Pages

Wednesday, August 4, 2010

සුපිරි තරුව

සුපිරි තරු තරගයක් ගැන තමා මේ ලියන්න යන්නේ,හැබැයි ලංකාවේ නම් නෙමේ ඉතාලියේ කරපු එකක් ශ්‍රි ලංකික අයට,දැන් ලාංකිකයො ලක්ශ 3 කිට්‍ටු වෙන්න ඉන්නවලු නේ ඉතාලියේ,ඉතින් මෙහෙත් ලංකාවේ තියන දේවලින් නැති දෙයක් නෑ,ඔහොම යද්දී තමා අර ඉතාලියේ ඉදලා රටවල් 150 පේන්න කරන චන්ද්‍රිකා නාලිකාවේ මාධ්ය අනුග්‍රහයෙන් මිලාන් පැත්තේ පොරකගේ අදහසක් අනුව සිරසෙන් සුරේන්ද්‍රලා ජනප්‍රිය උන කාලේ ඔන්න ඉතාලියේ ඉන්න ලාංකික අයටත් සුපිරි තරු තරගයක් සංවිධානය කෙරුවේ,මාස ගානක් තිස්සේ අර නාලිකාවෙන් මාර ප්‍රසිද්දියක් දුන්නා වැඩේට,පලමු තෑග්ග යූරෝ 10000 හෝ ඒ වටිනාකමට තියන ටොයෝටා විට්ස් වර්ගයේ කාරෙකක්, දෙවන තෑග්ග යුරෝ 5000, තෙවන යුරෝ 3000, පස්සේ 10 දක්වා යුරෝ 1000 ගානේ සෙල්ලම් නෑ නේ තෑගි...
මේ ගැන ලියන්න ගත්තේ මගේ යාලුවෙකුත් මේකට ගියා,අර නාලිකාවෙන්ම කියනව අයදුම්පත් ඉදිරිපත් කරන්න කියලා,අයදුම්පත් නගරවල තියන ලාංකිකයන්ගේ වෙළදසැල්වලට එවලා තිබුනා,ඔන්න මගේ යාලුවට සුපිරි තරුවක් වෙන්න ආසාවක් ඇවිල්ලා ගියා අයදුම්පතක් ගන්න,මළා අයදුම්පතක් යුරෝ 30,මොනා කරන්නද ආසවනේ මු 30 දීලා ගත්තා එකක්, ඔන්න ඒක යවලා මාස 3 ට විතර පස්සේ අර නාලිකාවෙන්ම කියනව තරගය ඉතාලියේ ප්‍රදාන නගර 5 පටන් ගන්නවා කියලා මූලික වට,අපි ඉන්න පැත්තකින් තමා පටන් ගත්තේ,ඔන්න අපේ යාලුවත් ගියා ,නගරෙකින් ‍තෝරගන්නේ 10 යි,ඉතින් මේ පටන් ගත්තු නගරේ දවස් 5 විතර කරලා 10 ‍තෝර ගත්තා,ආ කියන්න අමතක උනා නේ මේකට විනිශ්චයට ආවේ විශාරද ඩබ්.ඩී ආරියසිංහ,තව 2ක් හිටියා ඉතාලියෙන් ඇහිද ගත්තු,ඔන්න අපේ යාලුවත් තේරුනා 10 අතරට, 10 ‍තෝරන්න 150 විතර කට්ටිය ඇවිල්ලා තිබුනා,ඒ තරග අර නාලිකාවේ විකාශනය කෙරුවා,ඒ තරග වල ඩිවීඩී විකුනුවා තරගකරුවන්ට යුරෝ10 ගානේ...
ඔන්න මේ වගේ තව නගර 3 ක මෙ විදිහට මාස ගානක් කෙරුවා තරග, ඒව අර නාලිකාවේ විකාශනය කෙරුවා.දෙවන, තෙවන නගර වල සෙනග වැඩී කියලා 10 නෙමේ ඊට වැඩි ගානක් ‍තෝර ගත්තා,අර විශාරදත් ඉතින් මේ සේරටම ඉන්නවා.
මේ විදිහට මිලාන් නගරෙට ආවා,එහේ පරන විදිහට ‍තෝරන්නේ නැතුව මිලාන් නගරේ අවසන් තරගේ කියලා,මිලාන් නගරෙන් ආපු අයදුම්පත් වල කට්ටිය එක්ක අර අනිත් නගර වලින් ‍තෝරගත්තු කට්ටියවත් තරගෙට කැදෙවුවා,මේ විදිහට අර වටේ මේ වටේ කියලා හැම ඉරිදම තරග තියනවා, ‍තෝරනවා කපනවා,අපේ යාලුවත් ඉතින් තරගෙට යනවා හැම ඉරිදම පොරට උනේ,අපි ඉන්න නගරේ ඉදලා මිලාන් නගරෙට පැය 16 යනවා,ගුවන් යානයෙන් නම් පැය 2 කිට්‍ටුවෙන්,ඒත් වියදම වැඩී,ඔහොම යද්දී ඉරිදා තරග ඉවර වෙලා දුම්රියෙන් එද්දී සදුදා වෙනවා,යාලුවා වැඩට යන්නේ අගහරුවාදට,ඔහොම යද්දි මූට ජොබ් එක නැති උනා,ඒ උනාට සුපිරි තරු උන අත ඇරියේ නෑ,කොල්ලට හොදට ගායන හැකියාව පිහිටලා තිබුනා,ඒ වෙද්දී කොල්ලට හොද ප්‍රතිචාර තිබුනා,විශාරදතුමා ගෙන් පවා..
ගායන හැකියාවක් තියන ගොඩක් අය හිටියා තරගෙට,ගොඩක් අය හලාවත ඉදලා ජාඇලට යනකන් මුහුදු තීරේ අය තමා හිටියේ මේ කට්ටියට ඇත්තටම ගායන හැකියාව තියනවා,මෙහෙම යදිදි අර්ධ අවසන් පූර්ව තරග ආවා,ඔන්න එතකොට එස්.එම්.එස් ගහන්න පුලුවන් ඉතාලියට විතරක් නෙමේ යුරෝපෙ අනිත් රටවල ඉදලා,මැදපෙරදිග ඉදලා ලංකාවේ ඉදලා,විශේස අංක වගයකුත් දාලා තිබුනා රටරට වලට,ඒවා විකාශනය උනා අර නාලිකාවෙන්,ඔන්න තරගය නැවතුනා මාස 3ට,මාස 3 එස්.එම්.එස් කරන්න පුලුවන්....
ඔන්න අර නාලිකාවෙන් නැවතත් කිවුවා මාස 3ට පස්සේ,අර තරගයේ අවසන් තරගය කියලා,ඔන්න අපේ යාලුවත් ගියා අයෙත්,,,,බලද්දී අවසන් කිවුවට අවසන්ම නෙමේ වෙන මොකද්ද එකක්,අයේ ‍තෝරනව එස්.එම්.එස් වලින්,අවසන් 10 තොරන්න කියලා,තරගකරුවට විතරයි ශාලාවට ඇතුල් වෙන්න පුලුවන්,අනිත් අය ටිකට් අරගෙන යන්න ඕනා,ඔන්න අවසන් තරගේ අයේ ආව,කොහොමද දන්නේ නෑ 10 ජයග්‍රහන කෙරුවා,අපේ යාලුවට පලමු 3න් එකක් ලැබුනා, උගේ හැකියාවනම් හොදටම තිබුනා,මේ අවසන් තරගේ විතරක් අර නාලිකාවෙන් විකාශනය කෙරුවේ නෑ,විශරදත් නෑ, අපේ යාලුවා කුසලානයක් එක්ක,අර ලොකු කාඩ් බෝර්ඩ් මොඩල් චෙක් එකකුත් අරගෙන පහු වෙනිදා ගෙදර ආවා, සල්ලි තරගේ සංවිදායක ගිනුම් දෙන්න දෙන්න ඒකට දන්නම් කිවුවලු,යාලුවගේ ගෙදර ගියවෙලේ දැක්කේ අර චෙක් එක,තාම නම් සල්ලි හම්බුනේ නෑලු, සංවිදායකගේ දුරකතන වැඩකෙරුවෙත් නෑලු එද ඉදලා,කොල්ල හොයල බැලුවලු,මෑන්ට වෙච්ච දෙයක් නෑලු,10න් කාටවත් ජයග්‍රාහී සල්ලි හම්බුනෙත් නෑලු,නාලිකාවත් සද්දයක් නෑලු..........
(ඕනනම් බලන්න වීඩියෝ තියනවා යුටියුබ් හී lincon super star in italy කියලා හොයල බලන්න)