Pages

Wednesday, May 26, 2010

සේපාල ඒකනායක



මේ කතාව නම් ටිකක් පරන කතාවක් නේ,මම මේ ගැන ලියන්න හිතුවේ අපේ මාමා ඊයේ මෙයා ගැන කතා උනා ඉතින් මම බ්ලොග් එකට ලියන්න හිතුවා,මම හිතන්නේ ල0කාවෙන් බිහි උන එකම හයිජැකර් එහෙම බලද්දි එයා ඇත්තටම වීරයෙක් ප්ලේන් එකක් උස්සනව කියන්නේ පොඩි වැඩක් නෙමේ නේ,මෙයා ප්ලේන් එක උස්සලා තියෙන්නේ ඉතාලියට පාඩමක් උගන්නන්න, ඒ කාලේ ඉතාලිය හොදට බය වෙන්න ඇති මොකද ඒ කාලේ මුස්ලිම් අන්තවාදී සන්විධාන බටහිර රටවල ගුවන් යානා හයිජැක් කරලා මහ විනාශ කරපු කාලයක්,මෙයාගේ කතාව යන්නේ සේපාල ඉපදිලා තියෙන්නේ 1949 මාතරදී දකුනේ පොරක් කියන්න දෙයක් නෑ යක්කුන්ටත් බය නැති කට්ටියනේ ඉන්නේ.
සේපාල 1972 දී ජර්මනියට යනවා ඒ කාලේ මේ රටවලට යන එක මහ ලොකු දෙයක් නෙමේ ලු එහෙදි තමා සේපාලට ඉතාලි කෙල්ලෙක් සෙට් වෙලා තියෙන්නේ ,පස්සේ එයාලා විවාහ වෙලා ඉතාලියට ඇවිත් තියනවා 1980 දී බිරිදගේ නම Anna Aldrovandi එයාලා ඉදලා තියෙන්නේ ඉතාලියේ මෝදනා කියන නගරේ, එහෙදී පුතෙක් හම්බවෙනවා එයා ප්‍රී ඒකනායක, මේ කාලෙ තමා සේපාලගේ ඉතාලියේ නැවතිමේ බලපත් මොකක් හරි හේතුවකට ඉතාලි පොලිසියෙන් අරගන්නේ පස්සේ සේපාලට ලන්කාවට එන්න වෙනව මේ හේතු හින්දා පස්සේ ලන්කාවේ ඉතාලි එම්බසියෙන් වීසා ඉල්ලනවා ඒත් එතනින් සේපාලට වීසා දෙන්නෙත් නෑ මෙයා ඉතාලියට පාඩමක් උගන්නන්න හිතාගන්නේ එතනින් බිරිද දරුවා ඒ වෙද්දි ඉතාලියේ, වැඩේ පටන් ගන්නේ සේපාල වීසා අරගන්නවා ජපානෙට යන්න ඒ ඉතාලි අලිතාලියා ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් යන්න,ඉන්දියාවෙදි තමා මෙයා ගුවන් යානයට ගොඩ වෙලා තියෙන්නේ,ගුවන් යානය මගීන් 340 එක්ක යන බෝයින්ග් 747 යානයක් ඒ 1982 දී,සේපාල ඉන්නවා සේප් එකේ වෙලාව එනකන් යානය අඩි 35000 මට්ටමට එනකන්,පස්සේ බොරු වයර් කැලි එක්ක බොරු බෝම්බ ඇදුමක් ඇදගෙන යානය එයාගේ යටතට ගන්නවා,යානය බස්සවගන්නව තායිලන්තයට සේපාලගේ ඉල්ලීම බිරිද , දරුවා එක්ක ඩොලර් 300000 ක්,ඉතාලි රජය ඒ ඉල්ලිම ඉ‍ටුකරනවා සේපාල යානය මුදාහරිනවා.
පස්සේ තායිලන්තයේ හිටපු ලන්කාවේ තානාපති සේපාලව ලන්කාවට යවන්න වැඩේ සෙට් කරනවා, ලන්කාවෙදි අත් අඩන්ගුවට අරගන්නවා,මරු වැඩේ කියන්නේ එතකොට අපේ නීති පොතේ ගුවන් යාන උස්සනවට නීතියක් තිබුනේ නැලු ඊට ඉස්සල්ලා කවුරුත් ප්ලේන් උස්සලත් නැ පස්සෙත් උස්සලා නෑ තමා,එතකොට හිටපු ජේ.ආර් මහත්තයා නීතියක් හදල සේපාලව අවු.5 ට හිරේට යවල තියනවා,සේපාලගේ බිරිද දරුවා ආයේ ඉතාලියට ගිහින්,සේපාල පස්සේ ලන්කාවෙදි විවාහ වෙනවා,මේ ලග කාලෙකදි සේපාලගේ දරුවා ප්‍රී එකනායක ලන්කවට ඇවිත් තිබුනා කියලා මම පුවත් පතක දැක්කා,මොනවා උනත් ආදරය වෙනුවෙන් නියම වැඩක් කරපු නියම වීරයෙක් නේද,ඔන්න වීරයෙක් ගේ කතාව....

Sunday, May 23, 2010

බඩ ඇතුලෙන් එලියට ගත් දේ...

මේක ටිකක් විතර හිනා යන කතාවක් මගේ හිතවත් කෙනෙක්ට උන,එයත් ඉන්නෙ ඉතාලියෙම තමා,ඔන්න එයාට ටික කාලෙක ඉදලා බඩේ අමාරුවක් තියනවා මුල් දවස් වල දෙහි බොනවා,ඉගුරු බොනවා වැඩේ හරි ගියේ නෑ පස්සෙ ඉතින් පාමසි වලින් බඩේ අමාරුව කියලා බේත් අරගෙන බොනවා ඒත් හරි ගියෙ නෑ බඩේ අමාරුව දැන් මාස 2 විතර ඇති ලෙඩේට බැරිම තැන ගියා ඉස්පිරිතාලෙට, එතනිනුත් ඉතින් දුන්නා බෙහෙත් ඒ වෙලවට බඩේ අමාරුව හරි යනවා,ආයෙත් දවස් 2,3 අමාරුව ආයෙ එනවා, ආයේ ගියා ඉස්පිරිතාලෙට ඔන්න ඩොක් ලා කියනව බඩ ඇතුල චෙක් කරන්න ඕන කියලා,ඔන්න ඉතින් වෙලාවක් වෙන් කර ගෙන යනවා චෙක් කරන්න,එන්ඩස්කොපි කියනවා අර කොපි කියනවා මේ කොපි කියනවා, කට ඇතුලෙන් කැමරා යවනවා පස්ස පැත්තෙන් කැමරා යවනවා, රිපෝර්ට් වලින් කියනව මොනවත් ලෙඩක් නෑ කියලා.
ඒ උනාට බඩේ අමාරුව හරි යන්නෙත් නෑ,ඔන්න ආයෙත් හිතවත් ඉතාලි කෙනෙක් මෙයාව එක්කගෙන යනවා ඩොක් කෙනෙක් ගාවට මිනිහා ටිකක් වැඩ කාරයෙක්ලු,දැන් මාස 6 විතර මේ බඩේ අමාරුවට,ඔන්න ඒ ඩොක් යවනවා පස්ස පැත්තෙන් කැමරාවක්, ඔන්න වැඩේ අහුවෙනවා ආමාෂය ඇතුලේ පොඩි බ්ලොක් එකක් තියනවලු, ඩොක් තවත් චෙක් කරල කියනවා මොකක් හරි හිර වෙලා තියනවා කියලා,ඩොක් කියනවා ඒක එලියට ගන්න පුලුවන් කියලා ඔපරේට් කරන්නේ නැතුව අලුත් තාක්ෂනයෙන් ඩොක් කටින් බටයක් යවලා හිර වෙලා තියන එක ගන්නවා එලියට,ඩොක් ඒ ගත්තු දේ සුද්ද කරලා ඔලුවේ අතගහ ගන්නවා මොනවද දන්නවද තිබුනේ,,,,ටූත්පික් එකකින් බාගෙකටත් වැඩි කෑල්ලක්,ඩොක් අහනව කොහොමද මේක ගිල්ලෙ කියලා,අපේ එක්කෙනාට මතක නෑ, මෑන්ටත් හොදටම හිනා,ඩොක් ටූත්පික් කෑල්ලත් දීලා ඒකත් අරගෙන ගෙදර එනවා වීරයා වගේ, මේක කියපුවහම අපිටත් බඩ අල්ලගෙන හිනා,දෑන් අපේ එක්කෙනා කල්පනා කරනවා කොහොමද මේක ගියේ කියලා, වැඩේ මතක් වෙනවා, ටූත්පික් ගහන්නෙ කන දේකට බැදපු ඉස්සන්ට නේ, ඒ කියන්නේ පාටි එකකදි තමා මේ වැඩේ වෙලා තියෙන්නේ,අපේ එක්කෙනා ඩ්‍රින්ක් අරගෙන හොද සිහියෙන් කොහොම හරි දෙයකින් ඉස්සව ටූත් පික් එකත් එක්ක ගිලල තියනවා,ඔහොම තමා ටූත්පික් එක බඩට ගිහින් තියෙන්නේ,ඩොක් කියලා තියනවා මේක තව කාලයක් බඩ ඇතුලෙ තිබුනා නම් ලොකු රෝගයකට ආරම්භයක් වෙයි කියලා..
ඔන්න මතක තියාගන්න කන බොන වෙලාවට පරිස්සමින් මේ වගේ අපේ හොද්දට දාන සියබලා ඇට,ලොකු කුරුදු පොතු වගේ දේවල් උනත් බඩට යන්න පුලුවන්....

Sunday, May 16, 2010

නොකියා N 96 කතාව

මේ සිද්දිය උනේ මගේ යාලුවෙක්ට, ඉතාලියේ ඉන්න පොරක් තමා ඔන්න දවසක් පොර ඉන්නවා වැඩ ඉවර වෙලා එහෙම පාර අයිනට වෙලා,එතකොට මිනිහා ගාවට ආවා ඉතාලි කොල්ලෙක්,බයික් එකක ආවේ,ඇවිල්ලා අපේ මෑන් ට පෙන්නුවා අලුත් ම නොකියා N96,පෙට්ටියත් එක්කම තමා තිබුනේ, අපේ එකාට කිවුවා පෝන් එක විකුනනවා 100€ කියලා,අපේ එකත් බැලුවා මාර වැඩේ නේ 100€ N96 ක් , ඒ වෙද්දී පෝන් එක 450€ විතර වෙනවා කඩේ, දැන් අපේ එකත් මේ පෝන් එක ගන්න ආසාවක් ආවා මොකද 100€ නේ අලුත්ම පෝන් එක නේ, ඉතාලි කොල්ලත් අපේ එකාව හොදට අන්දවලා පෝන් එකේ වැඩ කෑලි පෙන්නලා, ඔන්න අපේ එකා වැඩේට කැමති උනා, ඒත් ඒ වෙලවේ අපේ එකා ලග සල්ලි තිබුනේ නෑ,පොර ටිකක් ඇබරෙද්දි ඔන්න ඉතාලි කොල්ලා ඇහුවා මොකද්ද කේස් එක කියලා,අපේ එකා කිවුවා මේ වෙලාවේ පර්ස් එකේ සල්ලි නෑ කියලා,ඔන්න ඉතාලි කොල්ලා කියනව හරි උබව ගෙදර එක්කගෙන යන්නම් බයික් එකෙන්ම යමු කියලා,අපේ එකත් N96 සිහියෙන්ම නේ ඉන්නේ,අරූ ගෙදර යන්නත් කැමතී නේ , ඔන්න අපේ එකා අරූ එක්ක ගෙදර ගියා සල්ලි දීලා N96 අරගන්න. පස්සේ ඉතාලි කොල්ලා එලියේ අපේ එකා ගේ ඇතුලට ගියා සල්ලි අරගෙන එන්න, සල්ලි අරගෙන ආවා එලියට කොල්ලට සල්ලි දුන්නා,කොල්ලා පෝන් පෙට්ටිය දුන්නා අරු සු‍ටුස් ගාලා මාරු උනා,අපේ එකත් හරි උජාරුවෙන් ආවා N96 අරගෙන, ඇවිල්ලා පෝන් පෙට්ටිය ඇරලා බැලුව,අපේ එකාගෙ ඇස් උඩ ගියේ එතකොට පෙට්ටිය ඇතුලේ තිබුනේ N96 තරමට කපපු පොඩි කොට කෑල්ලක්,ඉතාලි කොල්ලා අපේ එකා සල්ලි ගේන්න ගිය ටිකට ගේම් දීල, අපේ එකා තාමත් තියාගෙන ඉන්නව කොට කෑල්ල එක්ක කැට්ලොග් පොත්,මතක් වෙන්නලු තියා ගෙන ඉන්නේ,ඒ අපේ එකත් ලෝක ආදා ඌත් අහු උනා නේ.ඒ ටිකේ මු හොදටම චාර්ටර් උනා මේ සිද්දිය හින්දා.

Tuesday, May 11, 2010

15€ මිලදීගත් රු.10



මට පිස්සු විනෝදාන්සයක් තියනවා භාවිතයේ තියන හා භාවිතයේ නොමැති මුදල් නෝට්‍ටු එකතු කරන එක ඉස්කෝලේ යන කාලෙ ඉදන් මට මේ පිස්සුව තියනවා,ලොකු එකතුවක් මම ගාව තියනවා,එක එක රටවල මුදල් නෝට්‍ටු මම ගාව තියනවා,මේ පින්තූරෙ තියන නෝට්‍ටුව මම කාලෙක ඉදන් හොයද්දි මේ ලගදි තමා හොයා ගත්තෙ ඊ-බේ එකෙන් මිලදී ගන්න මට ගියා 15€,මොනා කරන්නද ආසාවට ගත්තා මිසක් වැඩේ පාඩුයි ද කියලත් හිතෙනවා,මොකද මම මීට ඉස්සල්ලා එහෙම මිලදී අරගෙන නෑ,ලන්කවෙදි නම් මිලදීගෙන තියනවා,පුදුම වැඩේ කියන්නේ මේ නෝට්‍ටුවේ අයිතිකාරයා ප්‍රන්ස ජාතිකයෙක්,මම අන්තිම පාර ලන්කාවට ආපු වෙලෙත් මේ නෝට්‍ටුව හෙවුවා,මේ නෝට්‍ටුව එක්ක රු.20, රු.50 ,රු.100 මුදල් නෝට්‍ටු කාණ්ඩයක්ම තියනවා,මම හිතන විදිහට ලන්කාවෙ මුදල් නෝට්‍ටු වල තිබුන ලස්සනම නෝට්‍ටු සෙට් එක,මෑත කාලෙ ඒවා නම් කිසි ලස්සනක් නැ.මගේ විනෝදාන්සයට මම අදුනන ගොඩක් අය මට හිනවෙනවා, මේක හොද විනෝදාන්සයක් මට හිතෙන විදිහට.(පොටෝ එක මම නෙට් එකෙන් අරගත්තේ)

Monday, May 10, 2010

ඉතාලි රජයෙන් අපිටත් බෝනස්...

ඔන්න ලන්කාවෙ ගෑස් මිල,කරන්ට් බිල වැඩි උනා කියලා දැනගත්තහම තමා මට මතක් වෙලා මේ ලිපිය ලියන්න ගත්තේ,ඉතාලි අගමැති සිල්වියෝ බෙරලොස්කෝනි මහත්තයා ඉතාලියේ ඉන්න අඩු ආදායම් ලාභී අයට පහු ගිය වසරේ ඉදන් කරන්ට් බිලට,ගෑස් බිලට බෝනස් එකක් දෙන්න ගත්තා,ඒ කියන්නේ බිල් වලින් 30% වගේ කොටසක් ඉතාලි රජයෙන් ගෙවනවා,මේ වසරටත් පහු ගිය මාර්තු 30 වෙනකන් අයදුම්පත් බාරගත්තා,බෙරලොස්කෝනි මහත්තයා විදේශිකයන්ව අමතක කරලා දැම්මෙ නැ,විදේශිකයන්ටත් එක්ක තමා මේ චාන්ස් එක දුන්නේ,ගොඩාක් විදේශිකයන්ව මේ අටේ අහුවෙන්නේ අඩු ආදායම්ලාභී ගොඩට හින්දා ගොඩක් අයට චාන්ස් එක හම්බ උනා. හැබැයි බෙරලොස්කෝනි මහත්තයව වෙන්නප්පුව පැත්තට ගෙනල්ලා පෙන්නුවොත් මාර ජන්ජාලයක් වෙයි,හදල තියන ගෙවල් ටිකයි,පෝටිකෝවෙ හිටවල තියන වාහන ටිකයි දැකලා,අපි කට්ටියවම ඉතාලියෙන් පිට කරයි ද දන්නෙත් නෑ,...
ආ තව එකක් කියන්න අමතක උනා පහු ගිය වසරේ බෙරලොස්කෝනි මහත්තයා තව බෝනස් එකක් දුන්නා,වයස 3 ට අඩු පොඩ්ඩො ඉන්න අඩු ආධායම්ලාභී පවුල් වලට,සෙල්ලම් නැ දුන්නේ මාසෙට 80€ පුරවපු මාස්ටර් කාඩ් එකක්,දුන්නෙ නම් පොඩි ලමයින්ට උවමනා බඩු ගන්න කියල තමා,සුපර් මාකට් එකෙන් බඩු අරගෙන අර කාඩ් එකෙන් ගෙවන්න තිබුනේ,නියම වැඩේ කියන්නෙ අපෙ ගොඩක් කට්ටිය අර කාඩ් එකෙන්ම ගෙවන්න ලමයින්ගෙ බඩු වලට අමතරව විස්කි බෝතල් පවා අරගෙන යනව මම ඇස් දෙකෙන්ම දැකලා තියනවා,ඒකෙ ගහල තිබුනෙ නැ නේ මොනාද ගන්න පුලුවන් බඩු කියලා නේද,මේ අවුරුද්දෙ නම් ඒ බොනස් එක ආවෙ නැ අපරාදෙ...
ඔන්න ඔහොම ඉතාලියෙන් අපි ගැනත් බලනවා නරක නැ නේ....බෙරලොස්කෝනි මහත්තයට ස්තුති,මිනිහා ඉතින් ලෝකෙ ලොකුම සල්ලි කාරයන්ගෙ ලිස්ට් එකෙ ඉන්න කෙනෙක් ලු නේ,තව වැඩි වැඩියෙන් ලැබේවා!!!

Wednesday, May 5, 2010

ඉතාලි බල්ලා.......

ඉතාලියේ ඉන්න බල්ලො ගැන නම් මම ලියන්නම හිතාගෙන හිටියේ,ඒ මොකද මම රටවල් 3 ට ගිහින් තියනවා, ඒ රටවල් 3 න් ඉතාලියෙදි තමා මම දැක්කේ බල්ලන්ගේ තරම,බල්ලන්ට තියන සැපක්,කොල්ලෙක් විදිහට වෙලාවකට මට මේ ඉතාලි බල්ලෝ ගැන මහා ඊරිශියවක් ඇති වෙනවා ඇත්තටම,ඉතාලියෙ ඉන්න අය නම් දන්නව ඇති නේ බල්ලන්ට තියන සැප.
අපේ ගමේ ඉන්න බල්ලෝ අපිට මොන තරම් ගරු කරනවද, උන් කන්නෙත් අපි කාලා ඉතුරු වෙන දේ,රෑට ඩියුටියත් කොහොම හරි පොඩ්ඩක් හරි කරනව නේ,ඒ ටොමියලා,ටාසන් ලා හැමදාම අපි වෙනුවෙන් නැට්ට හරි වැනුවා.ඒකට ඉතාලියෙ ඉන්න බල්ලො මුන් නිකන් හිතාගෙන ඉන්නෙ තාමත් රෝම අධිරාජ්ජයේ ඉන්නවා වගේ ඒ තරමට ඉතාලි බල්ලො උද්දච්ච කමින් පිරිලා,සුපර් මාර්කට් ඇතුලේ බල්ලන්ට වෙනම කෑම, බල්ලන්ට වෙනම ඇදුම් ,කර පටි ,පිගන් කෝප්ප, බලු ගෙවල්,බල්ලන්ට සෙල්ලම් කරන්න සෙල්ලම් බඩු,එහෙම බලද්දි ඉතාලි බල්ලො ගෙනියන්නෙ සුපිරි ජීවිත.
තව එකක් කියන්න ඕනා,මගේ යාලුවෙක් ඉන්නවා එයාට ජොබ් එකක් තියනව බල්ලො 3 දෙනෙක් බලා ගන්න,බල්ලන්ට වෙනම කාර් එකක් තියනවා, වෙනම දොස්තර කෙනෙක් ඉන්නවා,මේ ලගදී බල්ලන්ට නිදියන්න මෙට්ටයක් ගෙනාවලු 2500€ කට,කොහොමද ඒ බලු ජිවිත....
තව යාලුවෙක් කියපු කතාවක් තමා,ඒ යාලුවා ඉතාලි ගෙදරක නැවතිලා වැඩ කරන්නේ දවසක් යාලුවට හොදටම උණ ගැනිලා දවස් 2ක් තිස්සේ උණලු,ඒත් ගෙදර එකෙක් ඇහැක් ඇරලා බලල නෑ, ඒත් ගෙදර බල්ලට උණ ගැනිලා ගෙදර ගෑණි නොකා නොබී හිටියලු බල්ලට උණ හොද වෙනකන් කොහොමද බල්ලගේ තැන...
මම දැකපු දෙයක් තමා ගොඩක් තරුණ කෙල්ලො ලග බල්ලෙක් ඉන්න එක,ඒ බල්ලො ඉන්නෙත් කෙල්ලන්ගෙ කරේ නැගගෙන,කෙල්ල බල්ලගේ මූණ ඉබිනවා,බල්ලා කෙල්ලගෙ මුණ් ලෙව කනවා,හරිම ශෝක් දර්ශන තමා...මේව දකින කොට ඉතින් ඉතාලි බල්ලො එක්ක ඇති වෙන්නෙ මාර තරහවක් තමා ඇත්තටම.
ඉතාලි බල්ලො ගැන ගොඩක් කතා තියනව කියනව නම්,අනිතිමට මම කියන්නම්,මීට අවු.2 විතර ඉස්සල්ලා ආවා ලන්කාවෙන් නලු නිලි සෙට් එකක්,අපිත් ඉතින් එයාල එක්ක කතා කර කර ඉද්දි,මෙතනින් යනවා බල්ලෙක් ව වඩාගෙන ඉතාලි කෙල්ලෙක්,ඒක දැකපු මෙතන හිටපු අපේ ප්‍රසිද්ද නලුවා කියනවා අනේ බන් ලන්කාවේ නලුවෙක් වෙලා ඉපදුනාට වැඩිය හොදයි ඉතාලියෙ බල්ලෙක් වෙල ඉපදෙන එක....

Monday, May 3, 2010

අවුරුදු උත්සවය.....

ඊයේ මෙහෙ අවුරුදු උත්සවය,අවුරුදු උත්සව ගන්නෙ ගිය මාසෙ උනාට,ඊයෙ තමා මෙහෙ උත්සවය ගත්තේ,උත්සවය කෙරුවේ ශ්‍රි ලන්කා සන්ගමයෙන්,ක්‍රීඩා පිටිය හැම වසරකම නගර සභාවෙන් නොමිලේ ලබා දෙනවා,හැම කෙනාම සන්ගමයට බැන බැන හිටියට අවුරුදු උත්සවය බලන්න එනවා හැන්දෑවේ 4 වෙද්දි පිට්ටනිය පිරෙන්න සෙනග,දැන් මම ඉන්න නගරෙත් 1500 විතර සින්හල අය ඉන්නව, කට්ටිය කොහොමත් එන්නෙ හැන්දෑවෙ වෙලා තමා මොකද ඉරිදා දවස නේ,උදේ මමත් නිකමට ගියා උත්සවය පැත්තට,ක්‍රීඩකයො කට්ටියයි,සන්විදානය කරන කට්ටියයි,බලන්න ආපු කට්ටිය 100,150 විතර තමා හිටියේ, කම්මැලි කමේ ඉදලා ටික වෙලවකින් ආයෙත් ගෙදර ගියා ඊට පස්සෙ අපෙ කට්ටිය එක්ක 4 පහු වෙලා තමා ආයෙ බලන්න ආවෙ,එතකොට නම් පිට්ටනිය පිරෙන්න සෙනග.ඒ වෙද්දී තරග ගොඩක් ඉවර වෙලා.
පුන්චි උන්ට තම ගොඩාක් සතු‍ටු මොකද උන් ඉන්නෙ ගෙවල් ඇතුලේ හිරි වෙලා නේ,මෙතෙන්ට ඇවිල්ල පිට්ටනිය පුරා දුවනවා,අනිත් කට්ටිය කොල්ලො ටික මොකද ගෙවල් ඇතුලට වෙල ඉන්න කෙල්ලො ටිකත් මෙතෙන්ට එනව නේ,කෙල්ලො බලන්නත් හොද චාන්ස් එක හින්දා හොදටම ඇදලා මෙතෙන්ට ඇවිල්ලා පිට්ටනිය පුරා ඇවිදිනවා.
පිට්ටනිය වටේට පොඩ්ඩක් ඇහැ යවල බලද්දි දැක්කේ මේ සැරෙත් නියම තරගයක් යනවා, ටීම් 6 විතර වැඩියෙන්ම අරක්කු බෝතල් ඉවර කරන තරගේ තමා ඒ,මම එහෙම කිවුවේ ගිය අවුරුද්දේ උත්සවය ඉවර වෙලා පිට්ටනිය සුද්ද කරද්දී විස්කි බෝතල් 40 විතර හොය ගත්තා කියලා සන්විදානය කරපු කෙනෙක් කිව්වා,හොද තරගයක් නේ එයලාටත් වැඩියෙන්ම බොතල් ඉවර කරපු ටීම් එකට තිලිණයක් දුන්නා නම්.
අපිත් ඉතින් සතුටින් මෙවා බල බලා හිටිය ,මමත් ආසා වෙන් හිටියේ අවුරුදු කුමරි තරගේ බලන්න,නගරේ ඉන්න ලස්සනම සින්හල කෙල්ලව බලන්න ,අනේ ඒක මේ සැරේ තිබුනේ නෑනෙ,මොකද පහු ගිය අවුරුදු උත්සවයෙදි කෙල්ලො 2 ඉදිරිපත් උනේ තරගෙට එක්කෙනෙක් හිටියෙ තුන් කාලෙ ඩෙනිම් කලිසමක් ඇදගෙන,අනිත් කෙනත් ඩෙනිම් කලිසමක් ඇදගෙන,2 ඉදිරිපත් උනෙත් නිවේදකය කට කැඩෙනකන් කියලා කියලා,කවුරු හරි ඉදිරිපත් වෙන්න කියලා,අනිතිමේදි ඉදිරිපත් උන දෙන්නටම ඉදිරිපත් වීමට තැගි දීලා තරගේ නවත්තල දැම්මා.
මේ සැරේ අවුරුදු කුමරිය තේරීම නවත්තල දාලා ඒක හින්ද,අනේ මන්දා ලස්සන ගෑණු ලමයි ගොඩක් හිටියා,එයාලා ඉදිරිපත් වෙන්න බයද,දෙමවුපියො එවන්න බයද කියල නම් මම දන්නෙ නෑ.
ඉතින් මේ සැරේ ජනප්‍රියම ක්‍රීඩාව උනේ කාන්තා කබ ඇදීමේ තරගය,ඒකත් නරක නෑනේ,ඒකට නම් කණ්ඩායම් 6 විතර ඉදිරිපත් උනා,මේ තරගය තිබුනේ අන්තිම අවස්තාවේ,අනිතිමට ජයග්‍රරහණය කලා නියම කණ්ඩායමක් එයලා 10 දෙනාට මම හිතන්නේ කිසිම අපහසුවක් නැතුව කන්ට්‍රේනරයක් උනත් උස්සන්න පුලුවන් කම තිබුනා.
ඔහොම තමා උත්සවය ඉවර උනේ,අලුතින් ආපු ගොඩක් ලන්කවේ අයව හම්බ උනා මෙතනදි,අපෙ ගමේ අය කීප දෙනෙකුත් හමු උනා,එයාලා ලගදි තමා මෙහෙට ඇවිල්ලා තියෙන්නේ,ආරන්චියක් තිබුනා සන්ගීත සන්දර්ශනයක් තියනවා කියලා අවුරුදු උත්සවය ඉවර වෙලා,ඒත් ඒකට අවසරය හමු උනේ නෑලු.ඒකට නම් හේතු ගොඩක් තියනවා,ඉතාලියේ ඉන්න කට්ටිය නම් දන්නවා නේ මොකද අවසර හම්බ වෙන්න නැත්තෙ කියලා.....

Saturday, May 1, 2010

ඉතාලියෙත් සක්විතිලා ඉන්නවා

මට මේ කතාව මතක් උනේ මම ඉගැන්වීමට උපන්නෙමි කියල ලන්කාවටම හොද පාඩමක් උගන්නලා අදටත් කිසිම තොරතුරක් නැතුව අතුරුදන් උන සක්විති සර් ගැන ලියපු ලියුමක කොටසක් මගේ ලග තිබුන ලන්කාවෙන් ගෙනාපු පොතක් අස්සෙ තිබිලා හම්බ උනට පස්සේ.
මම කියන්න යන කතාවත් සක්විති කෙනෙක් ගැන තමා,මේ සක්විති හිටියේ ඉතාලියෙ මම ඉන්න නගරෙම තමා,2005 දී තමා මේ සක්විති මේ නගරෙ හිටපු 75% විතර ලන්කවේ කට්ටියට නියම ගේමක් දීලා පැනල ගියේ,2005 දි තමා මම ඉතාලියට නවතින්න ආවෙත් ඒ දවස් වල මේ සක්විති වැඩේ තමා නගරෙ ඉන්න අපෙ කට්ටිය ගේ කටේම තිබුනේ අඩන, වැලපෙන,ඔවුන්ට හොද වැඩේ කියන අයත් මම දැක්කා.
මේ සක්විති ඒ වෙද්දි පරන කෙනෙක් ඉතාලියෙ මේ නගරෙට.සීට්‍ටු දාන එක, සල්ලි පොලියට දෙන එක තමා මිනිහගෙ බිස්නස් වෙලා තිබුනෙ,මිනිහ ගොඩක් විස්වාශවන්ත විදිහට වැඩේ කර ගෙන ගිහින් තියනව,
සමහර අයගෙන් මිනිහා සල්ලි පොලියට අරගෙන ඒ සල්ලි මිනිහ පොලියට දීල,ඒ කියන්නෙ ගොඩක් කාන්තවො වැඩ කරනව ඉතාලි ගෙවල් වල නැවතිලා, එතනින් ගන්න පඩිය නිකන් තමන් ලග තියා ගෙන ඉන්නෙ මොකටද කියලා අර මිනිහට දෙනව බැන්කුවට දානව වගේ,එතකොට අර මිනිහා පොඩි පොලියක් දෙනවා අර මිනිස්සුන්ට තව නියම සීට්‍ටු වැඩක් කරල තියනව මිනිහා ඒක රත්තරන් සීට්‍ටුවක්, සීට්‍ටුවට ගන්නව 100 දෙනෙක්,සීට්‍ටුව තියෙන්නෙ මාස 16, එක්කෙනෙක් ගෙන් ඒ කාලේ වාරිකය මාසෙට 50€ ,මිනිහගෙ අතට මාසෙට එනවා 5000€, 100 දෙනාගෙ නම් ලියපු රිසිට් පෙට්ටියකින් මිනිහා සීට්‍ටුවට ආපු කෙනෙක් ගේ ලමයෙක් ලවා එක රිසිට් එකක් එලියට ගන්නවා ඒ නම තියන කෙනාට හම්බ වෙනව පවුම් 8 රත්තරන්,ඒ කෙනාගේ සීට්‍ටුව එතනින් ඉවර වෙනව,ඒ කියන්නෙ පලවෙනි වටෙන් එහෙම නම තිබුනොත් ඒ නම තිබුන කෙනාට පවුම් 8 රත්තරන් වලට වියදම් වෙලා තියෙන්නෙ 50€, ඒ වගෙ මාස 16 මේ ලොතරයි ක්‍රමය යනවා මිනිස්සුන්ට රත්තරන් හම්බ වෙනව,16 දෙනා ඉවර උනාම ඉතුරු උන 84 ටම පවුම් 8 රත්තරන් හම්බ වෙනවා,මාර මොලේ ඇති බිස්නස් එක නේද.
මිනිහා මේ බිස්නස් එකත් ජයටම කරගෙන යනවා,මිනිස්සුන්ටත් ඉතින් හරිම ලාභ තියනවා මිනිහා එක්ක බිස්නස් කරද්දි.
ඔන්න මිනිහා අන්තිම ගේමට සෙට් වෙනවා, ගොඩක් කට්ටියගෙන් මිනිහා පොලියට සල්ලි අරගෙන ඒත් මිනිහා පොලියට සල්ලි දෙන එක ටිකක් නවත්තලා,දීල තියෙන්නෙත් පොඩි පොඩි ගනන්,ඒත් මිනිහා මිනිස්සුන්ගෙන් අරගෙන තියනවා ලොකු ගනන් පොලියට මිනිහා ඒ සල්ලි හිර කරගෙන අතින් මිනිස්සුන්ට පොලි දෙනවා,අර රත්තරන් සීට්‍ටුත් 3 විතර අල්ල ගෙන,අර මුල දිනන අයට රත්තරන් දෙන එකත් ටිකක් නවත්තල එක එක බොරු කියලා,මිනිස්සුන්ට මිනිහව හොදටම විශ්වාසයි.
අන්තිම ගේම දෙනව, මිනිහා ඒ වෙද්දි 300000€ අධික මුදලක් එකතු කර ගෙන නගරෙන් මාරු වෙනවා කොහෙද ගියේ කියලා කිසි කෙනෙක් දන්නෙ නෑ, කීප දෙනෙක්ට හාට් ඇටෑක් හැදිලා,එක්කෙනෙක් මිය ගිහින්, සමහර අය අවුරුදු 5,6 හම්භකරපු සල්ලි මිනිහට දීලා,අනේ ඉතින් මිනිහත් සක්විති වගේ අද වෙනකන් තොරතුරක් නෑ.
මිනිස්සු සල්ලි තන්හාවට ගියාම ඔහොම බොරු කාරයන්ට ‍රැව ටෙනව,කොච්චර මෙහෙම සක්විතිලා ගේම් දුන්නත් ටික කාලෙකින් අපෙ සින්හල අයට ඉක්මනින් මේවා අමතක වෙනවා,අයෙත් මෙහෙම බොරු කාරයන්ට අහු වෙනවා.