ඒත් ඩොකාලත් මුලදී හිතාල තියෙන්නේ මට පොඩි ස්ර්කිට් අප්සට් එකක් හිටී කියලා,මගේ වාසනාවට අනේ එහෙම කිසි දෙයක් හිටියේ නෑ,ඒකම දේ හිටියේ මගේ බ්‍රැන්ඩ්නිවු ඔලුව රීකන්ඩිශන් උන එක විතරයි.කොහොමහරි ඔහොම දවස් 20ට පස්සේ මම ගෙදර ආවා රෝහලෙන්
ඒ ඇවිල්ලත් මම අම්මට දුන්න වදයක්. ඒවෙද්දී මම අවුරුදු 3,4 මට්ටමට වැටිලා හිටියේ,වැසිකිලියට එක්කගෙන යන වැඩෙත් අම්මටම කරන්න උනා,කොහොමහරි මම මේ වගේ තවත් මාස 2ක් විතර අර සේරියාව කැඩුන සරුංගලේ වෙලා හිටියේ,කෙලින් ඇවිදින්න බෑ,ඒ එක්කම අර ඇහැක් වැහිලා ඒක හිමින් හිමින් හරි ගියා 3 මාසෙකට පස්සේ,ඒ වෙද්දී ඇවිදින එකත් හරි ගියා.ඔන ඕක තමා අදින් 2වසරක පෙර මගේ ජීවිතයේ අමතක නොවෙන සිදු වීම උනේ.

Monday, January 31, 2011

අදින් වසර 2ට පෙර (1)

2009 පෙබරවාරි 1 දින එදින මම සවස 5ට ආසන්නව ගෙදරින් පිට උනේ ඊට සති 2ට පෙර මාහට ලැබුන ‍රැකියාවට පිටත් වීමට,‍රැකියා ස්තානය මාගේ නිවසට ආසන්නව පිහිටා තිබීමත් මම ඉතා ආසාවෙන් සිටි උයන පිහින ‍රැකියාවක් නිසා නව ‍රැකියාවට මම ගොඩක් ආසාවෙන් හිටියේ ඒ වගේම මගේ පුහුනු කාලයද අවසන් වන දිනය බැවින් මම ගෙදරින් පිට උනේ ඉතාමත් ප්‍රීතියෙන්. ආ මේ ‍රැකියාව පීසා අවන්හලක,ඒ වෙද්දි මාගේ ඉතාලි ජීවිතයේ තෙවන වසර,මේ පීසා අවන්හල නිවසට ආසන්න නිසා පාගමනින් ‍රැකියාවට යන පුරුදු වෙලා හිටියේ විනාඩි 5ක ගමනක් නිසා.ඉතින් එදා මම යන මාර්ගයෙ හමුවන පලමු පාර මාරුවන ස්තානයෙදිම මා පාර මාරු වීමට සූදානම් වී මා හට පාර මාරු වීමට ඉඩ දුන් වාහනය පසු කරනවත් එක්කම පාර කෙලවරේදි මා දෙසට ආවේ අධික වේගයෙන් මෝටර් බයිසිකලයක්.
ඔන්න ඉතින් කතාව මට ගෙනියන්න වෙනවා ඉස්සරහට මොකද එතන සිදු වුන දේවල් මට මතක නැති හින්දා,කතාව යනවා මට මතකයේ ඇති විදිහට 8 වෙනිදට ඒත් මට වැඩි මතකයක් නෑ මම මොනා කතා කෙරුවද කව්ද හිටියේ කියලවත්,ඒතන මාව වට කර ගෙන හිටියේ ඉතාලි ජාතිකයින් වගයක්,තවත් මාව වට කරගෙන යන්ත්‍ර රාශියක්, එදා තමා මට සිහිය ඇවිල්ල තියෙන්නේ මෙච්චර දවසක් මම ඉදලා තියෙන්නෙ දැඩි සත්කාර ඒකකයේ,එදා මාදෙසට ආපු මෝට බයිසිකලය මාව යට කරලා, ඒ වෙලාවේ එතන මම පාර පනිද්දී හිටෝගෙන හිටිය කාරයේ ඉතාලි ජාතික කාන්තාවක්,මාව නොසොල්වා බිම තබා ගෙන ඉදලා ඒත් මම ඒ වෙලාවේ නැගිටින්න හදලා ඒත් ඒ කාන්තාව නැගිටින්න දීලා නෑ,පස්සේ ඇම්බිවුලන්ස් කතා කරලා,,මම ඒ වෙද්දී මගේ මවගේ දුරකතන නම්බරය ඒ කාන්තාවට දීල තියනවා ඒත් මට මතක නෑ ඒවා,ගෙවල් ළගම හින්දා අපේ මාමා එතෙන්ට ඇවිල්ල තියනවා ඒ එද්දී මාව රෝහල කරා ගෙනියන්න ලැස්ති කරලා ඉවර වෙලා, ඇම්බිවුලන්ස් එකට පටෝලා,මාමා මම දිහා බලන් ඉද්දිම මගේ නහයෙන් හා කනින් ලේ ඇවිල්ල තියනව,ඒ එක්කම මම ඇස් 2 වහ ගත්තලු. පස්සෙ රෝහලට එන්න කියලා එයලා මාවත් අරගෙන ගිහින් තියනවාඇත්තටම විනාඩි 10 වැනි සුලු කාලයකදී මම රෝහලේ, ඒ වෙද්දී අපේ ගෙදර කට්ටියත් රෝහලට ඇවිත් තියනව, මෙහෙ හදිසි අනතුරු සිදු වෙලා රෝහලට ගෙනාපු ගමන් කරන්නෙ සි.ටි ස්කෑන් යන්ත්‍රයට ඇතුල් කරන එක,ඒ වෙද්දී එයාලා හොයාගෙන තියනවා මගේ හිස්කබලට හානි වෙලා අබ්යන්තර රුදිර ගැලීමක් කියලා,ඒ එක්කම මගේ ඉල ඇටකීපයක්ම හානි වී ඒවා පෙනහලු ආසන්නයටම ඇවිත් තිබිලා තියෙන්නේ, අර ඉතාලි ජාතික කාන්තාව නිසා ඒ වෙලාවේ මගේ ජීවිතය බේරුනා පෙනහලු වලට හානි නොවී,,මොකද මම නැගිට්ට නම් මම සොරි,
ඉතින් එදා ඉරිදා දවසක් උනත් මාගේ වාසනාවට ඩොකාල රෝහලේ ඉදලා,ප්‍රදාන ස්නායු ශල්ය ඩොකෙක් පවා ඒ ඉරිදා දවසෙ රෝහලේ ඉදලා,ඔන්න අපේ තාත්තා ළගට ආපු රෝහල් හෙදියක් තව පැයකින් උබේ පුතා මැරෙනවා,,ඊට ඉස්සල්ල මේ කොළවලට අත්සන් කරන්න කියල දීලා තියනව මාව සැත්කමට ගන්න.මෙහෙ රෝහල් වල හැටියක් කෙලින්ම සිදුවෙන දේ මූනටම කියන එක. ඒ වෙද්දී මගේ මවගේ රුධිර පීඩනය වැඩි වී මවත් රෝහලටම ඇතුල් කරලා,ඇයි ඉතින් අම්ම කෙනෙක්ට බලන් ඉන්න පුලුවන් දෙයක්ද මට වෙලා තියෙන්නෙ.
ඒ වෙද්දී මාව හප්පපු එකාවත් පොලිසියෙන් අල්ලල,මොකද මූ මාව හප්පලා පැනලා ගිහින්,බයිසිකලෙත් දාලා ඌත් 20 විතර කොල්ලෙක්ලු.ඌව නම් අපි වැඩිය නීති මගින් ගියේ නෑ,උගේ ලයිසන් එක නම් ජීවිත කාලෙටම තහනම් කලාලු.
ඉතින් පැය 4ක සැත්කමකට පස්සේ මාව දැඩි සත්කාර ඒකකයට දාලා තියනවා,ඩොකාලා කියලා තියනව අපේ වැඩේ ඉවරයි දෙවියන්ගේ අතේ තමා දැන් තියෙන්නෙ කියලා,මොකද මම ඉදලා තියෙන්නෙ 90%ම ලොවෙත් නැති වෙන්න යන පැත්තට,ඉතින් ඩොකාල කියලා තියනව මුල් දවස්3 යනකන් මොනවත් කියන්න බැ කියලා, ඒවෙද්දී මගේ ඔලුව සැත්කම සාර්තකව කරලා තියනව, මැහුම් 46 දාල,,ආ මැහුම් නෙමේ දාල තිබුනේ ක‍ටු වගයක් ගහලා තිබුනේ, ස්ටේපර් ක‍ටු වගේ,මෙහෙ දැඩි සත්කාර ඒකකයේ සිටින රෝගියව බලන්න පුලුවන් කුඩා රූපවාහිනියකින්, ඇතුලට යන්න දෙන්නෙම නෑ,ඔහොම ඉතින් මුල් දවස් 3ම අපේ නෑයෝ සේරම අඩෝලා මම ඉන්නව අරකට වෙලා,ලංකාවේ අපේ ගමේ අය අපේ මහ ගෙදර පිරිලා,ඇයි ආරන්චියක් එනකන් මොකද තත්වේ කියලා,
ඒ අතර මාව දවසට 3ක් එලියට ගේනවලු සී.ටී ස්කැන් එකට දාන්න,ඒ ගේන වෙලාවල් දොස්තරලා අපේ ගෙදරට කෝල් දීල කියනවා,ඒ අතින් නම් මෙහෙ මිනිස්සු ඇත්තටම නියම මිනිස්සු, එහෙම මාව එලියට ගද්දී හෙදියන් ,දොස්තරල මාව වට කරගෙන ලු ගෙනියන්නේ ඇය් ඉමම ඉන්නේ මශින් වලින් නේ, ඒ අතර මග මාව දකින මිනිස්සු කුරුසේ ලකුන දාගන්නවලු.
ඔන්න ඔහොම මම 4 වෙනි දවසේ පොඩි වෙනසක් වෙලා තියනවා බැ‍රැරුම් පැත්තෙන් ආයෙත් පියවි සිහියට එන ලකුණු.ඒ කියන්නේ කොල්ලා ආයෙත් ජීවිත ගේමට එන්ටර් වෙන්න.
ඉතින් මම ඊළග හරිය කොටසක් විදිහට දාන්න යන්නේ,,,ආ මගේ දැඩිසත්කාර ඒකකයේ හිටිය පොටෝ එකක් අපේ මාමා පෝන් එකෙන් අරගෙන තියනව .ඒක පොඩ්ඩක් බලන්නකෝ කොල්ල කොහොමද හිටියේ කියලා.


Wednesday, January 5, 2011

තවත් අනුවේදනීය සිදුවීමක්..

පහුගිය දවස් වල ඉතාලියේ මිලානෝ නගරයේ ශ්‍රි ලාංකික පවුලක සිදුවු අනුවේදනීය සිදුවීමක් මට අහන්න ලැබුනා...ඇත්තෙන්ම සිදුවීමෙදී තාක්ශණයේ පිහිටෙන් සුබ පුවතක් ඉතුරු වෙලා තියනවා.
මිලානෝ නගරයේ පදිංචිව තරුන කාන්තාවක් පහුගිය 27 වෙනිදා මිලානෝ නගරයේ රෝහලකදී මිය ගිහින්,ඒත් මේ කාන්තාව රෝහලට ඇතුල කරලා තියෙන්නේ ඊට මාස 2 ට පෙරදී, ඒ වෙද්දී ඇය සිවු මස් ගැබිනියක් වෙල ඉදලා තියෙන්නෙ, රෝහලට ඇතුල් කරන විටත් මොළයට විශබීජයක් ඇතුල් වීමෙන් ඇයගේ මොළය මිය ගිහින් තිබිලා තියෙන්නේ, ඒත් එම රෝහලෙන් ඇයව ස්වසන යන්ත්‍රයක් මාර්ගයෙන් මාස 2 පමන තබාගෙන ඉදලා දරු ගැබට මාස 6 පහු උනාට පස්සේ සැත්කමක් මගින් දරුවා බිහි කර ගන්න හැකි වෙලා තියනවා,පස්සේ ඇගේ සැමියාගෙ කැමැත්තෙන් ස්වසන යන්ත්‍රයයෙන් ඇයව ඉවත් කරලා. බිළිදා නිරෝගිව ජීවත් වෙනවා. තවත් මාස 3ක් පමන බිළිදා රෝහලේ තිය ගන්නව ලු මොකද 6 මාසෙන් එලියට ආපු කෙනා නේ.
ඇත්තෙන්ම අපේ රටේදී මෙහෙම සිදුවීමක් අහන්න වෙන එකක් නෑ,,,මොකද අපේ රටේ දැඩි සත්කාර ඒකක වල මෙවැනි කාලයක් රෝගියෙක්ව තබා ගන්නේ නෑ,,,අනිත් එක මොළය මිය ගිය කෙනෙක් ව,කොහොම හරි ඒ බිළිදට වාසනාව තිබුනා මේ ලෝකේ එළිය බලන්න.